(දිල්රුක්ෂි ග්‍රේරු)
කොළඹ මියුසියස් විදුහල් වාර්ෂික නිවාසාන්තර මලල ක්‍රීඩා තරගාවලියේ (2023) සමස්ත ශූරතාව ‘බෙසන්ට්’ නිවාසය දිනාගැනීමට සමත් විය. අනු ශූරතාව ‘ද ආබෲ’ නිවාසයට හිමිවිය.
ශූරතාව දිනූ ‘බෙසන්ට්’ නිවාසය ලකුණු 240 ක් ද, අනු ශූරතාව හිමිකරගත් ‘ද ආබෲ’ නිවාසය ලකුණු 228 ක් ද, ලබාගත්තේය.
මෙවර නිවාසාන්ත ක්‍රීඩා තරගාවලියේ සමාප්ති උළෙල පසුගියදා එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
එහිදී වයස 12 න් පහළ ශූරිය ලෙස ‘ද ආබෲ’ නිවාසයේ යෙනුකි ද සිල්වා, වයස 14 න් පහළ ශූරිය ලෙස ‘බෙසන්ට්’ නිවාසයේ සන්දිති උස්ගොඩආරච්චි, වයස 16 න් පහළ ශූරිය ලෙස ‘හිංගින්ස්’ නිවාසයේ අනුකි ගුණවර්ධන සහ වයස 18 න් පහළ ශූරිය ලෙස ‘බෙසන්ට්’ නිවාසයේ සෙනුකි ගුණරත්න සම්මාන ලැබූහ.
සමාප්ති උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික විශ්ලේෂක එම විදුහලේ ආදි ශිෂ්‍යා ඉෂින්කා ද සිල්වා මහත්මිය සහභාගි වූවාය.
ජාඇල තුඩැල්ල ක්‍රිස්තුරාජ විද්‍යාලයේ 2025/2026 වර්ෂයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීමේ උත්සවය වරලත් ඉංජිනේරු හා විදුහලේ හිටපු ප්‍රධාන ශිෂ්‍ය නායකයකු වු ජිම
කොළඹ 7, සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිය නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාල
ත්‍රිකුණාමලය කන්තලේ මධ්‍ය මහා විද්‍යාලයේ 19 න් පහළ බාලිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනේ සුපිරි කණ්ඩායම් හතර අතරට පත් වෙමින් සමස්ත ලංකා අවසන් පූර්ව වටයට සුද
සබරගමු නර්ථන සම්ප්‍රදාය විෂයයක් ලෙස මේ වසරේ සිට පාසලේ නර්ථන විෂය මාලාවට ඇතුළත් කරන බව සීවලී මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති රෝෂාන් වෙදගේ මහතා විද්‍යාලයේ
දියවන්නා ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී පැවැති ’’2025 ගෘහස්ථ ඔරු පැදීමේ ජාතික ශූරතාවලියේදී’’ විශාඛා විද්‍යාලයීය ඔරු පැදීමේ කණ්ඩායම, විශිෂ්ට දස්කම් දැක් වූ
උහන කණිෂ්ඨ විදුහලේන් මෙවට පහවසර ශිෂ්‍යත්වයට පෙනි සිටි දරුවන් 159 දෙනකු අතරින් සිසුන් 100 විශෂ්ට ලෙස සමත්ව ඇතැයි නැගෙනහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂික එච්.ආ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මියුසියස් විදුහලේ ක්‍රීඩා උළෙලින්