ඉන්දික හේවාවිතාරණ
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් විසින් සිදුකරන වෘත්තීය ක්‍රියා මාර්ග නිසා මේ මස 02 වැනි දින සිට විශ්වවිද්‍යාලවල විභාග පැවැත් වීම හා බඳවා ගැනීම් සම්පූර්ණයෙන්ම ඇණ හිට තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සඳහන් කරයි.
අනධ්‍යයන සේවක වර්ජනය නිසා විශ්වවිද්‍යාල පවත්වාගෙන යෑමට නොහැකි වී තිබෙන බවත්, මේ නිසා විශ්වවිද්‍යාල තුළ සිදුකරන ඉගැන්වීම කටයුතු සම්පූර්ණයෙන්ම නැවතී ගොස් තිබෙන බවත්, යම් සිසුන් ප්‍රමාණයකට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපනය ලබා දීම සිදුවන බවත් එම සංගමයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් මහතා සඳහන් කළේය.
මේ වසර තුළදී බඳවා ගැනීම් සිදුකරනු ලබන්නේ 2022 වසරේදී උසස් පෙළ විභාගයට පෙනී සිට ඉන් සමත් පිරිස් බවත්, මෙම සිසුන්ගෙන් යම් පිරිසක් අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය ආරම්භ කිරීමට පෙර බඳවා ගෙන සිටින බවත්, ඉතුරු පිරිස් බඳවා ගැනීමට නොහැකි වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
උසස් පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් වූ පසු කෙටි කාලයක් තුළ එම ශිෂ්‍ය කණ්ඩායම් බඳවා ගැනීම ආරම්භ කළ යුතු බවත්, අදාළ බඳවා ගැනීම් මාස කිහිපයක් තුළදී අවසන් කිරීමේ වැඩපිළිවෙළක් සකස් විය යුතු බවත් ඒ මහතා පවසා සිටියේය.