අමිල චින්තක ගමගේ
මෙවර යල කන්නය සඳහා වී අලෙවි මණ්ඩලය වී ඇටයක්වත් තවම මිලදී ගෙන නැති බව වී අලෙවි මණ්ඩලයේ ඉහළ නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.
මෙය යල කන්නයේ අස්වනු නෙළීම සිදුකෙරෙන කාලවකවානුව වුවත් මුදල් අමාත්‍යාංශයෙන් වී මිලදී ගැනීම සඳහා මුදල් වෙන් නොකිරීම මත වී මිලදී ගැනීමේ හැකියාවක් නොමැති බවද ඔහු කීය. මේ නිසා වී අලෙවි මණ්ඩලය සේම ගොවීන්ද අපහසුතවට පත් වී ඇති බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මේ පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගෙන් අප කළ විමසීමේදී ඔහු සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයෙන් වී මිලදී ගැනීමට මුදල් වෙන් නොකිරීම නිසා තමා වී අලෙවි මණ්ඩලය දෙස හැරීවත් නොබලන බවය.