කැළුම් බණ්ඩාර
අවබෝධතා ගිවිසුම අස්සන් කොට වසරකට ආසන්න කාලයක් ගත වුවද, පෞරාණික විසුම්පාය ගොඩනැගිල්ල සුඛෝපභෝගී හෝටලයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය තවමත් ක්‍රියාත්මක වී නොමැති බව වාර්තා වේ.
අදාළ දේපළ සඳහා ඉදිරිපත් වූ ජපාන අයෝජකයාගේ ඇස්තමේන්තුව හා ශ්‍රී ලංකා රජයේ තක්සේරු වටිනාකම අතර පරතරය පිළිබඳව එකඟතාවක් නොමැති වීම මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කොට ඇත.
පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු මෙම ගොඩනැගිල්ලට නව ඉදිකිරීම් එකතු කළ නොහැකි නිසා එයට අමතර ගෙවීම් කිරීමට ජපාන ආයෝජකයා අකමැත්ත පළකර ඇත. එසේ වුවද තක්සේරු දෙපාර්තමේන්තුව තම වටිනාකම පිළිබඳව දැඩිව සිටීමෙන් අදාළ ආයෝජනය රටට ලබාගැනීම අහිමි වී ඇති බව වාර්තා වේ.
මෙය වසර 190කට පෙර ඉදි කළ ගොඩනැගිල්ලක් වන අතර එවක ශ්‍රී ලංකා රයිෆල් රෙජිමේන්තුවේ (Ceyon Rifle Reaiwent) මුළුතැන් ගෙය (Mess) ලෙස භාවිත කර ඇත. 1970 වසරේදී ශ්‍රී ලංකා රජයට පවරාගත් මෙම ගොඩනැගිල්ල රාජ්‍ය නිල තානායමක් ලෙස භාවිත කරන ලදී.
1990 දී මෙරට සංචාරය කළ ජපාන අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් රාජ්‍ය භෝජන සංග්‍රහය පවත්වා ඇත්තේ මෙම ගොඩනැගිල්ලෙහි ය.
මේ පිළිබඳව කළ විමසුමකදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටියේ තක්සේරු දෙපාර්තමේන්තුවේ ස්ථාවරය මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ඇණහිට ඇති බවයි.
විශේෂ කමිටුවක් මගින් අවසන් තීරණයක් ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් බවත්, එතෙක් අදාළ ආයෝජකයාට ව්‍යාපෘතිය අත් නොහරින ලෙස දන්වා ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.