සිය පුතු නිවසේ අමතක කර දමා ගිය පාසල් කෑම පෙට්ටිය නැවත ඔහුට දීමට පාසලට ගිය පියකුට වූ අකරතැබ්බක් පිළිබඳව කතා පුවතක් බුලත්කොහුපිටිය ප‍්‍රදේශයේ පාසලකින් වාර්තා විය. වෙනදා මව කෑම සකසා පෙට්ටියකට දමා පුතාගේ බෑග් එකට ද දමා දුන්නත් මෙදින කෑම පෙට්ටිය දරුවාගේ බෑග් එකට දැමීමට මවට අමතක වී ඇත. පුතා එය නොදැන පාසල් යන්නට පිටත් විය. පුතා පාසල් ගිය පසු මේසය මත ඇති කෑම පෙට්ටිය දුටු මව ස්වාමියා අමතා ”අනේ පුතා කෑම එක අමතක කරලා ගිහින්. ඔයාට බැරිද ඒක ඉස්කෝලෙට ගිහින් දෙන්න” යැයි කීවාය. බිරිඳගේ ඉල්ලීමට කැමති වූ ඔහු කෑම පෙට්ටිය පාසලට ගහින් දීමට එකඟ විය. හෙතෙම කෑම පෙට්ටිය රැගෙන පාසලට ගොසින් පන්ති කාමරයක් අසළ නතර විය. ටික වේලාවකට පසු එතැනට පැමිණි ගුරුවරයෙකු තමා පැමිණියේ කුමකට දැයි පියාගෙන් විමසීය. තම පුතා ගෙදර අමතක කර පැමිණි කෑම පෙට්ටිය පුතාට දෙන්නට පැමිණි බව පියා පැවසුවේය. එවිට ගුරුවරයා ළමයාගේ නම කුමක්දැයි පියාගෙන් ඇසීය. ”මම මහත්තයෝ ළමයාගේ නම නම් දන්නෙ නැහැයි පියා කීය” ගුරුවරයා පුදුමයෙන් මෙන් එහෙනම් පන්තියවත් දන්වාදැයි නැවතත් ඇසීය. පියාගෙන් ලැබුණු පිළිතුර වූයේ නොදන්නා බවය. ඉන් පසුව සිය නුවණ පාවිච්චි කළ ගුරුතුමා පුතාට ගෙදරදී කතා කරන්නේ කුමක් කියා දැයි ඇසීය. හෙතෙම ගත් කටටම ”කළු පුතා” කියලා යැයි පැවසීය. ගුරුවරයා පන්තියක් ගානේ ගොසින් කළු පුතා කව්දැයි විමසා කෑම පෙට්ටිය පුතාට දුන්නේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අපේ රට ඉස්සර වගේ නෙමෙයි පියවරුන් දරුවන්ගෙන් ඈත් වෙලා. කථාව ඇත්ත
අනේ පවු අපි ඉගෙන ගත්තට තාත්තලා ඉගෙනගෙන නැහැනේ
දෙමාපියන් දරුවන්ගෙන් ඈත් වෙලා. දරුවෝ දෙමාපියන්ගෙන් ඈත් වෙලා. ඇත්ත කතාව ඒකයි
වෙන්න පුලුවන්. මටත් වෙලා තියෙනවා
අද කාලේ තාත්තලාට තියෙන වැඩ රාජකාරී නිසාත් බහුතරයක් නියම නම ගෙදරට භාවිතා නොකිරීමත් තමයි මෙයට හේතුව. පුදුම වෙන්න කරුණක් නැහැ
පුදුම වෙන්න දෙයක් නෑ. සමහර තාත්තලට ළමයි කී දෙනකු ඉන්නවාද දන්නෙත් නෑ.
වෙන්න පුලුවන්. අමතක වීම් ඕනතරම් වෙනවා
මේක ඇත්ත වෙන්න පුළුවන්. මගේ තාත්තත් මම පොඩිකාලේ බෙහෙත් ගන්න ගිහින් වෛද්‍යවරයා නම වයස අහනකොට හරියට කියන්න දන්නේ නෑ. මම කවදාවත් පාවිච්චි නොකරන නමේ කෑලි තම කියන්නේ.
මේක ඇත්ත වෙන්න පුළුවන් දැන් ඉන්න අයට දාල තියෙන සමහර නම් මතක තියාගැනීම කෙසේවෙතත් ලියල දුන්නත් කියවන්න අමාරුයි...
මහ බොරු කතාවක්
අමාරු නමක් වෙන්න ඇති.
වෙන කාගේ හරි නම ඇහුවනම් ලස්සනට කියයි..
අපි හිනා වෙන්න හොඳ නෑ, මම හිතන්නෙ මෙ මනුස්සයා ඇල්සයිමර් කියන රෝගී තත්වයෙන් පෙලෙනව
බොරු කතාවක්
මෙවැනි අය ඉන්නවා. මට හමුවෙලා තියෙනවා.
ඒක නම් බොරු කතාවක්
ඕක ඇත්ත කතාවක් වෙන්න ඇති. මගේ තාත්තාටත් මගේ නම මතක නැහැ. ඉස්කෝලෙදි ටීචර් නම ඇහුවම මගෙ මූණ දිහා බලනවා.
ඇත්තද බොරුද