(පද්මිණි මාතරගේ)
මඩකළපුව විශ්වවිද්‍යාලයේ ඉදිරි පරික්ෂණ සඳහා හීරා පදනම කෝප් කමිටුවට කැඳවයි. මෙම හීරා පදනම එම්.එල්.එච්.ඒ.එම්. හිස්බුල්ලා මහතා සමග ඔහුගේ පුතා විසින් පවත්වා ගෙන යන්නකි.
මේ වන විට කතා බහට ලක් වී තිබෙන ෂරියා විශ්වවිද්‍යාලය එනම් මඩකළපුව විශ්වවිද්‍යාලය (බැටික්ලෝ යුනිවර්සිටි ප්‍රයිවෙට් ලිමිටඩ්) ආයතනය මතවාදයට තුඩු දී ඇති බැවින්, කෝප් පරික්ෂණය ඉකුත් 21 සිදුකර තිබේ. මේ සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, අධ්‍යාපන අමාත්‍යාංශය ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සහ වෘත්තිය පුහුණු අධිකාරිය කැඳවා තිබිණි. මෙහිදී හෙලි වී තිබෙන්නේ මඩකළපුව විශ්වවිද්‍යාලය ආරම්භ කොට ඇත්තේ හීරා පදනමේ ඉල්ලීම මත බවය.
ඒ සඳහා අනුමැතිය දීම, මඩකළපුව විශ්වවිද්‍යාලයේ කොටස් සම්බන්ධයෙන් සහ ඇතැම් ලිපි ලේඛන ගැන ගැටලුකාරී තත්ත්වයක් ඇති බව පරික්ෂණවලින් හෙළි වී ඇත.
මෙම තත්ත්වය මත වැඩිදුර පරික්ෂණ සඳහා අදාළ ඉඩම ලබා දුන් මහවැලි අධිකාරියත්, හිස්බුල්ලා මහතාට සහ ඔහුගේ පුතාට අයත් හීරා පදනමත්, බැටික්ලෝ යුනිවර්සිටි ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනයේ ඉහළ පාලන අධිකාරියත් ඉදිරි සතිය තුළ වැඩිදුර පරික්ෂණයට කෝප් කමිටුවට කැඳවා තිබෙන බව එම කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.