සමගි ජනසන්ධානය ජුනි එළි දකී


නිමල කොඩිතුවක්කු


සමගි ජන බලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය ජුනි මාසයේදී එළි දැක්වීමට නියමිතය.
ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඇතුළු සියලුම මැතිවරණවලට එම සන්ධානය යටතේ තරග කරන බව සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය.

නව සන්ධානය ගොඩනැගීම සම්බන්ධයෙන් සෙසු පක්ෂ සමඟ අභ්‍යන්තර සාකච්ඡා සිදු කරමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේගය සමග එකට කටයුතු කරන පක්ෂවලට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මෙම නව සන්ධානය සමඟ එක්වීමට නියමිත බවද මන්ත්‍රීවරයා කීවේය. නව සන්ධානයේ වැඩ පිළිවෙළ සහ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරියේදී රටට එළි දක්වන බව ඔහු 
තවදුරටත් පැවසීය.