බසයේදී මුදල් පසුම්බිය සොරාගත් ගැට කපන්නෙක් රුපියල් දහසක්ද සමග එය ආපසු අයිතිකරුට දුන්නේය. පසුගිය දිනක පෙරවරුවේ මෙම මගියා පිටකොටුවෙන් මොරටුව බලායන බසයකට ගොඩවූයේ තම සේවා ස්ථානයට යාම සඳහාය. බසය මගීන්ගෙන් පිරී තිබිණ. වහා ක‍්‍රියාත්මකවූ ගැට කපන්නා මෙම මගියාගේ මුදල් පසුම්බිය සොරාගත්තේ මේ අතරතුරදීය. බසයෙන් බැසීමෙන් පසුව තම පසුම්බිය නැති බව මගියා දැනගත්තත් එය ගණනකට නොගත්තේය. පැරණි පසුම්බියේ තිබුණේ රුපියල් දහයක් පමණක් බව ඔහු දැන සිටි නිසාය. සේවා ස්ථානයට පියමං කරමින් සිටි මේ මගියාගේ පස්සෙන් ආ පුද්ගලයකු ඔහු අත යමක් තැබීය. ඒ තමාගේ මුදල් පසුම්බිය බවට ඔහු හඳුනා ගත්තේය. ඒ සමගම ”මහත්තයා මෙයත් තියාගන්නැ”යි කියූ ගැට කපන්නා මගියා අත රුපියල් දහසේ කොළයක් අතමිට මොළවා වහාම එතැනින් පිටව ගියේය. මගියා පසුම්බිය ඇර බලද්දී එහි තිබූ දහයේ කොළයද එලෙසම තිබිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද ක්‍රියාවක්
බොරුවන් නේද?
කොපමණ වැරදි කළත් මෙවැනි මිනිසුන්ගේ හදවත් තුළ ඉතා කලාතුරකින්වත් හොද අදහස් තිබීම ගැන අපි සතුටු වෙන්න ඕන.
හොරෙක් වුණත් දුප්පත්කම අදුරන කෙනෙක්
හොඳ කතාවක්
දුප්පතුන්ගේ දුක දන්න ගැට කපන්නෙක්
මෙයා සරදියෙල් පරපුරෙවත්ද??
hitha unuwena geta kapannek
දුප්පතාගේ හිතවතෙක්
මේවා ආණ්ඩු විරෝධී වැඩ
සරදියල්ද නැත්නම් රොබින් හුඩ්ද?
ඔහු හොදයි
මේ 1000/- ඇත්ත එකක් නෙවෙයි
1000 කොලේ හොර නෝට්ටුවක් ඒකේ කතා දෙකක් නෑ,.(ස)