නිමල කොඩිතුවක්කු
ආන්දෝලනයට තුඩුදුන් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට ලබන 30 වැනිදා රැස්වෙන බව මානව හිමිකම් කොමිසම පවසයි.
ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයේ අවසන් වාර්තාව මේ වනවිට කොමිසමට භාරදී ඇති බවත් එහි ප්‍රකාශකයෙක් පැවසීය.
එම වාර්තාව අධ්‍යනය කිරීමෙන් පසු, සිය කොමිසමේ නිර්දේශ විභාග දෙපාර්තමේන්තුවට කඩිනමින් යොමු කරන බවත් ඔහු සඳහන් කළේය. පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ
පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා විමර්ශනයක් ආරම්භ කරනු ලැබීය.