ෆේස්බුක් ප්‍රචාරණ පිරිවැයෙන් රනිල්ට මුල්තැන


අමිල චින්තක ගමගේ
පසුගිය මාසයක කාලයකදී ෆේස්බුක් හරහා දේශපාලන දැන්වීම් වෙනුවෙන් වැඩිම මුදලක් වියදම් කළ ජනාධිපති අපේක්ෂකයා බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්ව ඇති බව දේශීය සමීක්ෂණ වාර්තාවක් පෙන්වා දෙයි. 


එම වාර්තාවට අනුව ජුනි 30 සිට ජූලි 29 දක්වා කාලයේදී ෆෙස්බුක් වෙළෙඳ දැන්වීම් සඳහා පමණක් රුපියල් මිලියන 5.1 ක් හෝ ඩොලර් 17000 කට වැඩි මුදලක් වියදම් කර ඇත. මෙහිදී ජනපතිගේ ෆේස්බුක් පිටු අතුරින් වැඩිම ජනප්‍රියත්වයක් හිමිකරගෙන තිබෙන්නේ ‘රනිල් සමග එක්වන්න‘ නම් ෆේස්බුක් පිටුවයි.
මේ වනවිට විජයදාස රාජපක්ෂ මහතාද ඩොලර් 2323 ක් ෆේස්බුක් දැන්වීම් සඳහා වියදම් කර ඇත. මාලිමාවේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ෆේස්බුක් ජන්ද ව්‍යාපාර⁣යේ දැන්වීම් 54 ක් සඳහා ඩොලර් 354 ක් මේ කාලය තුළ වියදම් කර ඇත. මීට අමතරව පක්ෂ සම්බන්ධය ⁣නොදන්නා එහෙත් ජනාධිපති අපේක්ෂයන්ගේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධව කටයුතු කරන ෆේස්බුක් පිටු විශාල ප්‍රමාණයක් තිබෙන බවට නිරීක්ෂණය වී ඇති බවද එම සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.