විපක්ෂ මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් ආණ්ඩු පක්ෂයට


 


සුජිත් හේවාජුලිගේ


ජනාධිපතිවරයා ලබන 2 වැනිදා පාර්ලිමේන්තුව අමතන අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සූදානමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් පැවසේ. එම මන්ත්‍රීවරුන් සිව් දෙනා සමග ආණ්ඩුව දැනටමත් සාකච්ඡා පවත්වා අවසන් බවද ආරංචි මාර්ග සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අප සමගි ජන බලවේගයේ නායකයෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි ආරංචියක් තමාටද ලැබුණු බවයි.

මේ අතර රාජිත සේනාරත්න, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ  පාඨලී චම්පික රණවක යන මහත්වරුන්ද ආණ්ඩුව සමග සන්ධානගත වීමට සූදානම් වෙමින් සිටින බව රජයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ජනාධිපතිවරයා ලබන 2 වැනිදා උදේ 9.30 ට පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. එම ප්‍රකාශයෙන් අනතුරුව ඊට පසු දින ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදයක් ලබාදීමට ආණ්ඩුව අදහස් කරගෙන සිටින බව වාර්තාවේ.