කල වයස නොබලා ලොකු කුඩා හැම දෙනාටම නෑදෑකම් කියමින් හිතවත් වීමට තැත් කළ බස් කොන්දොස්තරවරයකුට කදිම පාඩමක් ඉගැන්වූ යොවුන් ගුරු මෙනෙවියක පිළිබඳ අපූරු පුවතක් අසන්නට ලැබුණේ කළුතර ප‍්‍රදේශයෙනි. ගමේ සිට නගරයට යන මේ බස් රථය එදා අතුරුසිදුරු නැතිව පිරී තිබිණි. අමාරුවෙන් එහි ඇතුළේ එල්ලී සිටි මේ ගුරු මෙනෙවිය ගැන තොරතුරු දැන නොසිටි කොන්දොස්තරවරයා ඇය බසයෙන් බැසීමට සූදානම් වන විට කීවේ ”අම්මේ ඉස්සරහින් බහින්න” කියාය. කෝපයට පත් ඇය ඉදිරියට විත් බසින ගමන් කොන්දොස්තර අමතා ”පුතේ මම මෙතැනින් බැස්ස කියල තාත්තට කියපං” කීවේ අනෙක් මගීන්ටත් ඇසෙන්නටය. මගීන් සිනාසුණ අතර එදායින් පසු දැනගන්නට ලැබුණේ නෑදෑකම කියමින් මගීන් ඇමතීම තාවකාලිකව අත්හිටුවා ඇති බවක් ලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd