උ.පෙ ගෘහ විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණයට දින දෙයි උසස් පෙළ විභාගයේ ගෘහ ආර්ථික විද්‍යාව ලිඛිත විභාගයට පෙනී සිටි අයැදුම්කරුවන්ට අදාල ප්‍රායෝගික පරීක්ෂණ ඔක්තෝබර් 10 සිට 20 දක්වා පරීක්ෂණ මධ්‍යස්ථාන 44 කදී පැවැත්වීමට කටයුතු සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 20 minutes ago
කතානායක විශ්වාසභංගය සිකුරාදා බාරදෙයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ලබන (09) සිකුරාදා බාරදෙන බව සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 37 minutes ago
වරාය නගරය අවට රථවාහන තදබදයට විසඳුම් සොයයි ලෝටස් මංසන්ධිය, වරාය ප්‍රවේශ අධිවේගී මාර්ගය සහ මැරීන් ඩ්‍රයිව් සම්බන්ධක මාර්ගය ඇතුළුව ඒ අවට ප්‍රදේශ වල රථවාහන තදබදය අවම කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. 54 minutes ago
අධිකරණ ඩිජිටල්කරණය වෙිගවත් කරයි අධිකරණ පද්ධතිය ඩිජිටල් කරණය කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා නිල සන්නිවේදන පහසුකම් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 hour ago
නාමල් පතලකට බසී ලෝකයේ උසස්ම ශුද්ධ මිනිරන් නිධියක් (vein graphite) වන කුරුණෑගල මැල්සිරිපුර රාගෙදර මිනිරන් පතලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක් සහ කර්මාන්ත සංවර්ධන සාකච්ඡාවකට කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ සහභාගී විය. 1 hour ago
ඉහළ ජල පෝෂක රකින්න අධිකාරියක් ඉහළ ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණ අධිකාරිය පිහිටුවීම සඳහා ආයතනික රාමුවක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 hour ago
ආදි වාසීන්ට කැලේ ගැන තහන්චි ලිහිල් කරයි වන සත්ව හා වෘක්ෂලතා (නම් කරන ලද ප්‍රදේශ තුළ ආදිවාසී ප්රජාවන්ගේ ක්‍රියාකාරකම් නියාමනය කිරීම) නියෝග හඳුනා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 hour ago
මහ කන්නයේ පොහොර සහනාධාරයට කැබිනට් අනුමැතිය 2026/27 මහ කන්නය සඳහා කුඹුරු ඉඩම්වල වගා කරනු ලබන ගොවින්ට පොහොර සඳහා මුල්‍ය සහනාධාරය ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. 1 hour ago
නව අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් පත් වෙති ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කර ඇත. 1 hour ago
උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ පත් කරයි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පූර්ණ කාලීනව වැඩ බැලීම සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 1 hour ago
ශ්‍රී ලංකා - ලිතුවේනියා අවබෝධතා ගිවිසුමක් ලිතුවේනියාව සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිතකිරීම පිළිබඳ අවබෝධකා ගිවිසුම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. 1 hour ago
තෙල් බෙදීම හරියට කරන්න: අමාත්‍යංශය සමාගම්වලට දන්වයි වෙළඳපොළේ ඉන්ධන හිඟයක් ඇති නොවන විදිහට කටයුතු කරන්නැයි සමාගම්වලට දැනුම් දුන් බව වරාය නාවික සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (06) පැවසීය. 1 hour ago
අල්ලස් සිද්ධියට සරණගේ බිරියගේ ඇතුළු තුනක් යළි රිමාන්ඩ් වසර දාසයක සිර දඬුවම් ලද හිටපු ඇමති සරණ ගුණවර්ධනට එරෙහි තවත් අල්ලස් නඩුවක් සඳහා අත්හිට වූ දඬුවම් ලබාදීමේ කටයුතු සම්පාදනය කිරීමට අල්ලස් ලබාදීම හා ලබා ගැනීම කළේ යැයි කියන සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 20 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 2 hours ago
ශිරන්තිගේ ඇප ඇයැදුම්පතට FCID අධ්‍යක්ෂට නොතිසි රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා විදේශ ගතවු තමන් යළි ලංකාවට පැමිණීමේදී අත්අඩංගුවට හැකියාවක් ඇති හෙයින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගොනු කර ඇති අපේක්ෂිත ඇප ඇයැදුම් පත්‍රයට අදාළව කරුණු දැක්වීම සඳහා ලබන 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්යක්ෂවරයාට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය අද නොතිසි නිකුත් කළාය. 2 hours ago
ජනප්‍රිය බ්‍රිතාන්‍ය ලේඛක ජෙෆ්රි ආචර් සමුගනී ලෝ සුපතල අතිශය ජනප්‍රිය නවකතා රැසක් රචනා කළ බ්‍රිතාන්‍ය ලේඛක ජෙෆ්රි ආචර් දිවියෙන් සමුගත්තේය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 86 කි. 2 hours ago
ෆ්ලයිඩුබායි ගුවන් නියමුවාට හදිසි සැත්කමක් ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවීව් බලා යද්දී, ඕමාන ජාතික සහාය නියමුවාගේ ප්‍රහාරයට ලක්වී දරුණු ලෙස තුවාල ලැබූ ෆ්ලයිඩුබායි ගුවන් යානයේ, ප්‍රධාන නියමුවා වන ඉන්දීය ජාතික ස්මිත් මච්චාර්ට ඊයේ (5) තවත් හදිසි සැත්කමක් සිදු කෙරුණි. 2 hours ago
ප්රාග්ධනය එළියට යන සීමා ටික ටික ලිහිල් කරනවා ප්රාග්ධනය රටින් එළියට ගලා යාමට පනවා තිබූ සීමා රටේ ආර්ථිකයේ ප්‍රසාරණයත් සමඟ ක්‍රමානුකූලව ලිහිල් කරන බව කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 2 hours ago
ක්‍රිෂ් ගනු දෙනුවට නාමල් සහ ගීතාංජලී යළි රිමාන්ඩ් රගර් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි කියමින් ක්‍රිෂ් ට්‍රාන්සර් පුද්ගලික සමාගමේ රුපියල් මිලියන 70ක මුදල සාවද්‍ය පරිහරණය කලේ යයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හා අල්ලසක් ලබා දුන්නේ යැයි කියන එම සමාගමේ අධ්යක්ෂ වරිය ලබන 16 තෙක් යළි රිමාන්ඩ් ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (06) නියෝග කළේය. 2 hours ago
අලුත් ත්‍රස්ත පනත මැතිසබයට ’’ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’’ (Protection of the State from Terrorism Bill) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පළමුවර කියවීම සදහා අද (06) ඉදිරිපත් කෙරිණ. 2 hours ago
ඥානසාර හිමි අධිකරණයට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු වී සිරදඬුවම් නියම වු “බොදු බල සේනා’ සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ඉස්ලාම් ආගමට අපහාස කර ආගමික සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් නීතීපතිවරයා විසින් පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් විසින් ඥානසාර හිමියන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. 3 hours ago
ඥානසාර හිමි ගිහි ඇදුමෙන් අධිකරණයට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ ඥානසාර හිමියන් වෙනත් නඩුවක් සඳහා අද (6) කොළඹ මහාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලබන්නේ චීවරයෙන් නොවන බව බන්ධනාගාර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි 5 hours ago
මහින්ද කහඳගම අත්අඩංගුවට අයිස් මත්ද්‍රව්‍ය තබාගත්තේ යැයි කියන සිද්ධියකට කොළඹ නගර සභාවේ හිටපු මන්ත්‍රී මහින්ද කහදගම ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි. 7 hours ago
පාර්ලිමේන්තුව අද රැස්වේ:දූෂණ විරෝධී පනත බ්‍රහස්පතින්දා විවාදයට ඔක්තෝබර් මාසය සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අදින් ආරම්භ වේ. 7 hours ago
වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය තිදෙනෙක්ට මතකය, හැඟීම් සහ හැසිරීම් ඇති කිරීමට මොළයේ කුමන ස්නායු සෛල දායක වන්නේදැයි සොයා බැලීමට මඟ පෑදූ විද්‍යාඥයන් තිදෙනකුට මෙවර වෛද්‍ය විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමි වී තිබේ. 8 hours ago
ශිරන්තිගේ ඇප ඇයදුම අද සලකා බලයි සිරිලිය ගිණුමේ මුදල් අවභාවිතා කර නොමැති බැවින් ,තමන් නොකළ වරදකට අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාගත හැකි වන පරිදි ඕනෑම කොන්දේසියක් යටතේ පූර්ව ඇපයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්තී රාජපක්ෂ මහත්මිය ගොණු කළ පෙත්සමේ කරුණු තහවුරු කිරීම මාළිගාකන්ද මහේස්ත්‍රාත්වරිය හමුවේ අද (06) සිදුකිරීමට නියමිතය. 8 hours ago
ශිරන්ති රාජපක්ෂ දිවයිනට ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය සිංගප්පූරු සංචාරය නිමා කර ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියාය. 8 hours ago
බන්ධනාගාරයට කුඩු රැගෙන යන අලුත්ම ක්‍රමය සුළු මත්ද්‍රවය ප්‍රමාණයක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව තොග පිටින් ශරීර අභ්‍යන්තරයේ මත්ද්‍රවය සඟවාගෙන මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රවය ජාවාරම් කරුවකු වන’’ මල්ලි පුතා’’ නැමැත්තාට ලබාදීම සඳහා රැගෙන යාමේ අලුත්ම සැලසුමක් අතටම හසුකර ගැනීමට ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතාට හැකි විය. 8 hours ago
රටේ මුල්‍ය සාක්ෂරතාවය ඉහලට මීට පෙර 35%ක්ව පැවති මෙරට මූල්‍ය සාක්ෂරතාවය රජයේ සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් 58% දක්වා වැඩි කිරීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 21 hours ago
ලංවිම හිටපු සභාපතිවරයකුගෙන් ගල්අඟුරු කොමිසම ප්‍රශ්න කරයි විදුලි බල මණ්ඩලයේ හිටපු සභාපතිවරයකු වන මහාචාර්ය අනුර විජේපාල මහතා සහ ගල් අගුරැ සමාගමේ හිටපු ගණකාධිකාරීවරයෙකුගෙන් ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විශේෂ කොමිෂන් සභාව අද (05) ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇත. 21 hours ago
අයි.එම්.එෆ් 7 වන සමාලෝචනයට කාර්ය මණ්ඩල අනුමැතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ 7 වන සමාලෝචනයට නිලධාරී මට්ටමේ අනුමැතිය හිමි වූ බව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවැසීය. 21 hours ago
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026