දකුණු පළාතේ ප‍්‍රධාන පෙළේ ආයතනයකි. සෑම වර්ෂයකම අවසන් කාලයේ කාර්යාල මට්ටමින් සංස්කෘතික තරග මාලාවක් පවත්වා ජයග‍්‍රාහකයන්ට ත්‍යාග ප‍්‍රදානය කිරීමේ සම්ප‍්‍රදායක් එහි විය.මෙවර ද තරගමාලාව පැවැත්වූ අතර කාර්යාල රූ රැජින තරගයට එම කාර්යාලයේම රූමත් ලලනාවෝ රැසක් ඉදිරිපත් වූහ. ජයග‍්‍රාහකයන්ට ත්‍යාග ප‍්‍රදානය කෙරුනේ ආයතන ප‍්‍රධානියාගේ ප‍්‍රධානත්වයෙන් සති අන්තයේය.මෙහිදී කාගේත් අවධානය යොමුවූයේ රූ රැජින වෙතයි. එහි ප‍්‍රථම ස්ථානය ගත් බවට නිවේදකයා නම් කළේ වයස අවුරුදු 80 ක ආච්චි කෙනෙකි.නිවේදකයාගේ ප‍්‍රකාශයත් සමගම හැම දෙනාම අන්දමන්ද වූ අතර නිවේදකයා පසුව ප‍්‍රකාශ කළේ එහි ජයග‍්‍රහණය ලද සේවිකාවගේ පවුලේ හදිසි මරණයක් වී ඇති නිසා පවුලේ හැමෝම මළ ගෙදර යන හෙයින් ඒ ත්‍යාගය ගැනීම සඳහා ආච්චි එවන බවකි. ආච්චිගේ නම අසාගත් ඔහු වැඩි හොඳට ඒ නම වෙනුවට ආච්චිගේ නම ලියූ බව සඳහන් කළේ හැමෝගේම සිනා මැදය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd