ජනාධිපති පරිසර සම්මාන උලෙළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (28 දා) පස්වරුවේ පැවැත්විණි. පරිසර සංරක්ෂණය වෙනුවෙන් දැක්වූ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් සීමාසහිත විජය පුවත්පත් සමාගමට මෙහිදී සම්මාන තුනක් හිමිවීම විශේෂත්වයකි. ‘ඩේලිමිරර්’ පුවත්පතේ ප්‍රගීත් සම්පත් කරුණාතිලක මහතා ඉංග්‍රීසි මාධ්‍ය අංශයේ හොඳම පරිසර මාධ්‍යවේදියාට පිරිනැමෙන සම්මානය හිමිකර ගත් අතර ඔහු එම සම්මානය ජනාධිපතිවරයා අතින් ලබාගත් අවස්ථාව වම්පස ඡායාරූපයේ දැක්වේ. විජය ළමා පුවත්පතට හිමි වූ පරිසර සම්මානය ‘විජය’ සහ ‘අද’ පුවත්පත්හි කර්තෘ දුමින්ද සංජීව බාලසූරිය සහ විජය පුවත්පත් සමාගමේ හෝකන්දර ශාඛාවට හිමි වූ පරිසර සම්මානය එහි ජ්‍යෙෂ්ඨ මුද්‍රණ කළමනාකරු නිහාල් ගුණරත්න මහත්වරුන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති වෙනුර ප්‍රනාන්දු මහතා අතින් ලබාගත් අවස්ථාව දකුණුපස දැක්වේ.
(ඡායාරූප : ගයාන් අමරසේකර)