අංකල් කීවාට යකා නැග ඡායාරූප ශිල්පියා උපවාසයක සම වයසේ තරුණ තරුණියන් තමන්ට ‘අන්කල්’ කියා ආමන්ත්‍රණය කිරීම නිසා කෝපයටත් සිත් වේදනාවටත් පත් ඡායාරූප ශිල්පියකු පුරා දවසක් ආහාරයක් තබා වතුර උගුරක්වත් නොගෙන සිටීමේ පුවතක් ඉකුත් සති අන්තයේදී ගම්පහ දිසාවේ කෙළවර ගම්මානයකින් වාර්තා විය. 18 December 2018
මත්පැන් බී පොලු තැබූ නාගරික මන්ත්‍රීට ආපනශාලා කළමනාකරුගෙන් පාඩමක් මිතුරකු හා මත්පැන් සාදයක් පවත්වා එහි ගාස්තුව වන රුපියල් 1700ක මුදල පසුව ගෙවන බව කියා පිටව ගිය නාගරික මන්ත්‍රීවරයකු එම මුදල ගෙවීම පැහැරහරිමින් කල්ගත කරන බවට ප්‍රසිද්ධ ආපන ශාලාවක කළමනාකරුවකු නගර සභාවේ සභාපතිවරයා වෙත පැමිණිලි කළ පුවතක් වයඹ පළාතේ නගරයකින් වාර්තා විය. 17 December 2018
මන්ත්‍රී සැමියාගේ කමිසයෙන් ගෑනිගේ හොර මිනිහා අතේ මාට්ටු සැමියා වැලට දැමූ කොළපාට කමිසයෙන් බිරියගේ හොර සැමියා අතටම අල්ලා ගැනීමට හැකිවීමේ පුවතක් කන්ද උඩරට ගම්මානයකින් වාර්තා වේ. 15 December 2018
බුලත් පඳුරු අස්සෙන් බඩදරු අම්මාගේ දොළදුකට ලැයිසොං මාඔය අසබඩ ගම්මානයක පදිංචි බුලත් ගොවියකුට අයත් ඉඩමක් දූනගහ ප්‍රදේශයේ පිහිටියේය. 15 December 2018
‘අදයි අදින්නේ’ හඬට ‘අදින්නා දාන’ කාරයා හොල්මන්වෙලා හෙතෙම මෝඩ පහේ ගැමියෙකි. ගොවිතැන් වැඩ හා එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වූයේය. කලකට පසු ගෙවත්තේ මුරුංගා ගසේ පළදාව සරුවිය. 15 December 2018
තව නූලෙන් බෙල්ලත් සුං ශීඝ්‍රගාමී දුම්රිය රාගම දුම්රිය ස්ථානයේ හතරවන වේදිකාවේ නැවැත්විය. මැදිරියේ දොරටුව අසල සිටි තරුණයෙක් දුම්රියෙන් බැසීමට ප්‍රථම වේදිකාව දෙපස තියුණු නිරීක්ෂණයක නිරත වූයේය. 15 December 2018
අනුන්ගේ තොප්පියක් දාගෙන අම්බානක කාලා තමාට නොගැලපෙන අනුන්ගේ තොප්පියක් හිසලා ගැනීම නිසා අම්බානට ගුටි කෑ කම්කරුවකු පිළිබඳව පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ දකුණු පළාතේ අධිවේගී මාර්ග වැඩබිමකිනි. 15 December 2018
මවට නොසැලකූ දූලාට පොලිසියෙන් පාඩමක් මව රෝහලට ඇතුළත් කළ බව තම සොහොයුරියන් දෙදෙනාට දැනුම් දුන් විට “ඔය ගෑනිට වහ ටිකක් දීලා මරා දාපන් ... නැතිනම් අනාථ මඩමකට ගිහින් දාපන්”_ යි කී සොහොයුරියන් දෙදෙනකු තලාතුඔය පොලිසියට කැඳවීමට ස්ථානාධිපතිවරයාට සිදුවීමේ පුවතකි මේ. 15 December 2018
නැන්දම්මා සතුටු කරන්න මාළු හොද්දටත් වැඳලා නැන්දාගේ සිත සතුටු කිරීමට මාළු හොද්දට නමස්කාර කළ ලේලියක පිළිබඳ මේ පුවත අසන්නට ලැබුණේ කන්ද උඩරට ප්රදේශයකිනි. 14 December 2018
කතට නියම වූ පන්දාහේ වන්දිය රුපියලේ දෙකේ කාසිවලින් ගෙවලා දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සමථයකට පත්වී අගතියට පත් වූ කාන්තාවකට වන්දි ලෙස රුපියල් 5,000 ක මුදලක් මාරු කාසිවලින් ගෙවීම නිසා එම වන්දි මුදල බාර ගැනීම එම කාන්තාව ප්‍රතික්ෂේප කිරීමේ පුවතක් පසුගියදා වෙන්නප්පුව පොලිසියෙන් වාර්තා විය. 13 December 2018
අනියම් පෙම්වතියත් එක්ක සැමියා ගේ ළඟින්ම ගිහින් ජංජාලයක් තම ස්වාමි පුරුෂයාගේ අනියම් බිරියට පහරදී රිමාන්ඞ් ගත වූ කාන්තාවක පිළිබඳව සිදුවීමක් ඇතුගල්පුරෙන් වාර්තා වේ. 12 December 2018
ගමේ සමිතියේත් පුටුවලට කෙළගෙන ගමේ සංවර්ධනය වෙනුවෙන් පිහිටුවා ගන්නට ගිය සමිතියක මුල්පුටු බෙදා ගැනීමට නොහැකිව කඩාකප්පල් වීමේ අපූරු පුවතක් ගම්පහට නුදුරු ගමකින් වාර්තා විය. 11 December 2018
මඩ වළට වැටුණ රොටි හෝදාගෙන ගිහින් තේවත්තේ වැඩ කරන තම සගයනට උදේ ආහාර සඳහා රැගෙන ගිය රොටී මල්ල මඩ වළකට වැටීමෙන් පසු අසල තිබූ ඇළෙන් සෝදාගෙන යාමේ අපූරු පුවතක් කෑගල්ලට ඈත ගම්මානයකින් වාර්තා වෙයි. වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේයි. තරමක් මෝඩ පහේ පුද්ගලයෙකි. නමින් පින්තුය. ඒ නිසා පිනා යන නමින් ද ඔහුට ඇතැමෙක් කතා කළහ. තේවතුවල වැඩ කිරීම රැකි 10 December 2018
කොළඹ වැද්දෝ දඹානේ ගිහින් මගදි කොටුවෙලා වර්තමාන තරුණයා හා වැදි තරුණයා අතර වෙනස හඳුනාගැනීමට වැඩිහිටි යුවළකට නොහැකි වීමේ පුවතක් පසුගියදා මැද මහනුවර ප්‍රදේශයෙන් වාර්තා විය. 08 December 2018
වෙදාගේ ඇඟිල්ල බල්ලා ප්‍රාණ ඇපයට අරන් පශු වෛද්‍යවරයාගේ ඇඟිල්ලේ භාගයක් බල්ලකුගේ කටට ගිය පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ. 08 December 2018
පොඞ්ඩට තදවෙන දේශපාලකට වෙළෙන්දියගෙන් කොහිල සංග්‍රහයක් තලාතුඔය නගරයට ආසන්න පෙදෙසක රාජ්‍ය ආයතනයක් මඟින් මෙහෙයවූ ජංගම සේවා වැඩසටහනක් එම ගමේ පාසලේ දී පැවැත්විණි. ඒ සඳහා සහභාගි වූ ප්‍රාදේශීය දේශපාලකයකු තම යතුරුපැදියෙන් ආපසු නිවස බලා යන අතරතුර මාර්ගයේ පසෙක ඇති එළවර්ළු වෙළෙඳසලක් වෙත ගියේ ගමේ එළවර්ළු අඩු මිලට ගැනීමේ අපේක්ෂාවෙනි. 08 December 2018
ගෙට රිංගූ නයා ලන්තෑරුමක් වෙලා නැන්දම්මාගෙන් පලිගැනිල්ලක් බිරිඳගේ මවුපියන් නිදන කාමරයට රාත්‍රි කාලයේ නාගයෙකු පැමිණීම නිසා නැන්දම්මා තම බෑණාට කතාකර කියා ඇත්තේ ඉක්මනින් මෝල් ගස රැගෙන නාගයා මරා දමන ලෙසය. රාත්‍රි කාලයේ දී සුළු කරුණකට පවා තමන් අවදි කිරීම පිළිබඳව ඔවුන් සමඟ කෝපයෙන් සිටි බෑණා නාගයා වෙනුවට ලන්තෑරුමට පහරදීමේ සිද්ධියක් කලකට ඉහත දී දේවහුව ජනපදයෙන් වාර්තා වේ. 08 December 2018
අතරමං වූ තරුණයා සොයන්න ගිය යා`ඵවාත් අතරමං වෙලා විනෝද චාරිකාවට යද්දී අතරමං වූ තරුණයා සෙවීමට ගිය යාළුවකු බෙලිඅත්ත නගරයේ දමා සෙසු පිරිස විනෝද චාරිකාවට පිටත්වීමේ අපූරු පුවතක් බෙලිඅත්තෙන් වාර්තා විය. 07 December 2018
සාදයට ආ නෑයා කොටයක් ඉල්ලලා සාදයට ආ ඥාතියකු නිවැසියන්ගෙන් කොටයක් ඉල්ලීම නිසා සිදු වූ අපූරු අකරතැබ්බයක් පිළිබඳව වෙන්නප්පුව ප්‍රදේශයෙන් වාර්තා විය. 06 December 2018
අනියම් පෙමක පැටළුණු ටයිල් බාස්ට ටිපර් රියැදුරුගෙන් පාඩමක් ගෙවීමේ ක්‍රමයට නිවෙසේ ටයිල් ඇල්ලීමට පැමිණි ටයිල් බාස් සිය බිරිඳ සමග ඇති කරගත් හාදකම නතර කරන ලෙසට ටිපර් රථ රියැදුරකු වූ සැමියා දිගින් දිගටම ටයිල් බාස් ගෙන් ඉල්ලා සිටියත් එම සම්බන්ධය නතර නොකිරීම නිසා උරණ වූ සැමියා ටයිල් බාස් යතුරු පැදියෙන් ගමන් කරද්දී ටිපර් රථයට යටකර දැමීමට උත්සාහ දැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ටිපර් රථ රියදුරු පෙරේදා (3) අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලිසිය කියයි. 05 December 2018
යාළුවාගේ පෙමට උදව් කරලා අන්තිමේ පෙම්වතියත් ඩැහැගෙන විවාහය ලියාපදිංචි කිරීමට බලා සිටි ත්‍රිරෝද රථ රියැදුරාට ලැබුණු පණිවිඩයෙන් ඔහුගේ ඉහමොළ රත්වීමේ අපූරු පුවතක් මහනුවර ආසන්න ප්‍රදේශයකින් වාර්තා විය. 04 December 2018
පුහුණුවට යන සැමියාට බිරිය ‘රැග්’ එකක් දීලා සංචාරක ක්ෂේත්රය ගැන පැවැති විශේෂ පුහුණුවට තරුණයා අලුතින් මිලට ගත් වටිනා සපත්තු දෙක ප්‍රමාන දෙකක් වීමෙන් දැඩි අපහසුතාවට පත්වීමේ පුවතක් රජරට ප්‍රදේශයෙන් වාර්තා වෙයි. 03 December 2018
අනේ! රාලහාමි නිකං සල්ලං නොවී පැත්තකට වෙන්න මං හොඳ පිහිනුම් ශූරයෙක් අන්තිමේ කකුලෙන් බාගයක් කිඹුල් කට “මට හොඳට පීනන්න පුළුවන්. තරගෙට පීනලා තෑගිත් සම්මානත් අරගෙන තියෙනවා. අනේ! රාලහාමි ගඟ බොහොම සැරයි. මාව අල්ලන්න ගිහිල්ලා ගඟේ ගහගෙන ගිහින් ගිලිලා මැරෙන්න හදන්න එපා.” 01 December 2018
අනුන්ගේ මඟුලකට හොරෙන් රිංගා කාබී මාරුවෙන්න හැදූ තරුණයන්ට අමතක නොවන පාඩමක් දෙපාර්ශ්වයේම කිසිදු ආරාධනාවක් නැතිව විවාහ උත්සව සාදයකට රහසේම ගොස් හොඳට සප්පායම්වී වෙරිමත්වූ තරුණයින් හතර දෙනකුට අවසානයේදී විශාල පිරිසක් ඉදිරියේ මුහුණපෑමට සිදුවූ අකරතැබ්බයක් ප්‍රසිද්ධ නගරයක උත්සව ශාලාවකින් වාර්තා විය. 01 December 2018
පොල් කැඩුවාට කුලිය ඩොලර් වලින් පොල්ගස් කිහිපයක පොල් කැඩීමෙන් පසුව ලැබිය යුතු කුලිය ඩොලර්වලින් ඉල්ලා සිටීම නිසා ගෙහිමි කාන්තාව අන්ද මන්ද වූ පුවතක් කන්ද උඩරට ප්‍රදේශයේ ගම්මානයකින් වාර්තා වෙයි. එම සිද්ධිය මෙසේය. 01 December 2018
මදාවි කොල්ලන් ලෑල්ලේ ගැසූ දැන්වීමෙන් මුදලාලිට යකා නගී සේතං නමින් හඳුන්වන ඔහු ගමේ විශාල කඩයක් කරන මුදලාලි කෙනෙකි. ගමේ තව පොඩි කඩ තිබුණත් බොහෝ අය එන්නේ මේ කඬේටමය. කඬේ හැම බඩුවක්ම තිබෙන නිසා මුදලාලි ප්‍රසිද්ධය. 01 December 2018
මුදලාලිගේ නිවස ඉදිරිපිටදී අභයදානය ලද ගවයා අවසන් ගමනේ මෙයට වසර 15කට පමණ පෙර පයාගල මලේගොඩ ප්‍රදේශයේ මරණයට නියමව සිටි ගවයකුට එම ප්‍රදේශයේම ව්‍යාපාරිකයෙක් විසින් අභය දානය දෙන ලදී. ඉන් පසු එම ගවයාට නිදැල්ලේ සිටීමට ඉඩ සලසා තිබේ. 01 December 2018
මනාලයාගේ කතාවෙන් කපුවා කපෝතියි මනමාල මහතෙකුගේ වංචනික ක්‍රියාවක් නිසා මඟුල් කපු මහතෙකු අමාරුවේ වැටීමේ සිද්ධියක් පසුගියදා වාර්තාවිය. 30 November 2018
කෙසෙල් කැන් හොරා ඡන්ද රැස්වීමක හුරේ තියද්දී කොටුවෙලා රාත්‍රී කාලයේදී ගම වටා ගොස් රහසේ කෙසෙල් කැන් කපා විකුණූ පුද්ගලයෙකු මහනුවර නගරයේ පැවැති දේශපාලන රැස්වීමක උඩපනිමින් හුරේ දමමින් සිටියදී අල්ලා ගැනීමේ පුවතක් තලාතුඔය පොලිසියෙන් වාර්තා විය. 29 November 2018
පොල් හොරා ගෝනියකුත් එක්ක වතු අයිතිකාරයාට රු.5000ක් එවලා “හොර පොල් ගෙනියන්න ගෙහිමි කතකගෙන් ගෝනියක් ඉල්ලා ගෙන” යන හිසින් ඉකුත් දිනෙක දෙයියෝ සාක්කි හි පළවූ පුවතින් පසු අගතියට පත් පාර්ශවය වෙනුවෙන් එම ගෝනිය සමග රුපියල් පන්දහසක මුදලක් ලබාදීමට හොරපොල් ගෙනගිය පුද්ගලයා සානුකම්පිත වී ඇති පුවතක් වාර්තාවිය. 28 November 2018
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026