අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵලවලට අනුව සිසුන් 173,444 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පාසල් අයදුම්කරුවන් 151,343 දෙනකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 22,101 දෙනෙකු වශයෙන් මෙවර විභාගයේදී විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා තිබෙන බවද විභාග කොමසාරිස්ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා සිටින ශිෂ්‍ය සංඛ්‍යාව විභාගයට ඉදිරිපත් වූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සිය 64.33 ක් බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය. මේ අතර විවිධ අකටයුතුකම් හේතුවෙන් උසස් පෙළ විභාගයේ සිසුන් 190 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටවූ බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා කීය. ඉන් සිසුන් 146 දෙෙනකුම පාසල් අයදුම්කරුවන් ලෙස විභාගයට පෙනී සිටි අය බවද ඔහු සඳහන් කළේය.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2023 විභාගයේ ප්‍රතිඵල අනුව ඒ ඒ විෂය ධාරාවන්ගෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය දිනු ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව ජීව විද්‍යා අංශයෙන් ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ පහන්මා උපනි ලෙනෝරා ශිෂ්‍යාව වන අතර, ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩබ්ලිව්. ඒ. චිරාත් නිරෝධ ශිෂ්‍යයා ය.
කලා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානයට පත්ව සිටින්නේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ටසුන් රිත්මික විතානගේ ශිෂ්‍යයා ය. ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ ශෙහානි නවෝද්‍යා මුල්විලගේ ශිෂ්‍යාව ය.
වාණිජ විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ පානදුර බාලිකා විද්‍යාලයේ ශෙහාරා සිතුමිණි පුංචිහේවා සිසුවිය ය.
ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානයට පත්ව ඇත්තේ ඇහැලියගොඩ මධ්‍ය
මහා විද්‍යාලයේ කිරුලු සිහිල්දිය පල්ලියගුරු ශිෂ්‍යයා ය.
රංජන් කස්තුරි, උණවටුන ඩී.ජී. සුගතපාල, හබරාදූව බී.එච්. රම්‍යා, කඩුවෙල බුද්ධික කුමාරසිරි, හැටන් රංජිත් රාජපක්ෂ, අවිස්සාවේල්ල සෝමසරි හිඟුරලආරච්චි සහ පානදුර සුමිත් පොතුපිටිය