IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


2012 අවසානයේ විනාශයක්ද? යහපතක්ද?

ඊජිප්තුවරුන් සහ මායාවරුන් 2012 වසර අවසානය පිළිබඳව ප‍්‍රකාශිත අනාවැකියෙන් පවසන්නේ කුමක්ද? ඔවුන් පවසන පරිදි 2012 අවසානයේදී ලෝකය විනාශ වේද? කෙසේ වුවද ඔවුන් කියා සිටිනුයේ මේ අප වාසය කරන පෘථිවිය අති බිහිසුණු ව්‍යසනයක් බලාපොරොත්තුවෙන් සිටින බවකි. ඔවුන් එසේ පවසන්නේ පෘථිවි චුම්බක ක්‍ෂේත‍්‍රය ක්‍ෂණයකින් කණපිට පෙරලෙන බවකි. එවිට සුවිශේෂී වූ භූමි කම්පාවන් සහ වේගවත් රළ පහරවල් අප සියල්ලන්ගේම ශිෂ්ඨාචාරයන් වෙනස් කරනු ඇති බවය. ඒ අනුව යුරෝපීය සහ උතුරු අමෙරිකානු රටවල් කිලෝමීටර් දහස් ගණනින් උතුරු දෙසට ඇදී ගොස් අවසානයේ නතර වනුයේ උත්තර ධ‍්‍රැවයේය. සිදුවිය හැකි සෑම සිදුවීමක්ම පෘථිවිය මත වෙසෙන පූර්ණ ගහණය ශූන්‍ය කිරීම සඳහා හේතු වේ. මෙම අනාවැකි ප‍්‍රකාශ වූයේ ඊජිප්තුවරුන්ගෙන් සහ මායාවරුන්ගෙනි. මොවුන් පැවත එන්නේයැයි සැලකෙණුයේ දක්‍ෂිණ ධ‍්‍රැව පතුළේ දැනට වැළලී ඇති අත්ලන්තිස් පුරාවෘත්තයන් ගෙනි. ඔවුන් පවසා සිටිනුයේ සැබෑ ජ්‍යොතිෂ්‍යමය කරුණු විකාශනය වුණේ අත්ලන්තිස් වරුන්ගෙන් බවට ය. ක‍්‍රි.පූ. 9792 දී දෙරණ සිසාරා ගියේ යැයි සැළකෙන මහා ජලකඳ පිළිබඳව හරියටම අනාවැකි කියූ අය ඔවුන් විය. ඒ හොඳින් දැන සිටි ඔවුන් බුරුතු පිටින් දස දහස් ගණන් බෝට්ටු තනා ඒ මත නැගී උතුරු අමෙරිකාවටත් ඊජිප්තුවටත් පැන ගොස් ඇත. 2012 දී සිදුවිය හැකි එවන් අනතුරක් ගැන කරුණු විග‍්‍රහ කරන කතුවරුන් මෙම භයානක පණිවුඩය ගෙන එනුයේ 2012 වසර අවසාන විට ශිෂ්ඨාචාරයනට විය හැකි වැදගත් වන්නා වූ බොහෝ කරුණු අධ්‍යයනය කරමිනි. මේ භයානක පණිවුඩය ඔවුන් එළි දක්වනුයේ අහසේ තරු සංග‍්‍රහයන්ගේ හැසිරීම් රටාවද අධ්‍යයනය කරමිනි. ක‍්‍රි.පූ. 9792 දී එකී ඛේදවාචකය සිදුවූ අවස්ථාවේ අහසේ දිස්වූ සිකුරු ඔරියන්ට් සහ වෙනත් තාරකා ස්ථානගත වූ පරිදිම 2012 දීද  අහසේ ඒ අන්දමින් ස්ථානගත වන බවට ඔවුහු ඉඟි පළ කරති. එපමණක් නොව තවත් බොහෝ දේද ඇත. වසර දහස් ගණනක ඉතිහාස ගත කරුණු අධ්‍යයනය කර ඇති ඔවුන් කියා  සිටිනුයේ ඒ පැරණි ඥාන සම්භාරය දැවැන්ත දුර්ග මාර්ගයක සැඟව ඇති බව කිසිවකු නොදන්නා බවයි. ඔවුන් පවසන පරිදි එදා සිදුවූ මහා ඛේදවාචකයට අදාළ තොරතුරු සහ සුන්බුන් වලින් එහි රහස් කුටි පිරී ඇත. එකල විසූ ප‍්‍රතිවාදී ඩෙලූවියන් ජාතියේත් ඊජිප්තුවරුන්ගේත් අනාගත අභිවෘද්ධිය සඳහා ඒවා එහි තැන්පත් කර තබා ඇත. ඒ ගැන දැනුවත්ව සිටින ජෙරිල් සහ රැටින්ක්ස් එම දුර්ග මාර්ගය සොයා  ගැනීමේ උත්සාහයක නිරතවී සිටී. එම තොරතුරු නිසි කළ ලැබෙනු ඇතැයි ඔවුහු දැඩිව විශ්වාස කරති. ඉතා ප‍්‍රසිද්ධ ග‍්‍රන්ථ රාශියක් එලි දක්වා ඇති පැටි‍්‍රක් ජෙරිල්ගේ ‘ද ඔරියන්ට් ප්‍රොපසි’ නම් වූ ග‍්‍රන්ථයෙන් මෙය සවිස්තර කරයි. ඔහු කියා සිටිනුයේ මායාවරුන්ගේ වට්ටෝරු එකතුවේ හිරු මතු පිට පවත්වා ලපවල රහස් අඩංගු වන බවය. මේ පිළිබඳව නවීන තාරකා විද්‍යාඥයින් කිසිවක් නොදන්නා බවද ඔහු සඳහන් කරයි. ඔහු පවසන පරිදි යම් අවස්ථාවක හිරු චුම්බකත්වය තීරණාත්මක අවස්ථාවකට එළඹෙන විටෙක දැඩි කුණාටු තත්ත්වයක් හිරු මතු පිටට බලපෑම් කරනු ලබන්නේ ය. එවිට කිසිම සමාවක් නොමැතිව මහා ව්‍යසනය සිදුවනු ඇත. මේ සම්බන්ධයෙන් ඔවුන් ඉදිරිපත් කරන කරුණු අති භයංකාරය. එබැවින් තවදුරටත් මේ පිළිබඳ සාකච්ඡා නොකර සිටීම හොඳ යයි සිතමි. මිලියන ගණනින් ජනගහනය අනතුරුවලට භාජනය වුවත් යම් ප‍්‍රමාණයක මිනිස් ජීවීන්හට ජීවත්වීමේ වාසනාව හිමිවනු ඇති බවට සංඛ්‍යා පවතින බවත් ඔහු කියයි. ඒ කවුරුන් විය හැකිද? මේ ලිපිය කියවන සෑම පුද්ගලයකුම අනිවාර්යයෙන්ම සිතනු ඇත. තමාද මේ ලැයිස්තුවට ඇතුළත්ව ඇද්ද යන්න. එකී වාසනාව හිමිකර ගැනීම සඳහා අප දරා ඇති උත්සාහය කිමෙක්ද යන්න සිහිපත් කරනු මැනවි. මේ විස්තර ලොව හමුවේ කියාපාන ජෙරිල් පැටි‍්‍රක්ටද නොනැසී ජීවත්වන්නට අවශ්‍යයි. ඔහුට පමණක් නොව මටත් අවශ්‍යයි. ඔබ අප සැමටත් අවශ්‍යයි. ඒ සඳහා ජෙරිල් නම් බොහෝ දේ කරනු ලබයි. නොනැසී ජීවත්වන්නට අවශ්‍යතාව ඇති ජෙරිල් පැටි‍්‍රක් ජීවත් වනුයේ පළතුරු සහ එළවළු ආහාරයට ගනිමිනි. ඒ නිසාම ඔහු බොහෝ කලක් ජීවත් වීමට අපේක්‍ෂිතයි. නොනැසී ජීවත්වන්නට අපේක්‍ෂිත ජෙරිල් මේ ගැන කොතරම් කම්පනයට පත් වුවද ඔහු උත්සාහය නම් අත් හරින්නේ නැත. මෙම විෂයට අදාළ කරුණු සාකච්ඡාවට බඳුන් කරද්දී අපට කිසිසේත්ම අමතක කළ නොහැකි චරිතයක් ඇත. ඒ අන් කිසිවකු නොව කි‍්‍ර.ව 603 දී මෙක්සිකෝවේදී උපත ලබා කි‍්‍ර.ව. 683 දී මිය යන තුරුම වසර 52 ක්ම මෙක්සිකෝව පාලනය කළ සාකල් වෝටන් නම් වූ මහා ගණිතඥ ඉංජිනේරු පඩිවරයාය. නියමිත වකවානු සහිතව ලෝකයේ පැවැත්ම පිළිබඳ අනාවැකි ඔහු ලිවීය. ඔහු ගල් ටැම්වල ඒවා සටහන් කොට සුරක්‍ෂිත ලෙස තැන්පත් කරනු ලැබීවේ ඔහු විසින්ම ඔහුගේ මරණින් මතු තම දේහය තැන්පත් කිරීම සඳහා තැනූ විශ්මිත විශේෂිත පිරමිඩයක පතුළේය. පසු  කලකදී කැනීම් සිදුකරන අවස්ථාවක මෙම පිරමිඩයද හමුවිය. එය ඉදිකර තිබුණේ මෙක්සිකෝවේ චියෝපස් වලය. එය හඳුන්වනු ලැබුවේ ‘පැලන්’ කියු නමිනි. එය ශබ්ෂණය තුළ බොහෝ දෙනෙකුට කාලය පිළිබඳ තොරතුරු රැුසක් ලැබී ඒවා ගැන පර්යේෂණ හා විශ්ලේෂණ රාශියක් සිදු කොට ඇත. ඒ අනුව ඔවුන් සනාථ කරගනු ලැබුවේ සොභාවික නොවන කාල චක‍්‍රයක් මිනිසා අනුගමනය කිරීම නිසා මිනිස් සිත් සතන් වලට බලපෑමක් සිදුව ඇති බවකි. ඔවුන්ගේ පර්යේෂණයන්ට අනුව තවදුරටත් සනාථ කර ගෙන ඇත්තේ සොභාවික කාල චක‍්‍රය යනු වසරකට මාස 13 ක් ද මසකට දින 28 ක්ද වන කාල චක‍්‍රයන් පැවතිය යුතු බවය. අවිචාරමත් කාල චක‍්‍රයක්  අනුගමනය කරමින් සිටින ලෝකයාට සාධක සහිතව කරුණු ඔප්පු කරමින් මෙය පිළිගැනීමට උත්සාහ කළද සියලූ රටවල් අභිබවා යමින් කුඩා රාජ්‍යයක් වන වකිතානුව එයට එරෙහි විය ගෝලීයකරණය වීමේ හේතුවෙන්  මෙම යෝජනාව අසරණ වුවත් එය පිළිගත් රටවල් කිහිපයක් මෙය අනුගමනය කරනු ලබයි. එක්සත් ජාතින්ගේ සම්මේලනයේ නොවිසඳා ඇති ප‍්‍රශ්න අතුරෙන් එකකි මෙය. මෑතදී මිය ගිය මෙත්සිකන් ජාතික ජෝස් ආගියුලස්ගේ ගවේෂණ තුළින් ද පාකල් වෝටන් පෙන්වා දුන් ග‍්‍රහ තොරතුරු මැනවින් පැහැදිලිව ලොවට හෙළි කරන ලදී. ඒ අනුව අප දැනට ගත කරනුයේ කළියුගයේ අවසානයේ ය. වසර 5125 කින් එය යුත්තය ඉතිහාසයේ අනුවර්නී බව පෙන්වීමට ඔහු මෙම වසර 5125 බක්ටුන 13 කින් සමන්විත බව ඔප්පු කළේය. තවදුරටත් ඔහු පෙන්වා දුන්නේ එකී බක්ටුන 13 රූප ජනක උප ක්‍ෂේත‍්‍රයන් 13 ක් වශයෙන් සක්වලෙහි සමකාලීනව සිදුවන රශ්මි 13 හි චක‍්‍ර ලෙසටය. ඔහු දන්නා තොරතුරු අනුව කලියුගයේ ආරම්භය කි‍්‍ර.පූ. 3113 දීය. 2012 වන විට එයට වසර 5125 පිරේ එක් බක්ටූනයනට වසර 394 න් හෝ දින 144,000 කි. මෙම බක්ටුන කාලයක් තුළදී සිදු වූ විවිධ කාරණා ඉතා සක්‍ෂිප්ත කොට මෙසේ සඳහන් කරමු.   0-1 වැනි බක්ටූනය - තාරකා වැපිරුණු බක්ටුනය - ගල් යුගයේ ආරම්භය. කි‍්‍ර.පූ. 3113 කි‍්‍ර.පු. 2718 1-2 වැනි බක්ටුන ය - පිරමිඩයේ බක්ටුනය - කෘෂි කර්මාන්තය 2-3 වැනි බක්ටුනය - රෝදයේ බක්ටුනය - රථ සහ රෝද  භාවිතය චීන වංශ කතා 3-4 වැනි බක්ටුනය - පූජනීය කන්දේ බක්ටුනය - රාජධානි බිහිවීම ආක‍්‍රමණ නිසා ශිෂ්ටාචාර විනාශවීම 4-5 වැනි බක්ටුනය - ෂං නිවසේ බක්ටුනය - ඉන්දීය වේද ශිෂ්ටාචාර බිහිවීම 5-6 වැනි බක්ටුනය - රාජකීය මුද්‍රාවේ බක්ටුනය - ලෝක යුද අවි අශ්ව රථ භාවිතය 6-7 වැනි බක්ටුනය - මානසික දියුණුවේ බක්ටුනය - මායන් කැලැන්ඩර් ක‍්‍රමයේ ආරම්භය බුදුන් වහන්සේ පහළ වීම. ක‍්‍රි.පූ.747-ක‍්‍රි.පූ.353 7-8 වැනි බක්ටුනය - අභිෂේකශ‍්‍රස්ට් බක්ටුනය - රෝම අධිරාජ්‍යය මහා ඇලෙක්සැන්ඩර් චීන මහා ප‍්‍රකාරය ජේසු තුමන් පහළවීම. කි‍්‍ර.පූ. 353 කි‍්‍ර.ව. 41 8-9 වැනි බක්ටුනය - කළු ස්වාමින්ව බක්ටුනය - රෝම අධිරාජ්‍යය බිඳ වැටීම කි‍්‍රස්තු දහම පිබිදීම 9-10 වැනි බක්ටුනය - මායාවරුන්ගේ බක්ටුනය මායන් සංස්කෘති බිහිවීම පාකල් බෝටන් පහළවීම ඉස්ලාමීය හින්දු බොදු දහම් ව්‍යාප්තිය (ඉස්ලාම් දහම බිහිවූයේ මින් වසර 1433 කට පෙරය.) කි‍්‍ර.ව. 435-830 10-11 වැනි බක්ටුනය - ශුද්ධ යුද්ධයේ බක්ටුනය - මෙත්සිකානු ශිෂ්ටාචාර බිඳ වැටීම, ඉස්ලාම් ධර්මය ව්‍යසනය, කි‍්‍රස්තියානු ශිෂ්ටාචාර සහ ගැටුම්, මුද්‍රණ ශිල්පය. 11-12 වැනි බක්ටුනය - සැඟවුණු බීජයේ බක්ටුනය - කි‍්‍රස්තු සංස්කෘතියේ උච්චම හා බෙදීම් ප‍්‍රතිසංස්කරණ 12-13 වැනි බක්ටුනය - පදාර්ථයන්ගේ පරිණාම බක්ටුනය - විද්‍යාව, භෞතික විද්‍යා, චිං අධිරාජ්‍ය නිව්ටන් වාදය, බැරොන් සංගීතය, කර්මාන්ත, විප්ලව, ප‍්‍රංශ - අමෙරිකානු විප්ලවය, රෝමකරණය, යුරෝපාකරණය, අධිරාජ්‍යවාදය, විදුලිය, රුසියානු විප්ලවය, ලෝක යුද්ධ, හිරෝෂිමා පරමාණු අභ්‍යාවකාෂ තාක්‍ෂණය අභිසරණයේ අනුවර්තී බව පෘථිවි පුනර්වර්ධනය මේ අවසාන බක්ටුනය තුළ සිදුවී ඇති මහා විපර්යාසය සහ දැනට ලොව පුරා සිදුවෙමින් තිබෙන මහා අපරාධ, බල අරගල විපත් සලකා බලන විට සිදුවීමට තව ඉතිරිව ඇත්තේ මහා විනාශයක් මිස අන් කවරක්ද එය සක්සුදක් සේ පැහැදිලිය. විද්‍යාවෙ සහ තාක්‍ෂණය දියුණු වන ප‍්‍රමාණයට වඩා වැඩි වේගයකින් විනාශය අප කරා ළඟා වේ. අප සියලූ දෙනාම ටයිම් බෝම්බ පැළඳගෙන සිටින බවක් අපට කිසි විටෙක නොතේරේ. ජංගම දුරකතනයේ ප‍්‍රමාණය එදා ගඩොල් කැටයක ප‍්‍රමාණය විය. ඉන් පසු එය සබන් කැබැල්ලක ප‍්‍රමාණය විය. දැන් එහි ඝනකම කාඞ් බෝඞ් කෑල්ලක ප‍්‍රමාණයය. මුලදී එහි වූයේ සිම් එකකි. ඉන්පසු දෙකකි. දැන් 3 කි. මුළු ලොවම අප අතේ ය. අපට කළ නොහැකි කිසිවක් නැත. අවබෝධය තුළින් අපට වෙනස් විය හැකි ද යන්න මොහොතකට අපි සිතා බලමු. අධර්මයෙන් ජීවත් වන අපට එම අධර්මිෂ්ඨකම් නිමා කළොත් අපේ ජීවිතෙන් වැඩක් ඇතිවේද කියා. ඒ ගැන සිතන විටත් බයයි. එය නම් සෑහෙන්න අමාරු වැඩක්. අපගේ හෘද සාක්‍ෂිය සාක්‍ෂි දරාවි 2012 අවසානයේදී විය හැකි යැයි සිතන ව්‍යසනය අපට කෙසේ බලපෑ යුතු ද කියා. යහපත් අයට නම් බියවීමට කිසිම හේතුවක් නැත. මේ ආශ්චර්යමත් සිදුවීම් මාලාවට තිබුණා වූ හේතුව කුමක් ද යන්න අපට කිසි අවබෝධයක් නොමැත. පමා නොවී දැන්වන් අපි වහ වහා බොදු පිළිවෙත් තුළට පිවිසෙමු. ඒ සඳහා අවශ්‍ය පසුබිම අප සතුය. තණ්හාවෙන් කෑදරකමින් අප ගොඩගසන කිසිවක් අප ගෙනයන්නේ නැත. පාපයෙන් මිදෙමු. යහපත් දේම කරමු. වෛරයෙන් මිදෙමු. බෙදා හදාගෙන ජීවත්වෙමු. අනුන්ගේ දුකේදී පිහිට වෙමු. මෙලොව හැර යන අප ගෙන යා යුත්තේ කුමක්ද? අපට ගෙන යාමට ඉතිරි වන්නේ අපේ හිත පමණි. ඒ සිත තුළ තැන්පත් කරගත්තා වූ හොඳ නරක ලබන්නාවූ ඊළඟ භවයට විපාක ලබා දෙනු ඇත. යම් විනාශයන් සිදු වන්නේ නම් බිය නොවී එයට මුහුණ දීමට හැකි ආධ්‍යාත්මීය තත්ත්වයන් ඇති කර ගැනීමට වහාම පුහුණු වෙමු. බොහෝ ජාතීන් හටත් බොහෝ මිනිසුන් හටත් සැමවිට සිදුවනුයේ තමා කැමති දේට වඩා අකමැති දේය. තමා කැමති දේ සත්‍ය වශයෙන් ඉටු කර ගැනීම සඳහා යම් කි‍්‍රයාවලියක් පවතින්නේ නම් එය පවතින්නේ මනස හා සම්බන්ධවය. ආධ්‍යාත්මීය තාවය සම්බන්ධ වනුයේ මනස සමගය. එබැවින් දැහැමි බව තුළින් මනසට පිවිසෙමු.

ගොඩනැගිලි ජීව විද්‍යාඥ සහ ජීව වේග කාරක ක්වින්ටන් දේවනාරායන



අදහස් (0)

2012 අවසානයේ විනාශයක්ද? යහපතක්ද?

අජිත් Friday, 13 July 2012 03:04 PM

හොඳ පුවතක්...........

:       0       0

අනුර Thursday, 16 August 2012 08:22 AM

මායාවරුන්ගේ දින දර්ශනය සකස්වී ඇත්තේ කෙසේද ??(ස)

:       0       0

ක්‍රිෂාන්ත Sunday, 15 July 2012 09:35 PM

අනේ ලෝකේ විනාස උනොත් කොච්චර හොදද එතකොට මේ අපිට තියෙන ඔක්කොම කරදර එවරයි .ඔක්කොම ටික මැරෙන්න ඕන ..

:       0       0

සංඛ Tuesday, 10 July 2012 06:34 PM

බලන්නත් ආසයි මට

:       0       0

ලලිත් Saturday, 14 July 2012 08:32 AM

ඊජිප්තුවරුවත්, මායාවරුන්වත් කියපු අනාවැකි කොහොමද විශ්වාස කරන්නේ....ඒඅය දැනගෙන් හිටියේ නෑ ඒ ගොල්ලන්ගේ ශිෂ්ටාචාර විනාසවෙන දවසවත්!

:       0       0

සදරුවන් Thursday, 16 August 2012 09:32 AM

බුදුහාමුදුරුවෝ කියල නැ 2012 ලෝකේ විනාස වෙනවා කියල .මායාවරු කියලත් නැහැ .මායාවරුන් යනු ගණිතයෙත් තාරකා විද්‍යාවෙත් බොහෝ දියුණු මට්ටමක සිටි අය .මෙහිදී සිදුවන්නේ ලෝකයේ විනාසයක් මිස ලෝක විනාසයක් නොවෙයි .මායාවරුන් ළග තිබුණේ සිංහලයන් සතු දැනුමයි .එනම් රාවණා යුගයේ ඔවුන් තුළ තිබු මහා දැනුම් සම්භාරයයි .මෙය සාධක සහිතව ඔප්පු වෙමින් පවතී. බැබිලෝනියන් ශිෂ්ටාචාරයෙන් සොයාගත් පුවරු කිහිපයක ඔවුන්ගේ ශිෂ්ටාචාරය ගැන සදහන් කර ඇත.එහි සදහන් පරිදි ඔවුන් එම ශිෂ්ටාචාරය ගොඩනගන ලද්දේ අහසින් ආ සිංහ මිනිසුන් කියූ පරිදිය .එසේනම් ඔවුන් ශ්‍රී ලාංකිකයන් විය යුතුය.නැතිනම් වෙනත් ලොවකින් පැමිණි පිරිසක් විය යුතුය. කෙසේවෙතත් යම් විනාශයක පෙරනිමිති පහල වෙමින් පවතින අතර ඉන් අනතුරුව ස්වර්ණමය යුගයක් එළඹෙන බවටද මතයක් පවතී . කෙසේවෙතත් මහාවංශයේ නොලියවුණු අපේ හෙළ ඉතිහාසය ගොඩගැනීමට කාලය පැමිණ ඇත.රාවණ ,රාම සටනින් පසු ලංකාපුරය දිය යට සැගවී ගිය බවත් දේශගුණික විපර්යාසයකින් අනතුරුව එය නැවත මතුවන බවත් අධ්‍යාත්මික ලෝකයෙන් මෙන්ම සාමාන්‍ය ලෝකයෙන් ද අනාවැකි පළවෙමින් තිබෙනවා. (නි)

:       0       0

ඉෂාන්ත Friday, 13 July 2012 09:26 PM

මේ සිදුවීම බුදු දහමට අනුව නම් විශ්වාශ කරන්න බැහැ. මොකද බුදු හාමුදුරුවෝ කියලා නැහැ එහෙම වෙනවා කියලා

:       0       0

ishantha Friday, 13 July 2012 09:26 PM

මේ සිදුවීම බුදු දහමට අනුව විශ්වාස කරන්න බෑ. මොකද බුදු හාමුදුරුවෝ කියල නේ 2012 විනාස වෙනව කියල. මුළු ලෝක වැසියනට නිවැරදි දේ ඉක්මණින් හෙළි කරන්න දැන්මම

:       0       0

මල්කි Friday, 05 October 2012 07:51 PM

අනිච්චාවත සංඛාරා! (නි)

:       0       0

සදමාලි Saturday, 28 July 2012 09:03 AM

මේ යන විදිහටනම් විනාශයක් සිකුරුයි. (දී)

:       0       0

ඔයිනෝස් Tuesday, 10 July 2012 09:07 AM

දේව වචනය නැමැති බයිබලයට අනුව ලෝක විනාසය අත ළග ඇතිවත් සියලුදෙනා තම පව් ගැන පුතැවිලි විය යුත බවත් කියැවේ අප මැරෙන ඔනෑම අවස්ථාවක් එය අපට ලෝක අවසානය වේ එනම් මේ ලොකයේ ජීවිතය අවසන් වේ.

:       0       0

සෙනරත් Monday, 09 July 2012 07:50 PM

ධර්මයට ලැදි වෙන්න.පුනර්භවයක් තියෙනවා.පිං කර ගන්න

:       0       0

පුංචා Monday, 09 July 2012 01:50 PM

ලෝක විනාසේ වුණත් කල්ප විනාසේ වෙන්නේ නෑ

:       0       0

විද්‍යා ලෝක මාමා Sunday, 08 July 2012 05:25 PM

මොවුන් පවසන බොහෝ දේ සිදුවිමට තිබුණත් ඒය 2012 දී සිදු නොවේ. ඉදිරි අනාගත දරුපරපුරට බොහෝ වියසනයන්ට මුහුණදීමට සිදුවීම සත්‍යයකි . මේ ලෝක යුද්ධය පැමිණීමට කාලයයි...

:       0       0

පිලිපීනෝ Monday, 09 July 2012 01:25 PM

කොහොම හරි මේ අවුරුද්දේ කසාද බදින්න ඕනි එහෙනම්

:       0       0

ර්ම්ස්ක් Monday, 09 July 2012 02:24 PM

මේවා අපි වගේ පොඩි අයට කියල වැඩක් නැහැ ඔය හොදට ගසා කන අයට තමයි කියන්න ඕනේ අපින එදා වෙලත් කලා එන්නේ බොහොම අමාරුවෙන්

:       0       0

රංග Wednesday, 11 July 2012 09:16 PM

ලෝකය විනාස නොවුනොත් හොඳයි...අපේ ළමයි දැනුයි ලෝකය දිහා බලන්නේ....

:       0       0

රංගා Wednesday, 11 July 2012 08:38 PM

අපේ ළමයි දියුණූ ලෝකය දිහා බලන මේ කාලේ ලෝක විනාශය නොවුණොත් හොදයි

:       0       0

අතුකෝරළ Saturday, 14 July 2012 11:27 AM

2012 එහෙම දෙයක් වුණොත් බුදු දහම බොරු වෙනවා. නමුත් දැන් විවිධ රට වල දරුණු විපත් සිදු වෙනවා.

:       0       0

කපිල ඉලුක්කුඹුර Wednesday, 12 December 2012 03:13 PM

මිනිසා නිර්මාණය කළ පිටසක්වල ජිවින් සර්වබලධාරී දෙවියන්, අල්හා, මහා බ්‍රහ්මයා යනුවෙන් විවිධ අය විවිධ ලෙස මොවුන් හදුන්වයි. මොවුන් සදාකාලික ජිවිතයක් ඇත්තා වූ සහ අතිශයෙන් බුද්ධිමත්ය. තාක්ෂණයෙන් ඉතාමත් දියුණුය. විශ්වයේ සැම රහසක්ම ඔවුන් දනී. මොවුන් මිනිසා ගැන අධිමානසික ශක්තියෙන් නිරික්ෂණය කරයි. ඔවුන්ගේ නිතී පද්ධතියට අනුගතද කියලා නිරතුරුව සොයා බලයි. ඔවුන්ගෙ නීතී නම් පව් සහ පින් වේ. මේවා මිනිසුන්ගේ යහපත් පරිණාමයට වැදගත් හෙයින් මරණයෙන් මතු දඩුවම් කරන්නේ ඔවුන්මය. එක්තරා මිනිසෙක් මේ දෙවියන් නැ‍මැති මැවුම්කාර පිටසක්වලයන්ගෙන් මිනිසා මුදාගැනිමේ මාර්ගයක් සොයා ගනි. එනම් පව් පින් නැමති චක්‍රය අනුව මැරි මැරී ඉපදිමේ ක්‍රමය නැති කිරිමේ මහා දර්ශනයක් ලොවට දේශනා කරන ලදි. ඒ මිනිසා බුදුන් වහන්සේය. බුදුන් වහන්සේ මෙම රහස අවබෝධ කරගත් හෙයින් විශ්වයේ සිදුවන දේවල් ගැන සිතන්න එපා යැයි දේශානා කරන ලදි. (නි)

:       0       0

චාමිකර Monday, 15 October 2012 09:09 PM

2012 ලෝක විනාස නොවූණොත් මිනිසා ටික ටික තිරිසන්වේ ගෙන යාම නිසා ලෝකය ටික ටික විනාශ වෙමින් තවතිනවා. (අ)

:       0       0

දිනිති Saturday, 18 August 2012 03:00 PM

ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කෙළේ තමන් වහන්සේ දේශනා කළ ධර්මය වසර පන්දහසක් ලොව සුරක්ෂිතව පවතින බවයි. එසේ නම් මෙය සත්‍යයක් නොවේ. (අ)

:       0       0

ජනක දන්දෙනිය Sunday, 08 July 2012 06:58 PM

අදික කම්සැප පසුපස ගිය ලෝකය පමණක් විනාසවේ

:       0       0

අමිල Thursday, 12 July 2012 10:20 PM

නියමයි.....

:       0       0

සමුද්‍රා Sunday, 15 July 2012 03:12 PM

ඒක හොඳයි.

:       0       0

සමුද්‍රා Sunday, 15 July 2012 03:12 PM

ඒකනම් හොඳයි..(ස)

:       0       0

සමුද්‍රා Sunday, 15 July 2012 03:53 PM

මේක ගැන තව මොනවද තියෙන්නේ.....

:       0       0

රවි Saturday, 14 July 2012 01:18 PM

ලෝක විනාසේ කියන්නේ ඉතින් මිනිසුන්ගේ සාර ධර්ම,එකිනෙකාට ඇති ගෞරවය/ආදරය ආදී දේවල් නැති වෙලා මනුස්සකම සදහටම තුරන් වෙලා යාම කියලයි මං හිතන්නේ. ඒක දැනටමත් අපේ සමාජේ සිදුවෙලා තියෙන්නේ. ඒ කාලේ හිටපු මිනිස්සු මේවා දැනගෙන ඉන්න ඇති. ඒකනේ කලින්ම අනාවැකි පල කරල තියෙන්නේ. ඒත් බුදු දහම හැමදාම අපිව රකිනවා.

:       0       0

ලෙනාඩ් Thursday, 12 July 2012 11:48 PM

සියළු දේ නැසෙන සුළුයි...

:       0       0

රුවන් ජේ Thursday, 12 July 2012 02:52 AM

මේක ලියපු කෙනත් අන් හැමෝමත් අග්ගඥ සුත්‍රය කියෙව්වොත් හොදයි

:       0       0

නිහාල් Friday, 13 July 2012 02:05 PM

මේක ප්‍රබන්ධ කතාවක්

:       0       0

ජගත් Sunday, 08 July 2012 10:16 PM

ලෝකේ විනාස වුණොත් හොඳයි

:       0       0

ප්‍රීති Tuesday, 10 July 2012 03:25 AM

මේ වගේ වැදගත් ලිපියක් කියවල වැදගත් ලෙස කරුණු ලියන්නවට් දන්න්ති අය කලින්ම ලෝකෙන් ඓන් උනොත් ලෝකයට ගොඩක් සැපතක් වේවි

:       0       0

සංජීව Thursday, 12 July 2012 04:21 PM

ලෝක විනාසය වෙනවනම් හොදයි

:       0       0

ජන්තු Tuesday, 10 July 2012 12:30 PM

මම තාම කසාද බැන්දෙත් නැ..අනේ........

:       0       0

සෙන Wednesday, 11 July 2012 10:22 AM

ගැනු ටික ගියානම් ලෝක විනාස උනා වගේ තමයි එතකොට කිසිම ප්‍රස්නයක් නැහැ ෆුල් ජොලියෙන් ඉන්න පුළුවන් කොල්ලන්ට .

:       0       0

සදුනි Monday, 09 July 2012 11:11 AM

මමනම් දන්නවා බුදු දහමට අනුව 2012 ලෝක විනාශය නම් වෙන්නේ නැහැ

:       0       0

ඉන්දික Wednesday, 11 July 2012 11:08 AM

ලෝක විනාසය වෙනවනම් හොදයි . එතකොට මේ කරුමේ ඉවරයි

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 495 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 547 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 107 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 378 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 544 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 917 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 490 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 708 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1989 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site