තිඹිරියාගම බණ්ඩාර
සිවිල් පුද්ගලයන් හට ජීවිතාරක්ෂාව සඳහා ආරක්ෂක අමාත්‍යාංශය මගින් ලබා දී ඇති සියලුම ගිනි අවි පිළිබඳ සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබා දීමට සලකා බැලීම සඳහා රජයට භාර ගැනීමට තීන්දු කර ඇත.
ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙන්නේ 1916 අංක 33 දරන තුවක්කු ආඥා පනතින් ආරක්ෂක ලේකම් වෙත පැවරී ඇති බලතල අනුව මෙය සිදු කෙරෙන බවය..
ඒ අනුව ගිනි අවි සහ ඒ සඳහා නිකුත් කර ඇති පතරොම් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර පිහිටි වාණිජ පුපුරන ද්‍රව්‍ය ගබඩාව වෙත 2024.11.07 දිනට පෙර භාර දිය යුතුය.
එසේ නොකළ හොත් නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත. මේ වන විට පුද්ගලයන් 1500කට විවිධ වර්ගයේ ගිනි අවි 1690ක් නිකුත් කර ඇතැයි අනාවරණය වේ.
ඒ අතර නිශ්ශංක සේනාධිපතිට විවිධ වර්ගයේ ගිනි අවි නවයක් ද,ජොන්ස්ටන් ප්‍රනාන්දුට ගිනි අවි අටක් ද,යෝෂිත රාජපක්ෂට ගිනි අවි හතක්ද මෙලෙස නිකුත් කර ඇතැයි සඳහන් වේ.
දේපළ ආරක්ෂාව ,වගාහානි සහ ක්‍රීඩා කටයුතු සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර ඇති ගිනි අවිවලට මෙය අදාළ නොවන බවද රජය දැනුම් දෙයි.