නව මාදිලියේ කාන්තා ඇඳුම් අලෙවි සලකි. එය ඉදිරිපිට ”කළමනාකරුවකු සඳහා ඇබෑර්තුවක්” ඇත. යනුවෙන් දුරකතන අංකය සහිත දැන්වීම් පුවරුවක් එල්ලා තිබුනි. තරුණයෝ කීපදෙනෙක්ම චරිත සහතික අධ්‍යාපන සහතික පලපුරුදුකම් පිළිබඳ ලිපි යනාදිය රැුගෙන ආයතනයේ හිමිකරු හමුවූහ. එක් තරුණයෙකු දෙස අවධානය යොමුකළ අලෙවි සල් හිමියා ඔයා හෙට ඉදලම වැඩට එන්න කීවේය. ස්තුතියි මෙන්න මගේ සහතික තරුණයා අනාගත හාම්පුතා වෙත ලිපි ගොනුවක් පෑවේය. ආ..... සහතික බලමු. පස්සේ ඉස්සරවෙලා බලමු වැඩ හිමිකරු කිවේ සිනාසෙමින් අතට අතදී සුභපතමිනි. තරුණයා සමුගත්තේ මරු බඩුවක් යනුවෙන් සිතා හෙට උදේම එනවා යනුවෙන් තීරණය කරමිනි. තරුණයා වැඩට ආවේය. කැෂියර් මේසය ඔහුට බාරදී හිමිකරු සමුගත්තේ හරියට කෙරුවොත් වරදින්නේ නෑ මම හොඳ වැටුපක් ගෙවනවා කියමිනි. අලූත් මැනේජර් ගේ තෙවෙනි රාජකාරි දින උදෑසන හැඩකාර දඟකාර එමෙන්ම කටකාර තරුණියක් පැමිණියාය. ”ගුඞ් මෝනින්” මම අලූත් ස්ටයිල් ඇඳුමක් බලන්න ආවා. මැනේජර් ඉදිරියේ සුරතල් වෙමින් ඇය කීවාය. බලන්න නංගී අපි ගාව නිව් මොඩල් බඩු තියනවා අපේ රටට තවම යුස් නොකළ ස්ටයිල් තියනවා. ඔහු කිවේය. අඩහෝරාවකින් පමණ ඇඳුමක් තෝරාගන ඇය ඔහු වෙත ආවේ අඟර දඟර පාමින් ආදරය ඉල්ලන සිනා රැල්ලකින් මුව සරසාගෙනයි. ඔහු ඇඳුමේ මිල කීවේය.”ප්ලීස් අනේ ටිකක් ගාන අඩුකරන්නකෝ... මේ වාගේ ඇඳුම් වලට කොමිස් නැද්ද? කොළඹ නම් ටෙන් ප‍්‍රසන්ට් වත් දෙනවා. උකුළු මුකුළු සිනා පාමින් ඇය ඇසුවාය. බලමු යයි පැවසූ ඔහු ඇය දුන් රුපියල් දෙදාහේ නෝට්ටුව අතට ගෙන ඇඳුම් පාර්සලය සමග නැවත එම දෙදහම ඇයට දුන්නේ ස්තුතියි නැවත එන්න යනුවෙන් පවසමිනි. ඇය ඔහුගෙන් සමුගත්තේ ඔහුගේ දුරකතන අංකය ඇගේ ජංගම දුරකතනයේ ගබඩා කර ගනිමිනි. පසුදින උදේ මුදලාලි කඬේට ආවේය. පුතා ඔයා ඉතා හොඳයි. ඒත් පුතා ඔයාට කෙල්ලන් එක්ක ”බිස්නස්” කරන්න බෑ උන් දැක්කම කරන දේත් අමතක වෙනවා. මගේ පරීක්‍ෂණයෙන් ඔයා අසමත් ඊයේ මෙහාට රෙදිගන්න ආවේ මගේ දුව. කීප දෙනෙක් පේල් වුණේ ඔය පරීක්‍ෂණයෙන් තමයි හෙට ඉඳල ඔයා වැඩට එන්න එපා. බැන්ඳාම එන්න. එන්න මම රස්සාව දෙන්නම් මුදලාලි ඔහු රැකියාවෙන් අස්කළේ මුදලක්ද අතට දෙමිනි.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රෙදි සාප්පුවට ආ අලූත් කළමනාකරුට අපූරු පරීක්‍ෂණයක්
කේ.ජී.කේ පාලිත Saturday, 03 December 2011 01:00 PM
රාජ බොරුවක් ඇත්ත වගේ ලියල තියෙනවා. අමකත කරන්න එපා මේක ලංකාව