මහවැලි ගොවි ජනපදය ආශි‍්‍රත පැරැණි ගම්මාන පාසලකි. රාජ්‍ය නොවන සංවිධානයකට අයත් ජීප් රථයකින් පැමිණි නිලධාරීන් දෙදෙනකු හා නිලධාරිනියක පාසලේ ගෙමිදුලටම පැමිණ ඉන් බැස්සේ කළු කණ්ණාඩි පැළඳගෙනය. මිදුලේ අඹගසක් යට කොළ අහුලමින් මිදුල පිරිසුදු කරන පුද්ගලයකු දුටු ඔවුන් ”අංකල් පි‍්‍රන්සිපල් ඉන්නවාද” යි ඇසීය. ඔව් ඇති කී ඔහු කාර්යාලය පෙන්වීය. ඔවුහු කාර්යාලයට ගියහ. මොහොතකින් එහි පැමිණි විදුහල්පතිවරයා පුටුවේ වාඩිවූ විට පැමිණ සිටි කාන්තාවට ”මයි ගෝඞ්” කියැවිණ. ඒ මීට පෙර මිදුලේ සිටියේ ඔහු හෙයිනි. අනතුරුව තිදෙනාම ඉංගී‍්‍රසි බසින් කතා කළේ මොහු එහි සේවකයකු වන්නට ඇතැයි කලින් හිතූ බව පවසමිනි. මේ පාසලට ඉංගී‍්‍රසි ගුරුවරයකු ලෙස පැමිණ දැනට විදුහල්පතිවරයකු වූ ඔහුද වියත් ඉංගී‍්‍රසි බසින් කතාවට එක්වීම නිසා ඔවුහු නැවත විමතියට පත්වූහ. ඒ සමඟම කාර්යාලයට ආ සිසුවියක් තම පන්තියේ විෂයට අදාළ ගුරුවරයා නොපැමිණි නිසා වෙනත් ගුරුවරයකු එවන ලෙස ඉංගී‍්‍රසි බසින්ම කී කතාව ඇසූ ඔවුන්ට නැවත වරක් තරු පෙනුණාලූ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි සර්. නියමයි නංගි
නියමයි
ඔහොමතමයි වෙන්න ඕන..ශා නියම වැඩක්....(ස)
නියමයි. (නි)
අද කාලේ විදුහල්පතිවරුන් 1000 ක් අතුරින් සොයාගත නොහැකි, හැදිච්ච දෙමව්පියන්ගේ ,ලංකාවට ඉතාමත් වටිනා පුරවැසියෙක් මෙන්ම හොද විදුහල්පතිවරයෙක්. ආශිර්වාද කරනවා බුදු සරණින් සිතන පතන හැමදේම ඉටුවෙන්න කියලා. (නි)
බුදු සරණයි! (නි)
අද ලංකාවේ වැඩිපුරම ඉන්නේ කළු සුද්දොනේ (නි)
මේක නම් නියමයි (නි)