නිමල කොඩිතුවක්කු
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරනු ලබන “හුස්ම” සහ “සක්වළ” ප්‍රජා සත්කාරක වැඩසටහන් මැතිවරණ සමයෙන් පසු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
හුස්ම සහ සක්වළ ප්‍රජා සත්කාරක වැඩසටහන් මගින් මේ වනවිට පාසල් සහ රෝහල්වලට රුපියල් කෝටි 105කට අධික ප්‍රතිපාදන ලබා දී ඇති බව ඔහු සඳහන් කළේය.
ඒ අනුව හුස්ම වැඩසටහන යටතේ රෝහල් 63කට රුපියල් ලක්ෂ 1906ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබා දී ඇත. බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ වෙනුවෙන් රුපියල් ලක්ෂ 4342ක් ද, සක්වළ තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 380ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ වෙනුවෙන් රුපියල් ලක්ෂ 4239ක්ද වැය කර තිබේ.
හුස්ම සහ සක්වළ වැඩසටහන් සජිත් ප්‍රේමදාසගේ උපදෙස් මත මෙරට සෞඛ්‍ය සහ අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් පරිත්‍යාගශීලීන්ගේ සහයෝගයෙන් ක්‍රියාත්මක කරනු ලබයි.