කෑම කෑ පිඟාන නොසේදීමේ පුරුද්ද නිසා බිරිය සහ දරුවාද ඇයගෙන් උරුම වූ සේසත ද අහිමි කරගත් තරුණයෙකි. පදිංචි බස්නාහිරය. දුප්පත් පවුලක උපන් ඔහු ආර්ථික අපහසුතා මැද හොඳටම උගෙන ගත්තේය. උපාධියක්ද දිනා ගත්තේය. තරුණ වියට පැමිණි ඔහු සබඳතාවයක් ගොඩනගා ගත්තේ ධනවත් පවුලක තරුණියක සමගය. ඔහුට උපතින් උරුම දේපොළක් නොතිබුණ ද පේ‍්‍රමයට වැට කඩුලූ බඳින්නට අකමැති වූ තරුණියගේ මව්පියෝ ඔවුන් දෙදෙනාට ආශිර්වාද කළහ. යුග දිවියට එලැඹි ඔවුහු තරුණියගේ මව්පියන් ජීවත් වූ නිවෙසට යාබද නිවෙසක පදිංචි වූහ. ඒ ගෙයද බඳින්නට පෙර ජීප් රියක්ද තෑගි වශයෙන් නැන්දම්මාගෙන් ලැබිණි. තරුණිය කාර්යශූරය. රැකියාව සඳහා කලට වේලාවට යන්නීය. ඇතැම් දිනවල නියමිත වේලාවටත් පෙර ගොස් රාජකාරිය අකුරට කරන්නට ඇය වග බලාගත්තාය. පළමු දරුවා ලැබීමට බිරිය රෝහල්ගත වූවාය. තරුණයාට කෑම ගැනීමට සිදුවූයේ නැන්දම්මලාගේ ගෙදරිනි. පළමු දිනයේ දී කෑම කෑ ඔහු පිඟාන සේදුවේ නැත. දෙවැනි දිනයේ කෑමට පෙර අත සෝදා ගන්නට බේසම ළඟට ගිය ඔහු දුටුවේ පෙරදින කෑම කෑ පිඟාන ඉඳුල් පිටින්ම තිබූ බවයි. දෙවැනි දිනයේද කෑම කෑවේය. පිඟාන නොසේදුවේය. තුන්වෙනි දිනයේ කෑමට එනවිට ඉඳුල් පිඟන් දෙක ‘බලූ කූඩුව’ අසල තබා තිබිණි. ඔහු නැන්දම්මා ළඟට ගියේය. හොඳ පිඟන් දෙකක් බලූ කූඩුව ළඟ ඇත්තේ ඇයි දැයි ඇසීය. ”මෙහේ පිඟන් හෝදන්න කව්රුත් නැහැ. අපේ වැඩ අපිම කරගන්නවා.” ඇය උත්තර දුන්නාය. ඉන්පසු ඔහු කෑමට නැන්ද මාමලා ළඟට ගියේ නැත. ඉඳුල් පිඟානෙන් සාර්ථක විවාහයක් ඉහිරී ගියේය. දරුවා ලැබුණු පසු බිරියද අම්මලාගේ ගෙදර ගියාය. ඔහුට ජීප්රිය මෙන්ම බිරියගේ සියලූ සේසතද අහිමි විය. යළිත් පෙර පුරුදු ජීවිතයට යන්නට ඔහුට පාර කැපුවේ ජීවිතයේ ඉතා සුළු අඩුපාඩුවක් බව ඔහු තේරුම් ගන්නා විට සියල්ල ඔහුගේ අවාසියට සිදුවී හමාරය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසනාව තිබුණට පින නැහැ. නැන්දම්ම කරපු වැඩේ හරි
මුල අමතක කර වැඩ කරන්න හොද නෑ
නැන්දම්මා ටිකක් දුරදිග බැලුවානම් මේ ප්‍රශ්නය ඇති නොවීමට ඉඩ තිබුණි. ජීප් රිය තෑගි දෙනවා වෙනුවට 'ඩිෂ් වොෂර්' එකක් ගෙදරට ගත්තා නම් හරි.
මේ වගේ දේවල් සුලබයි. නමුත් කවුරුත් දැනගත යුතුයි පොඩි අත්වැරැදීම් හදාගන්න පුලුවන් බව. දැන් ඉතින් නැන්දම්මට සතුටු ඇති.
කොට්ටෝරුවා කෙහෙල් ගහනට එන කතාව තමයි. හොද පාඩමක්
වැඩේ කැතැයි, නැන්දම්මා හරි. ඒත් දඬුවම සැර වැඩී වගේ.
ළමය ගැන හිතල සමාව දුන්නම් හොදයි
නැන්දම්මට අයිති නැති වැඩක් කරල තියෙන්නෙ
ඉඳුල් පිඟානක් නිසා තමන්ගේ දුවගේ මගුල කඩන අම්මලත් ඉන්නවද ලංකාවෙ ?
දුප්පත් කමත් වලිගය නැති ගොනා වැනී. නැන්දම්ම කළ වැරැදී. කොල්ල කෙළෙත් වැරැදි වැඩක්. ඒත් දුව
අනේ නැන්දේ
බොරු නම් දාන්න එපා. දැන් දුවටයි දරුවටයි මොකද වෙන්නේ
දුප්පතෙක් වෙලා ඉපදුනාට එය ඔබේ වරදක් නොවේ. නමුත් ඔබ දුප්පතෙක් වෙලා මැරුනොත් එය ඔබේ වරදකි.
අප්පෝ....