ලංකාවේ හෝලි


බදුල්ලේ පාලිත ආරියවංශ
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයට  අයත් සංචාරක අධ්‍යයන අංශය මගින් සංවිධානය කළ  H E T Colors 2024 නම් වූ හෝලි උත්සවය  විශ්වවිද්‍යාලයේ උපකුපති කෝලිත බණ්ඩාර විජේසේකරගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පසුගිය  දිනක (10දා) පැවැත්විණ.
සිසුන්ගේ ජාතික සමගිය හා සහජීවනය උද්දීපනය කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව එය සංවිධානය කළ සංචාරක ව්‍යාපාර සහ සිද්ධි පිළිබඳ කළමනාකරණ පාඨමාලාවේ තෙවැනි වසරේ සිසුහු පැවසූහ. කළමනාකරණ පීඨාධිපති ධනංජය නවරත්න සහ සංචාරක අධ්‍යයන අංශයේ අංශාධිපති චතුරි දන්තනාරායන සමග  මහාචාර්යවරු සහ ආචාර්යරු පිරිසක්ද මෙම උත්සවයට  සහභාගි වූහ.
නර්තන අංගයන්ගෙන් සහ සාම්ප්‍රදායික අංගයන්ගෙන් මෙම උත්සවය වර්ණවත් විය. හෝලි උත්සවයට සහභාගිවූ  සිසුහු වර්ණ ගල්වමින් අමන්දානන්දයට පත්වූහ.