ලංකාවේ විශිෂ්ටතම පුවත්පත ලංකාදීප තවත් සම්මාන 6කින් පිදුම් ලබයි


බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පැවැති ඒෂියන් මිරකල් සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පුවත්පත ලෙස ‘ලංකාදීප’ සම්මාන හිමිකර ගත්තේය. එම සම්මානයට අමතරව තවත් සම්මාන 6 ක් ද එම පුවත්පතට හිමි විය. එහිදී සම්මාන හිමිකරගත් පිරිස මෙහි දැක්වෙයි. 
වමේ සිට : විජය පුවත්පත් සමාගමේ සන්නාම සහ ප්‍රවර්ධන උපදේශක සුජිත් පතිරැන්නැහැ, ලංකාදීප නියෝජ්‍ය කර්තෘ දමින්ද විජේසූරිය (විශිෂ්ටතම පුවත්පත සඳහා සම්මානය), සුජිත් හේවාජූලිගේ (හොඳම ප්‍රවෘත්ති සංස්කාරක), නිරෝෂණ ගොඩැල්ලගේ (හොඳම ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ), එන්.යූ.ජී ඉන්ටර්නැෂනල් ඕගනයිෂේෂන් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නිරෝෂන් මාධව, ලයනල් පෙරේරා (හොඳම කවියා)  එන්.යූ.ජී. ඉන්ටර්නැෂනල් ඕගනයිෂේෂන්හි නිර්මාණ අධ්‍යක්ෂිකා හේමරන්සි ජයරත්න, දාස හපුවලාන (හොඳම කාටූන් ශිල්පියා) සහ නිමල් ජයරත්න (හොඳම ප්‍රාදේශීය වාර්තාකරු)