කෞශල්‍යා ලක්ෂානි
රටේ පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා බුද්ධි අංශ වාර්තා මත පදනම්ව අවශ්‍ය සියලු ආරක්ෂක පියවර ගෙන ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පුත්තලම ප්‍රදේශයේ පසුගියදා 24දා පැවති ජනහමුවක් අමතමිනි.
“පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අපේ වගකීමක්. විවිධ ප්‍රදේශවල ආරක්ෂාව අපි වැඩි කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි, බුද්ධි අංශ තොරතුරු මත වේගයෙන් ක්‍රියා කළා, සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමටත් අපි කටයුතු කළා. මම ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ ආරක්ෂාව සහ ආරක්ෂාව තහවුරු කර ඇති බවට සහතික වීමට කැමැත්තෙමි," යැයි ජනාධිපතිවරයා පැවසීය.