IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


2019 ට සොඳුරු පෙරනිමිති

සුපිරි මහාරිසි, සිරිමත් ආතර් සී. කලාර්ක් විද්වතා, අලුත් වසරක උදාව දුටුවේ මෙසේය. 
“එක් වසරක් පිරීම යැයි කියන්නේ, මේ ‘මිහිතලය’ නමැති අජටාකාශයානයේ නැගී, එක්වරක් සූර්යා වටේ ගමන්කොට, ඒ චාරිකාව ආරම්භ වූ තැනටම, යළිත් පැමිණීමයි” ඒ අනුව, ආතර් සී. කලාර්ක් පඬිතුමා, ජීවිතයෙන් සමු ගත්තේ අනූ වරක් සූර්යා වටා ගමන් කළාට පසුවයි. මෙසේ, හැම ජනවාරි මසකම පළමු වනදා, අපි ‘පෘථිවිය’ නමැති යානයෙන් සූර්යා වටා 365ක් දිනක ගමනක් අරඹන්නෙමු. අපගේ ‘මිහිතලය’ නම් යානයෙන් අප එසේ සූර්යා වටේ ගමන් කරන අජටාකාශ පථයෙන් දුර ප්‍රමාණය, සැතපුම් නවකෝටි හතළිස් ලක්ෂයකි.

සම්මතයට අනුව වර්ෂයේ මුල් මාසය, නම් කෙරෙන්නේ ‘ජනවාරි’ මාසය වශයෙනි. ඒ නාමය, රෝම සංස්කෘතිය විසින් ප්‍රථම මාසයට දෙන ලද්දේ පැරණි රෝම දෙවියකුගේ නම ආශ්‍රයෙනි. මේ ජේනුස් නම් දෙවියාගේ විශේෂ ලක්ෂණය නම්, මුහුණු දෙකක් සහිත වීමයි. එක් මුහුණකින් ඉදිරිපස පෙනේ. අනික් මුහුණ පිහිටා තිබෙන්නේ ඔළුවේ පිටුපස නිසා, ඒ දෙවියාට අතීතයද දැකිය හැකිය. මෙසේ ජනවාරි මාසයට අධිපති ජේනුස් දෙවියා. එකවරම අතීතයත් අනාගතයත් දකී.

මුහුණු දෙකේ දෙවියාගේ ජනවාරියේදී, මිනිසුන් විසින්ද, අතීතය සහ අනාගතය එකෑවර බැලිය යුතුවේ. එවිට, ගතවූ සමයේ සිදුවූ අඩුපාඩු ඉවත්කොටගෙන, යහපත් අනාගතයක් හැඩගස්වා ගන්නට මිනිසාට වරය එළඹෙයි.
ගෙවීගිය වර්ෂයේ අගභාගය, ලොවට ව්‍යසන සමූහයක් ගෙන ආ කාල පරිචේදයකි. 2018 දී ස්වභාවික ආපදාවලින් ඉතාම බැරෑරුම් ලෙස දුක්වින්දේ ඉන්දුනිසියා දේශයයි. මෙයට හරියටම අවුරුදු 14 කට පෙර - 2004 දෙසැම්බර් 26 වැනිදා ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍ය සමූහයකට මහා විපතක් ගෙන ආ සුනාමිය, ආරම්භ වූයෙත් ඉන්දුනීසියාවෙනි.

2018 සැප්තැම්බර් 28 වැනිදා ඉන්දුනීසියාවේ සුලාවසී පෙදෙසේ 7.5 ක භූ කම්පනයක් හටගත්තේය. මේ ස්වභාවික විපතින් මියගිය සංඛ්‍යාව 2256 කටත් අධික වූයේය. 2018 කෙළවරවන විටද, ඉන්දුනීසියාව, සිත්පාරන සිද්ධියකින් වේදනා විඳිමින් සිටියේය. 2018 දෙසැම්බර් මාසයේ 22 වන දා ක්‍රැකටෝආ නම් ගිනි කන්ද පුපුරා ගියේය. ඒ පිපිරීම නිසා හටගත් අතුරු අනතුරුවලින් මියගිය සංඛ්‍යාව, 400 ද ඉක්මවා ගියේය. ඒ ආශ්‍රිත නායයෑම්, භූ චලන වැනි විපත් 2019 මුල් දිනවලද, ඉන්දුනීසියාවට, දුක - දොම්නස ගෙන ආවේය. 

ඒ එක්කම, ලොව තවත් පෙදෙස්වලින්ද ගිනිකඳු පිපිරීම් පිළිබඳ ඛේද වාචී පුවත්, ලොව කම්පා කරමින් පැතිර ගියේය. ගිනි බිය 2018, දේශ කිහිපයකටම ව්‍යසන ගෙන ආයේය. ග්‍රීසියේ සහ ඇමෙරිකාවේ කැලිෆෝනියා පෙදෙසේත් උද්ගත වූ ලැව්ගිනි, බරපතළ හානි පද්ධතියකට තුඩු දුන්නේය.

ගින්න නිවන්නේ ජලයෙනි. එසේ වුවද, ඉතා භයානක ලෙස, 2018 දී ජල ගැල්මෙන්ද මානව හානි බහුල ලෙස සිදුවිය. අසල්වැසි ඉන්දියාවේ කේරළ පෙදෙස, අතිශයින් දරුණු ජල ගැල්මකට ගොදුරු වූයේය. එහි, මේසා බැරෑරුම් ජල ගැල්මක්, මීට පෙර සිදුවී ඇත්තේ ශතවර්ෂයකට ඉහතදීය. 

2018 එසේ සමුගෙන ගියද, 2019 වන වර්ෂය උදාවන්නේ මානව ඉතිහාසයේ මෙතෙක් සිදු නොවූ ජයග්‍රහණ පිළිබඳ අපූරු තොරතුරු රැසකුත් සමගයි.

ප්‍රථමයෙන්ම, සඳහන් කළ යුතුව තිබෙන්නේ මුළු මහත් මානව වංශයම උද්දාමයට පත්කරන, අජටාකාශ චාරිකාවක ප්‍රවෘත්තියකි.

මේ ‘අජටාකාශ තරණ’ කතාව 2019 නව වසරට කෙරෙන ප්‍රභල සුබ පැතීමක් වැනිය.
මේ කියමන පැහැදිලි වන්නේ අප සඳහන් කරන, අලුත්ම අජටාකාශ චාරිකා කතාවෙනි.

මෑත යුගයේදී, පෘථිවියේ විද්‍යාඥයෝ, විවිධ යානා, අජටාකාශයට යැවූහ. ඔවුන් විසින් එසේ යවන ලද කෘත්‍රීම යානාවලින් එකක්, 2019 ජනවාරි පළමුවනදා ‘අල්ටිමා ටූලේ’ නම් අජටාකාශ වස්තුව වෙත ළඟා වූයේය. පෘථිවියේ විද්‍යාඥයන්ගේ අවධානයට මෙතෙක් ලක් වූ, පෘථිවියෙන් ඉතාම ඈත ‘ග්‍රහ’ වස්තුව, මේ ‘අල්ටිමා ටූලේ’ නම් වූ දෙයයි. 

‘අල්ටිමා ටූලේ’ නම් ග්‍රහ වස්තුවට ළඟා වූ චන්ද්‍රිකාව නම් කෙරෙන්නේ “නිව් හොරයිසන්ස්” (නව නිම් වළලු) වශයෙනි. එය පෘථිවියෙන් අජටාකාශයට නිකුත් කෙරුණේ 2006 යේදීය.

නියමුවන් විරහිත මේ යානය ජනවාරි පළමුවනදා ‘අල්ටිමා ටූලේ’ ග්‍රහ වස්තුවට ළඟාවූයේ 2019 ජනවාරි පළමු වනදා ජාත්‍යන්තර වේලාවෙන් 12.33 (ශ්‍රී ලංකා වේලාවෙන් දවල් 12.50 ය.)

යානය, එහි ගියේ සැතපුම් කෝටි 640ක් ගෙවමිනි. මේ යානය, ඒ ‘අල්ටිමා ටූලේ’ නම් ග්‍රහ වස්තුවට සැතපුම් 2000 ක් කිට්ටු වූයේය. මේ ග්‍රහ වස්තුවේ නම වන ‘අල්ටිමා ටූලේ” යන පදය සිංහලයට නැගිය හැක්කේ “ලෝකාන්තය” වශයෙනි.

අජටාකාශ යානයකට මෙතෙක් හමු වූ විශ්වයේ පැරණිම වස්තුව ‘අල්ටිමා ටූලේය’. ‘අල්ටිමා ටූලේ’ ඉතාම කුඩාය. එහි විෂ්කම්භය සැතපුම් 1500ක් පමණ වෙයි. එය පිහිටියේ අජටාකාශයේ අධිශීතල පෙදෙසකයි. ඒ නිසා එය ඉතාම හොඳින් ආරක්ෂිතව පවතී. මෙය ග්‍රහ ලෝක පහළවීමෙන් පසුව ඉතිරි වූ වස්තුවකි. ගොඩනැගිල්ලක් තැනූ ස්ථානයේ ගඩොල් ගොඩවල්, ගල් - පස් ආදිය ඉතිරිවන්නාසේම, ග්‍රහයන් තැනුනාට පසුව ඉතිරි වූ වස්තු ද ඇත්තේය. ඒවා උල්කාගත, ග්‍රහක ආදිය වේ. සෞරග්‍රහ මණ්ඩලයෙන් ඔබ්බේ එවැනි වස්තු ලක්ෂ ගණනින් ඉතිරිවී තිබේ. 
අල්ටිමා ටූලේ ඉන් එකකි. එසේ ඉතිරි වී තිබෙන කෝටි සංඛ්‍යාත වස්තු සඳහා භාවිත වන ඉංගිරිසි පදය ‘ප්ලැනටෙසිමල්’ (ග්‍රහ කැබලි) ය. මෙය අධ්‍යයනය කිරීමෙන් විද්‍යාඥයන්ට “පෘථිවිය” වැනි ග්‍රහයන් පිළිබඳ අපූරු, එමෙන්ම ප්‍රායෝගික වශයෙන් බොහෝ වැදගත්, දේවල් දැකගත හැකිවෙයි.

මේ යානය අජටාකාශයේ ගමන් කළේ පැයට සැතපුම් 32,000 ක වේගයෙනි. එය ‘අල්ටිමා ටූලේ’ වස්තුව පසුකොට සක්වල තවත් ඈතට ගමන් කරන්නේය. ‘අල්ටිමා ටූලේ’ නම් ග්‍රහ වස්තුව, හබ්ල් විශ්ව දුරේක්ෂයෙන් ප්‍රථමයෙන් දක්නා ලද්දේ 2014 රේදීය.

ලබන දින කිහිපය තුළදී, ලොවට, ඒ අපූරු ග්‍රහ වස්තුවේ පැහැදිලි රූප දැකිය හැකිවේ. ඒවා එවනු ලබන්නේ ‘නිව් හොරයිසන්ස්’ යානය විසිනි.

2019 උදාවීමේදී, අජටාකාශ ප්‍රවෘත්ති වශයෙන් අසන්නට ලැබුණේ. ඒ පුදුම ‘අල්ටිමා ටූලේ’ කතාව පමණක් නොවේ. 

චීනය විසින් සඳට යැවෙන යානයක් පිළිබඳ පුවතද දැන් අසන්නට ලැබේ. ‘චාන්ජේ 4’ නම් මේ යානය, විශේෂ ලක්ෂණයක් සහිත. මෙතෙක් හඳට යවන ලද යානා ගමන් කළේ හඳේ, අපට පෙනෙන තැනකට පමණි.(චන්ජේ නම් චීන පදය “චන්ද්‍රයාට” දෙනු ලබන චීන නාමයයි පැවසේ)

මේ නියමුවන් විරහිත චන්ද්‍රයානය සතු අමුත්ත නම් එය සඳේ අඳුරු පැත්තට ගොඩබසින්නට සැලසුම් කොට තිබීමයි. මෙතෙක්, විද්‍යාඥයන්ගේ නිරීක්ෂණයට ලක් නොවූ සඳේ අඳුරු පැත්ත පිළිබඳ තොරතුරු මේ චීන චන්ද්‍රචාරී යානය විසින් සැපයෙනු ඇත.

අජටාකාශ චාරිකා පිළිබඳ 2019 පුවත්වලට එකතුවන තවත් ආරංචියක් වේ.

“නාසා” ආයතනය විසින්, අඟහරු තලයට යවන ලද “ඉන්සයිට්” නම් යානය, දැනටම වැඩ පටන්ගෙන ඇත්තේය. “ඉන්සයිට්” යානය සංචාරක යානයක් නොවේ. එය එක තැනක නැවතී සිටිමින් “අඟහරුතලය” පිළිබඳ පර්යේෂණ රැසක් කරන්නේය. අඟහරු තලය තුළට උපකරණ යොමුකොට, අඟහරු තලය යට ස්වභාවය, පරීක්ෂාකොට වාර්තා කිරීම, ඒ යානයට පැවරී තිබෙන රාජකාරියයි.

අලුත් අවුරුද්දේ තවත්, සතුටු දායක තොරතුරු ඇත්තේය. එක්සත් ජාතීන්ගේ සංවිධනයේ “යුනිසෙෆ්” ආයතනය විසින් ප්‍රකාශිතව තිබෙන පරිදි, “අලුත් අවුරුදු දවසේ” දරු උපත් 395,000 කට අධික සංඛ්‍යාවක් සිදු වූයේය.
2019 ආසියාවේ රජ පවුල් කිහිපයක් ආශ්‍රිත පුවත්වලින් යුක්තව උදා වූ වර්ෂයකි.

මේ රජ පවුල්වල ප්‍රවෘත්ති අතුරින්, තරමක් සිත පාරන කතාවක් වන්නේ ජපානයේ අකිතෝ අධිරාජයා මේ වසරේ අප්‍රේල් මාසයේදී සිය අධිරාජ පදවියෙන් ඉල්ලා අස්වීමේ සිද්ධියයි. සිය රෝගී තත්ත්වය නිසා අධිරාජ පදවියෙන් ඉවත්වන බව නිල වශයෙන් ප්‍රකාශ කළ, අකිතෝ අධිරාජයා, අවසාන වශයෙන් ජනතාවගෙන් සමුගත්තේ, නව වසර දිනයේදීය.

ආසියාවේ මහා රාජ්‍යයක්වන ජපානයේ, මීළඟ අධිරාජයා වන්නේ නරුහිතෝ කුමරුය. 2019 අප්‍රේල් මාසයේදී සිය පියාණන්, පදවියෙන් ඉවත්වීමෙන් පසුව, ජපානයේ 126 වන අධිරාජයා වශයෙන් කිරුළු පළදින්නේ නරුහිතෝ කුමරුයි. 1960 පෙබරවාරි 23 වන දින උපන් නරුහිතෝ කුමරුගේ වයස 59යි. ඔහුගේ අධිරාජිණිය වන්නේ මසාකා ඔව්දා කාන්තාවයි. කුමාරයා විසින්, ඒ රාජකීයයෙකු නොවන කාන්තාව විවාහකොට ගන්නා ලද්දේ ප්‍රේම සම්බන්ධයකිනි.

අධිරාජ පදවිය අත්හරින අකිහිතෝ පාලකයාට පෙර, ජපානයේ අධිරාජයෙක් පදවියෙන් අස්වී තිබෙන්නේ මීට අවුරුදු 200 කට ඉහතදීය.

අතිශය ජනකාන්ත අධිරාජයකු වන අකිහිතෝ නරේන්ද්‍රයා උපත ලද්දේ 1933 දෙසැම්බර් 23 වනදාය. මේ වන විට අකිහිතෝ අධිරාජයා අසූපස්වන වියේ පසුවෙයි. එතුමා අධිරාජ පදවියට පත්වූයේ 1989 යේදීය. ඒ නිසා, එතුමා මේ වන විට අධිරාජ සිහසුන දරා තිස්වසක් ගතවී ඇත්තේය. 

අකිහිතෝ අධිරාජයා, සිය අධිරාජිණිය ලබාගත්තේ පෙම් බැඳීමකිනි. අධිරාජිණිය වූ මිඩිතෝ ෂෝඩා කාන්තාව හා සමග එතුමා විවාහ වූයේ 1959 යෙදීය.

ආසියාවේ ප්‍රධාන බෞද්ධ දේශයක් වන තායිලන්තයේ නව පාලකයා වන මහා විද්‍යාලංකාරයේ කුමරුගේ මෞලි මංගල්‍යය පැවැත්වෙන්නේ මේ 2019 වන වර්ෂයේ මැයි මාසයේදීය.
මෙසේ 2019 වර්ෂය, ලොවට උදාවන්නේ සුබ නිමිති රැසක් ගෙන එමිනි.

මෙතෙකක් තබා, 2018 වර්ෂයේදී ඉතාම දැඩි දෝමනස්සයෙන් පෙළුණු ඉන්දුනීසියා රාජ්‍යයෙන්ද සුබ ආරංචියක් 2019 මුලදීම ඇසෙන්නෙකි. 

ඒ සුබාරංචියෙන් කියැවෙන්නේ, ඉන්දුනීසියාවේ ජෝඩු 500 කගේ සාමුහික විවාහ මංගල්‍යය, නව වසර උදාවෙද්දී පැවැත්වුණු බවයි. ගෙවීම්වලින් තොර ඒ සාමුහික විවාහය පැවැත්වූයේ මහා කූඩාරමකයි. මහවැසි ඇදහැලෙමින් තිබුනද, ඉන් බාධාවක් නොලබා ඒ ‘මහා සාමුහික විවාහ මංගල උත්සවය’ පැවැත්තේය.

මේ දැවැන්ත විවාහ මංගල්‍යය සඳහා පූර්ණ අනුග්‍රහය දැක්වූ “මාමණ්ඩි” වූයේ ඉන්දුනීසියා අගනුවර වන ජකර්තාවේ පාලක නිලධාරි පිරිසය.

මේ උත්සවය වඩාත් ඉහළ මානුෂික ලක්ෂණ සහිත වූයේ තවත් ප්‍රබල හේතුවක් නිසාය. මේ ‘ජෝඩු’ රටේ ඉතා දුප්පත් පවුල්වල තැනැත්තෝ වූහ. ඔවුන් කොපමණ දිළිඳු ද කිවහොත් ඔවුන්ට උප්පැන්න සහතික, විවාහ සහතික ආදී නිල ලියකියවිලිවත් නැත. ඒ ප්‍රදේශයේ ආණ්ඩුකාර තැන්පත් ඒනීස් බස්වෙද්‍රන් මෙසේ කීයේය. “නිල වශයෙන් පිළිගැනෙන විවාහ සහතිකයක් නිසා මේ අයටත් මේ අයගේ දරුවන්ටත් රජයෙන් සැපයෙන පහසුකම් ලැබීමට සුදුසුකම් අත්පත් වේ. ඒ පහසුකම් නම් සෞඛ්‍ය හා වෛද්‍ය ආධාර, දරුවන්ගේ අධ්‍යාපනය සඳහා පිහිට ආදියයි”. 
මේ මහා සමුහික විවාහ මංගල උත්සවය සඳහා, මේ නව වසර කාලය තෝරා ගන්නා ලද්දේ මෙය නිවාඩු සමයක් හෙයින් හැමෝටම මෙයට සහභාගී විය හැකි නිසා යැයි සංවිධායකයෝ පැවසූහ.

මේ මහා සාමූහික මංගල උත්සවයට සහභාගිවූවන් අතර ඉතාම වයස්ගත මනාලයාගේ වයස 76 යි. මහලුම මනාලියට 65 යි.

ලාබාලම ජෝඩුවේ මනාල - මනාලි දෙදෙනාම 19 හැවිරිදි අයයි.

මෙසේ 2019 සමාරම්භක දින කිහිපය තුළ සිදු වූ යහපත් දේවල් සමාලෝචනය කළේ උදා වූ 2019 අලුත් අවුරුද්ද, අපටත් 2018 ටේ සිදු වූ ඇතැම් කර්කශ සිද්ධි හා සමග කිසිසේත් ආශ්‍රිත නොවූ අති සෝමනස්සදායි සුබ සිද්ධිදාමයක් උදාවේවායි පතනු රිසියෙනුන්ය. 



අදහස් (0)

2019 ට සොඳුරු පෙරනිමිති

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කාශ්මීරයෙන් ඇවිලෙන ඉන්දු - පාකිස්තාන් ගිනිපුපුරු
2025 අප්‍රේල් මස 26 425 0

අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා


සෝද සෝදා එළියට අදින පාස්කු දා ප්‍රහාරය
2025 අප්‍රේල් මස 26 166 0

මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්‍


ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 576 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 844 4

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 791 1

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 14090 5

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 982 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 426 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 574 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site