අංජුල මහීක වීරරත්න
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයේදී ගන්නා ඡන්ද ප්‍රතිශතය මේ වෙනවිට සියයට 51 ඉක්මවා ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.
විපක්ෂයේ සෙසු පක්ෂ වසරක් තිස්සේ ගොඩනගා ගත් රැල්ල ජනාධිපතිවරයා ජනපතිවරණ රැලි අමතන්නට පටන් ගෙන දින 10 කදී සීසීකඩ කැඩී ගොස් ඇතැයිද ඔහු කීය.
රටේ නිහඬ බහුතරයේ ඡන්දවලින් පමණක් රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධුරයට පත් වීමට හැකියාව තිබෙන බව සමීක්ෂණ වාර්තා තහවුරු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මේ වෙනවිට රනිල් වික්‍රමසිංහ ලබා ඇති ජනප්‍රියත්වය සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීප කළ විමසුමකදී ඔහු මේ බව පැවසීය.