සුජිත් හේවාජුලිගේ
විදේශයන්හි රැකියා කරන ශ්‍රී ලාංකිකයන් (රට විරුවන්) ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ, වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළිබඳව ජාතික විගණන කාර්යාලය පැවැත්වූ අලුත්ම වෝහාරික විගණනයේ දී තොරතුරු අනාවරණය කරගෙන ඇත.
මේ විගණන විමර්ශනයට අදාළ විශේෂ වාර්තාවක් විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පසුගියදා භාර දී තිබේ. නව පාර්ලිමේන්තුව ස්ථාපනය කළ පසු එම වාර්තාව සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.
රට විරැවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදු වී ඇතැයි කියන දූෂණ, වංචා සහ අක්‍රමිකතා එකිනෙක පිළිබඳව මෙම වාර්තාවෙන් විස්තර කර ඇත. මේ සිද්ධිය පිළිබඳව ජාතික විගණන කාර්යාලය වෝහාරික විමර්ශන ආරම්භ කිරීමෙන් පසු පාඨලී චම්පික රණවකගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වූ ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රටවිරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීම දීර්ඝ කිරීමේ අදාළ ගැසට් නිවේදනය අත්හිටුවීමට නිර්දේශ කළේය.
විදේශගත ශ්‍රමිකයන්ට විදුලි වාහන ගෙන්වීමට දුන් අවස්ථාව අවභාවිත කරමින් රුපියල් කෝටි 120 කට ආසන්න වටිනාකමකින් යුත් විදුලි මෝටර් රථ 119ක් ගෙන්වා ඇතැයි පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී පසුගියදා තොරතුරැ අනාවරණය විය. ඉන් වාහන 75ක්ම ගෙන්වනු ලැබ ඇත්තේ එක් ආයතනයක් විසිනි යැයි එහිදී වැඩිදුරටත් හෙළි විය.