• දෙවැනි කාර්තුව අවසන් වනවිට ලබා දුන් ණය රු.බි. 2,076ක් ඉක්මවයි
  • දේපළ වෙළෙඳාම් අංශයේ අක්‍රිය ණය අනුපාතය සියයට 13.4 කින් පහළට

2026 දෙවැනි කාර්තුව අවසන් වනවිට මෙරට බැංකු අංශය හරහා දේපළ වෙළෙඳාම් අංශය වෙත ලබාදුන් ණය මුදලේ වටිනාම රුපියල් බිලියන 2,076ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 දෙවැනි කාර්තුවේදී වාර්තා වී තිබූ රුපියල් බිලියන 1,776 ක ණය වටිනාකම හා සාපේක්ෂව සියයට 16.9 ක වර්ධනයකි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 දෙවැනි කාර්තුව සඳහා නිකුත් කළ මූල්‍ය සාධනීය දර්ශක වාර්තාව තුළ මෙම කරුණු ඇතුලත්ව තිබේ.
මෙම වාර්තාවට අනුව බැංකු අංශය හරහා දේපළ වෙළෙඳාම් අංශය වෙත ලබා දී ඇති අක්‍රිය ණයෙහි වටිනාකමද 2026 දෙවැනි කාර්තුව වනවිට රුපියල් බිලියන 215.9ක් බවට පත්ව තිබේ. මෙය 2025 දෙවැනි කාර්තුවේදී පැවැති රුපියල් බිලියන 249.2 ක වටිනාකම හා සැසඳීමේදී සියයට 13.4 ක අඩුවිමක් ලෙසද සටහන්ව තිබේ.