ඉන්දික හේවාවිතාරණ
රාජ්‍ය සේවයේ පුරප්පාඩු ප්‍රමාණය ඉහළ යමින් තිබෙන නිසා රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩු සොයා ගැනීමට හා අතිරේකව සිටින සේවකයන්ගේ ප්‍රමාණය සොයා ගැනීමට සමීක්ෂණයක් සිදු කළ යුතු බව රාජ්‍ය, පළාත් රාජ්‍ය රජයේ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. අදාළ සමීක්ෂණයට අනුව අත්‍යවශ්‍ය සේවාවල පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට කඩිනමින් වැඩපිළිවෙළක් සකස් විය යුතු බවද එම සන්ධානයේ ලේකම් අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.
දැනට සෙඛ්‍ය සේවය, අධ්‍යාපන සේවය, කළමනාකරණ සේවය හා උසස් අධ්‍යපන ක්ෂේත්රයෙහි විශාල පුරප්පාඩු ප්‍රමාණයක් ඇති වී තිබෙන බවත්, පළාත් පාලන ආයනතවල හා පළාත් රාජ්‍ය සේවයේ ඇතැම් සේවාවල පුරප්පාඩු පවතින බවත් හෙතෙම පැවසීය.
මේ අනුව පුරප්පාඩු ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් පවතින අතර රාජ්‍ය සේවයේ විශාල සේවාවක් සිදුකරන කළමනාකරණ සේවාවෙහි පමණක් පුරප්පාඩු 8000කට අධික ප්‍රමාණයක් පවතින බවද ඔහු සඳහන් කළේය.
කළමනාකරණ සේවයේ සිටින පිරිස් රාජ්‍ය සේවයේ විශාල කාර්යභාරයක් සිදුකරන බවද පවතින පුරප්පාඩු නිසා රාජ්‍ය සේවා කටයුතුවලට බලපෑම් සිදුවන බවද හෙතෙම පැවසීය.
2005 වසරින් පසු දේශපාලනඥයන් විසින් අලුත් තනතුරු ඇති කර රාජ්‍ය සේවයට බඳවා ගැනීමෙන් සමස්ත රාජ්‍ය සේවකයන්ගේ ප්‍රමාණය මේ වන විට ලක්ෂ පහළොවකට ආසන්න බවද ඔහු සඳහන් කළේය.
රාජ්‍ය සේවකයන් ලක්ෂ දහයකින් පමණ අදාළ සේවා කටයුතු සිදු කළ හැකි නිසා අලුතින් ඇති කර තිබෙන තනතුරු සඳහා බඳවා ගැනීම් නවතා දමා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද අජිත් තිලකරත්න පැවසීය.