සුජිත් හේවාජුලිගේ
මෙරට තේ නිෂ්පාදනය සහ අපනයනය අඩුවීම හේතුවෙන් පසුගිය වසර දහයේදී රුපියල් කෝටි 51,150ක පාඩුවක් සිදුවී ඇතැයි තේ වෙළඳපොළ කරුණු අධ්‍යයනයේදී පෙනී ගිය බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසීය.
මෙරට ඉතිහාසයේ වැඩිම තේ නිෂ්පාදනය 2013 වර්ෂයේදී වාර්තා වූ බවත් එය මෙට්‍රික් ටොන් 34,000ක් බවත් ඔහු කීවේය. එසේම තේ නිෂ්පාදනය 2015 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් 328,800 කින්ද, 2020 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 278,489කින්ද, 2023 වර්ෂයේ දී මෙට්‍රික් ටොන් 256,039 කින්ද පහළ ගිය බව පවසන මහාචාර්යවරයා මීට සමගාමීව
තේ අපනයනයද පහළ ගිය
බව ප්‍රකාශ කළේය.
තේ අපනයනය 2013 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 319,700 කින්ද, 2015 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 306,900කින්ද, 2020 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 265,569කින්ද, 2023 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 241,912 කින්ද, පහළ ගිය බව අතුකෝරළ මහතා කීවේය.
තේ නිෂ්පාදනය සහ අපනයනය පහළ යෑම නිසා සිදුවූ පාඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදලින් සියයට75 කට සමාන බව හෙතෙම සඳහන් කළේය. තේ අපනයනය
සියයට 24කින් පහළ ගොස් ඇතැයිද ඔහු පැවසුවේය.