වේලාව සවස හතහමාර පමණ විය. ගාල්ලේ සිට මාතර බලා දිවෙන එම බසය මගීන්ගෙන් පිරී තිබිනි. බසයේ පසුපස අසුනේ දකුණු පස කොනේ තරුණ පෙම්වතුන් යුවළක් තුරුලූවී පෙම් බස් දොඩමින් සිටියහ. බසයේ මැද හරියේ සිටි මැදිවියේ මගියෙකි. ඔහු අධික ලෙස බීමත්ව සිටියේය. කෙනෙක් නැගිට ඔහුට අසුනක් දුන්නට ඔහු එය ප‍්‍රතික්ෂේප කළේය. ඔහු එක්වරම පිටුපස අසුනේ සිටි තරුණ පෙම් යුවළ දුටුවේය. ඔවුන් දෙස පරික්ෂාවෙන් බැලූ හෙතෙම මගීන් අතරින් රිංගා ඔවුන් වෙත ළංවෙද්දී තරුණිය බිමට නැඹුරු වෙමින් සිය මුහුණ සඟවා ගැනීමට තැත් කළාය. එහෙත් ඇගේ උත්සාහය අසාර්ථක වූ සෙයකි. ”ඔළුව උස්සපන් ජයංගනී” හේ උස් හඬින් කියද්දී ඇය තම මුහුණ තව තවත් සඟවා ගැනීමට තැත් කළාය. ”උඹ පංති යනවා කිය කියා යන්නෙ ඕකටයි එහෙනම්. යමංකො අද ගෙදර මම උඹේ මහ මිනිහට කියල කරවන්නන් හොඳ සාත්තුවක් ” බීමත් පුද්ගලයා හඬින් කියවන්නට විය. ”අංකල් තමුසෙ බිව්වා නම් පාඩුවේ ඉන්නවා” ඉවසා දරාගත නොහැකි තැන ඇගේ පෙම්වතා උස් හඬින් කීවේය. ”මොකක්ද බොල කිව්වේ? කියමින් කෝපයට පත් බීමත් පුද්ගලයා අඩියක් දෙකක් පෙරට ආවේය. බසයේ සිටි මගීහු ඔහු වළක්වා ගත්හ. බසය හබරාදුව බස් නැවතුම්පොළේ නතර කළ විට තරුණිය ලජ්ජාවෙන් බිම බලාගෙන කඩිනමින් බසයෙන් බැස යන්නට ගියාය. බීමත් අය වැනි වැනී ඇය පසුපසින් යන්නට ගියේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි
බස් එකේ ලව් කරන්න එපා.
බස් තියෙන්නෙ ආදරය කරන්න නෙමෙයි
ලැජ්ජාවක් නැතිව බස් ඇතුලෙ පෙම් කරනවට හොද පාඩම.