වාර්ගිකත්වය ප්රතික්ෂේප කළ ඇමරිකාවේ 36 වැනි ජනපති - ජොන්සන්
යම් යම් කාලවකවානුවලදී, යුගවලදී ලොව විවිධ රටවල විවිධ අර්බුද, යුද ගැටුම් වාර්ගික අර්බුද, සිවිල් යුද්ධ නිර්මාණය වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. වසර 1965 දී ඇමෙරිකාවේ ඇති වූ වාර්ගික ගැටුම් ඉතිහාසයේ එක් පරිච්ඡේදයක් ලෙස සැලකිය හැකිය. එම වසරේ අගෝස්තු 11 වැනිදා ඇමෙරිකා - අප්රිකා රියදුරකු අත්අඩංගුවට පත්වූ අතර ඉන් අනතුරුව මාර්ගවල ඇති වූ ගැටුම් අවසානයේදී වාර්ගික ගැටුමක් දක්වා දුර දිග ගියේය.