සර්ව ජන බලය රැලිය 18 දා නුගේගොඩ දී


නිමල කොඩිතුවක්කු



”‍සර්ව ජන බලය”‍ දේශපාලන එකමුතුව සංවිධානය කරන ජනතා රැලිය ජුනි 18 වැනිදා පස්වරු 2.00ට නුගේගොඩ දී පැවැත්වේ.

”‍හැට නව ලක්ෂය බලාපොරොත්තු යළි බලගන්වන්නට”‍ තේමාවෙන් එම ජනතා රැලිය පැවැත්වීමට නියමිතය.
ජාතික නිදහස් පෙරමුණ, මව්බිම ජනතා පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, යුතුකම ජාතික සංවිධානය හා ස්වාධීන මන්ත්‍රී සංසදය යන ”‍සර්වජන බලය”‍  එකමුතුවට අයත් දේශපාලන පාර්ශ්ව 07ක නියෝජිතයන් මේ සඳහා එක්වීමට නියමිතය.
එහිදී මව්බිම ජනතා පක්ෂයේ නායක, දිලිත් ජයවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල,  ජයන්ත සමරවීර,   ගෙවිඳු කුමාරතුංග,  චන්න ජයසුමන,  ගාමිණී වලේබොඩ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම ජනතා රැලිය ඇමතීමට නියමිතය.