රුසියා-යුක්රේන යුද්ධයේ මියගිය ලාංකිකයන් ගැන නිල දත්ත නෑ


  • ආරක්ෂක අමාත්‍යාංශය කියයි

උපුල් වික්‍රමසිංහ
රුසියා-යුක්රේන යුද්ධයට කුලීහේවායන් වශයෙන් සම්බන්ධ වී සිට මියගිය හිටපු ආරක්ෂක අංශ සාමාජිකයන් ගණන සම්බන්ධයෙන් නිල සංඛ්‍යා දත්ත මෙතෙක් ආරක්ෂක අමාත්‍යාංශයට ලැබී නැති බව එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය. 

යුද්ධයට ගිය මෙරට විශ්‍රාමික ආරක්ෂක අංශ සාමාජිකයන් සම්බන්ධ පැමිණිලි ලබා ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයේ පිහිටුවා ඇති විශේෂ ඒකකයට මේ වන විට පැමිණිලි 486 ක් ලැබී ඇති බවත්, ඒ සියල්ල රුසියාව වෙනුවෙන් යුද වැදීමට ගිය විශ්‍රාමික හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.