රාජ්‍ය ආයතන 15 ක මුල්පුටු ගැලවෙයි


(දයාසිලි ලියනගේ)
රාජ්‍ය ආයතන 15ක ඉහළ තනතුරුවල වෙනසක් නුදුරු දිනවල ඇතිවන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


වෙසක් පෝයට පෙර මෙම තනතුරු වෙනස සිදු කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙන අතර ඒ අනුව මෙම කටයුතු ඉදිරි දිනවල සිදුවීමට නියමිතය.


උප සභාපති තනතුරුවලට අමතරව අදාළ ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල ද වෙනස්වනු ඇතැයි විශ්වාස කෙරේ. 


රජය බලයට පත්වී වසර දෙකක කාලයක් තුළ රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරකම් කෙරෙහි දැඩි අවධානයෙන් පසුවී තිබෙන ජනාධිපතිවරයා සෑහීමකට පත්විය නොහැකි ආයතනවල ලොකු පුටු සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ද සඳහන්වේ.


මීට අමතරව ආයතන ප්‍රධානීන් ගණනාවක් ගැන ලැබී ඇති පැමිණිලි ද ජනාධිපතිවරයාගේ අවධානයට යොමුවී තිබෙන බව දැන ගන්නට ඇත.