ළමා අපයෝජන පැමිණිලි නිතිපතා ඉහළට



අමිල චින්තක ගමගේ


මේ වසරේ ජනවාරි මාසයේ සිට ජුනි තෙක් ගතවූ මාස හයක කාලයේදී ළමයින් අපයෝජනය කිරීමේ පැමිණිලි 290ක් ළමාරක්ෂක අධිකාරියට ලැබුණු බව ළමාරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර අමරසිංහ මහතා ‘ඉරිදා ලංකාදීප’යට ප්‍රකාශ කළේය.

සෑම මසකම මෙවැනි පැමිණිලි රාශියක් ලැබෙන බවත්, ළමයින් සම්බන්ධ වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවත් ඔහු සඳහන් කළේය. දෙවැනියට ළමයින් සම්බන්ධව වැඩිම පැමිණිලි  ගම්පහිනුත්, තෙවැනියට කුරුණෑගලිනුත් ලැබෙන බව ඔහු වැඩිදුරටත් කීය. පසුගිය දිනවල දෙදරු පි⁣යෙකු සිය දියණිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර තිබූ අතර ඒ සම්බන්ධව විමසීමේදී ඔහු මෙම සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළේය.