IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අක්කලා නංගිලාගෙන් ආදරය සොයන facebook කොල්ලෝ

26-Rasa-page-1-1

 

සමාජ ජාල යනු හොඳ, නරක දෙකම සමසමව පිරි තාක්ෂණයකි. මුහුණු පොත (Face Book) යනු ලංකාවේ 95%ක් පමණ තරුණ තරුණියන් සහ බාල මහලූ අය පවා ගැවසෙන ඉසව්වකි. මීට පෙර විවිධ මාතෘකා ඔස්සේ මුහුණුපොත හරහා සිදුවන අකටයුතුකම් පිළිබඳ 
ගවේෂණ මඟින් අනාවරණ කළෙමු. බොරු ආදර සබඳතා, අනියම් සබඳතා, රැවටීම්, මුදල් ගැරීම ආදී ක‍්‍රියා මුහුණුපොත හරහා කෙසේ සිදු වේදැයි අපි ඉදිරිපත් කළෙමු. ඒ අතර තිබෙන අලූත්ම රැල්ල නම් විශේෂයෙන්ම අවිවාහක තරුණියන් සහ වැන්දඹු හෝ සැමියා පිටරටක සිටින හෝ කාන්තාවන්ට මුහුණු පොත හරහා අත් විඳීමට වන අකරතැබ්බත්, ඒවා මඟින් කම්සැප සොයන දහස් ගණනක් වූ පාසල් සිසුන්, තරුණියන් සේම විවාහක දරු මල්ලන් සිටින මහත්වරුන්ගේ අනඟ රැඟුම් ගැන අද අපේ ගවේෂණය යොමු කරමු. මෙහිදී විවාහක මහත්වරුන්ගේ සහ තරුණයන්ගේ අසහනකාරී හැසිරීම් සේම කාමයට ලොල් වී තම විවාහය පවා අමතක කරන මහත්වරුන් බොහෝ ගණනකගේ සැබෑ කැරුට්ටුව අපි දැන ගත්තෙමු.

 


මේ සඳහා අපි තරුණියකගේ නමින් මුහුණු පොත ගිණුමක් පටන් ගත්තෙමු. එහි හඳුනාගැනීමේ ඡුායාරූපයට (Profile Picture) සහ කවරයේ ඡුායාරූපයට (Cover Photo) එක ළඟින් යන සුරූපී තරුණියන් දෙදෙනෙකුගේ ඡුායාරූප එක්කළෙමු. මෙම තරුණියන් දෙදෙනා එක්කෙනෙකු නොවන බව හොඳින් බැලූ විට තහවුරු වේ. කවරයේ ඡුායාරූපයට එම තරුණිය කෙටි කලිසමකින් සැරසී තම බාල සොහොයුරා සමඟ සිටින ඡුායාරූපයක් දැම්මෙමු.

හඳුනාගැනීමේ ඡුායාරූපය උඩුකය පමණක් පෙනන ඉතා විනීත හැඩකාර රුවක් සහිත තරුණියකගේ විය. අප මෙම ගිණුම සාදා මෙම තරුණිය මුහුණු පොතට නවකයෙකු බවත් හොඳ මිතුරියන් සොයන බවටත් කෙටි සටහනක් (Status Post) එක් කළෙමු. කෙසේ හෝ පසු දින සවස අප මෙම ගිණුම නිරීක්‍ෂණයට ගිය විට ඇස් අදහාගත නොහැකි සංඛ්‍යාමය දත්ත දක්නට ලැබුණි. එනම් බාහිරින් එම ගිණුමට ආ මිතුරු ඉල්ලීම් (Friend Request) 1548ක් එහි තිබුණි. තවද පණිවුඩ (Messages) 44ක් තිබුණි. පසුව අප එම සියලූම මිතුරු ඉල්ලීම් අනුමත (Accept) කළෙමු. එලෙස අනුමත කරන කාලය අතරතුර ස්තූති කිරීම් 184ක් ලැබුණේ තරුණයන්ගෙනි. කෙසේ හෝ එම දවස අවසානයේ මිතුරු හවුලේ අගය 1788 දක්වා ඉහළ ගොස් තිබුණේ පැය 24ක කාලයක් තුළදීය. පසුදින නැවත ගිණුමට ආ කල අපට දක්නට ලැබුණේ ආමන්ත‍්‍රණ (Hi, Hello...) එවූ පණිවුඩ (Messages) 398කි. ඊට අමතර අප එක් කළ කවරයේ ඡුායාරූපයට කැමැත්ත (Likes) ප‍්‍රකාශ කිරීම් 788ක් හා හඳුනාගැනීමේ රුවට කැමැත්ත (Likes) ප‍්‍රකාශ කිරීම් 803ක් හා අදහස් (Comments) 315ක් තිබුණි.


අප සාදා ගත් ගිණුම සමඟ කථා කිරීමට (Chat) බොහෝ පිරිසක් නිරන්තරයෙන් පණිවුඩ එවා තිබුණි. අහඹු ලෙස තෝරා ගත් තරුණයෙකු සමඟ ඉතා කුළුපගව සංවාදයකට යොමු වූ අතර ඔහු ලබන වසරේ උසස් පෙළ කරන සිසුවෙකි. නිතරම මුහුණු පොතේ තම ක‍්‍රියාකාරකම් යාවත්කාලීන කරන ඔහු එහි වසර 8කට අධික කාලයක සාමාජිකයෙකි. අපගේ ගිණුම ඔහුට අක්කා කෙනෙකු බැවින් ඔහු එලෙස ලාලිත්‍ය වචන වලින් අප අමතන ලදි. ඔහුගෙන් අප ලබා ගත් තවත් විස්තර අනුව ඔහුගේ දෙමව්පියන් රජයේ නිලධාරීන් වන අතර එකම නැගණිය 8වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. දුම් පානයට ඔහු ඇබ්බැහිවී වසර 2ක් පමණ වන අතර මේ වන විට ඔහු හා සම්බන්ධකම් පවත්වන ඔහුගේ පෙම්වතිය යැයි පවසන තරුණිය සමඟද ලිංගිකව හැසිරී ඇත. අපගේ මාතෘකාව ඔහුට අවශ්‍ය අංශයට යොමුකළ පසු ඔහු එම පෙම්වතිය සමඟ ගත් ඡුායාරූප පවා අප වෙත එව්වේය. ඔහු තදින් නිල් චිත‍්‍රපට බැලීමට ඇබ්බැහි වූ සිසුවෙකු වන අතර දෙමාපියන් නිවසේ දිවාකාලයේ නොසිටීම නිසා ඔහුට විශාල නිදහසක් ලැබී තිබේ. ඔහු කෙතරම් ලිංගික උන්මාදයකින් පෙළෙන්නෙකුද කිවහොත් ඔහුගේ අසභ්‍ය ඡුායාරූප පවා අප වෙත එවා තිබුණි. මොහුගේ වුවමනාව වනුයේ තවත් තරුණියක් මඟින් කම්සැප ලබා ගැනීමයි. මොහුගේ වචන අපට විශ්වාස කළ හැකි වූයේ මොහු අප සමඟ වීඩියෝ ඇමතුමකට සම්බන්ධ වීමෙනි. එහිදී අප ඔහුගේ රුව දුටු අතර ඒවා ඔහු විසින් එවූ ඡුායාරූප බව අපට පැහැදිලි විය.


මෙම සිසුවාගේ අදහස් ගත් කල මෙවැනි දුර්ජන ක‍්‍රියාවලට පෙළඹීමට ඔහුට අවස්ථාව ලැබී තිබෙන්නේ අසීමාන්තික නිදහසක් සමඟ අන්තර්ජාල පහසුකම් තිබීමයි. එම නිසා තවමත් පාසල් වියේ පසුවන මොහු කෙතරම් පහත් ක‍්‍රියා කර ඇත්දැයි නිශ්චිත කරගත හැක. කෙසේ හෝ ඔහු මගින් ඔහුගේ පෙම්වතියගේ  මුහුණු පොත පිටුවත් ඔහුගේ නිවසේ දුරකථන අංකයත් අපි සොයා ගත්තෙමු. එහිදී අප ඔහු හා සෘජුවම කථාකිරීමට සැරසුණු විට ඔහු වික්‍ෂිප්තයට පත්විය. අප කවුරුද විස්තර පවසා ඔහු කරන වැරදි වල බරපතළකම ඔහුට සාක්‍ෂි සහිතව විස්තර කරදුනිමු. විශේෂයෙන් ඔහුගේ සංවාදයක්, වීඩියෝ දසුන් හා ඡුයාරූප සියල්ලත් අප අතර ඇති බවත් ඒවා ඔබගේ දෙමාපියන්ට හෝ පෙම්වතියට පෙන්නුවහොත් ඔබට අත්වන ඉරණමත්, මෙලෙස වංචනික ගිණුම් හිමි හැකර්කරුවෙකුට ඔබ හසුවූවානම් ඔවුන් ඔබ දුන් ඡුායාරූප වලට කරන දෑ පිළිබඳවත් සවිස්තරව පහදා දුනිමු. කෙසේ හෝ එය තේරුම් ගැනීමට අප කාලය දී දින දෙකකට පසු බලන කල ඔහු ඔහුගේ ගිණුම අක‍්‍රීය කොට තිබුණි.

 

සමාජය ඉදිරියේ වත් පොහොසත්කමින් ඉහළට ගියත් තම දරුවන් ගුණයහපත්කම් අතින් මෙපමණ පහළට යනවාදැයි නිරන්තරයෙන් මව්පියන් සොයා බැලිය යුතුයි. විශේෂයෙන් අන්තර්ජාල කටයුතු දෙමව්පියන්ගේ නිරන්තර නිරීක්‍ෂණයට ලක්විය යුතුය.


මීළඟට අප හා සංවාදයට එක්වූයේ බැංකු නිලධාරියෙකු වන එක් දරු පියෙකි. ඔහුගේ මිතුරු ඉල්ලීම පිළිගැනීම වෙනුවෙන් ‘‘ස්තූති කිරීම්’’ සහ තවත් විසිතුරු මල් වර්ග සමඟ Hi, Hello... ලෙස පණිවුඩ 8ක් එවා තිබුණි. ඔහුගේ ගිණුම් පරීක්‍ෂා කළ කල ඔහු එක්දරුපියකු බවත් ඔහුගේ බිරිඳ ගෘහණියක් වන අතර ඇය ගම්බද අහිංසක කාන්තාවක් බවත් දැකගන්නට ලැබුණි. පවුලේ ඡුායාරූප බොහෝමයක් ඔහු මුහුණු පොතට එකතු කර තිබුණි. ඒවා මඟින් ඔහු හා ඔහුගේ පවුලේ, රැුකියා ස්ථානය පිළිබඳවත් සත්‍ය තොරතුරු දැන ගැනීමට ලැබුණි. ඉතාමත් වෘත්තීය මට්ටමින් සංවාදයට එළඹුණු ඔහුගේ යටි අරමුණ වටහා ගැනීමට අපට එතරම් වෙලා නොගියේය. ඉන් පසු ඔහුගේ සැබෑ ස්වරූපයත් අදහසුත් දැන ගැනීමට අපට හැකි විය.


වසර 8ක බැංකු ජීවිතය තුළ ඔහු වෙනත් කාන්තාවන් 13 දෙනෙකු ඇසුරු කර ඇති අතර සති දෙකකට පමණ වරක් සම්බාහන මධ්‍යස්ථානවලට යනෙන ස්ත‍්‍රී ලෝලියෙකු බව ඔහු විසින් පවසන ලදි. අපගේ ගිණුම හිමි තරුණිය ලෙස වටහාගත් ඔහු හමුවීමට පවා සූදානම් බවත් එහිදී  ඕනෑම වියදමක් තමා දරණ බවත් පැවසීය. ඔහු තම බිරිඳට හොරෙන් ස්ත‍්‍රීන් පසුපස යන ආකාරය බොහෝ විස්තර උජාරුවෙන් අපට කීවේ තමා එම ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෙකු බව හඟවමිනි. අප ඔහුගෙන් මුදල් ඉල්ලූවද එය පවා දීමට නොපැකිළෙන කෙනෙකු වූ ඔහු එලෙස නොමනා ක‍්‍රියා කරමින් තම අහිංසක පුතුගේ ඡුායාරූප මුහුණුපොතේ දමා සිල්වතෙකු මෙන් හැසිරෙයි. මෙවැනි විවාහක පුද්ගලයන් 28 දෙනෙකු අප වෙත මිතුරු ඉල්ලීම් හා සංවාද :ක්‍ය්එ* ඇරියුම් එවා තිබුණි. 
බොහෝමයක් එවැනි විවාහකයින් තම පවුලේ ඡුායාරූප පවා එක්කොට තිබුණි. මුළු ලොවටත් තම අහිංසක බිරිඳ හා දරුවන්ට හොරෙන් තම ධනය වෙනත් ස්ත‍්‍රීන් හට පුද කරන ස්ත‍්‍රී කෑදර පිරිසක් බව අපට දැකගන්නට ලැබුණි. සමහරු කාර්්‍යාලයීය වෙලාව තුළදී පවා අප සමඟ සංවාදයේ යෙදුණි.

එලෙසම ඔවුහු අසභ්‍ය ඡුායාරූප තොග පිටින් සංවාදයට එකතු කළහ. ඔවුන් කිසියම් වූ අසහනයකින් පෙළෙන බවත් ඔවුන්ගේ ස්ත‍්‍රී ලෝලිත්වය යම් දිනෙක සමාජ රෝගවලට ඔවුන් යොමු කොට දරු පවුල අනාථ කරන බව අපට පැහැදිලිය. බොහෝ තරුණයන් තම අසභ්‍ය ඡුායාරූප ගෙන ඒවා මෙවැනි අහිංසක තරුණියන්ගේ මුහුණු පොත සංවාදවලට බලහත්කාරයෙන් යවනා බව අපට පැහැදිලිය. මන්දයත් බොහෝ හොඳ ගුණගරුක තරුණියන් හට මෙවැනි අසභ්‍ය පින්තූර සහිත අයුතු යෝජනා එන බව අපට දැන ගන්නට ලැබුණු බැවිනි.


මුහුණු පොත සමඟ ලිංගිකත්වය හුවමාරුවෙන පෑනේ මිතුරු වෙබ් අඩවි කිහිපයක් ලංකාවේ තිබේ. ලංකාවේ පෑනේ මිතුරෝ (Sri Lanka Pen Friends) ලෙස සෙවුම් පිටුවක සොයන කල ‘ලංකා’ නමින් පැමිණෙන වෙබ් පිටු කිහිපයක් තිබේ. ඒවායේ මෙවැනි විකෘති ලිංගික ආශා පිටුපස යන තරුණයන් තම දුරකථන අංක සමඟ විස්තර පළකොට තිබේ.


පේ‍්‍රමයේ පරාජය ඉවසා ගත නොහැකි බොහෝ අසහනකාරී පෙම්වත්තු තම පෙම්වතියගේ දුරකථනය සමඟ අන්තනෝමතික ලිංගික අවශ්‍යතා පිළිබඳ ඇයගේ නමින් විස්තර එකී වෙබ් අඩවි තුළ පළකරති. තවද ෆේස්බුක් ගිණූම් හරහා තම පෙම්වතිය සමඟ ගත් ඡුායාරූප විකෘති කොට කාමුක අවශ්‍යතා ඇති කෙල්ලකුගේ මෙන් පළ කරන බව ඔබ නොදන්නවා විය හැක. සත්‍ය පෙම්වතියගේ යහළු යෙහෙළියන්වද එම ගිණුමට එකතු කරගෙන හෙමි හෙමිහිට විකෘති ඡුායාරූප සමඟ පෞද්ගලික විස්තර පළකරන අනුවණ තරුණ රැුල්ලක් සමාජ ජාල අඩවි තුළ දැකිය හැකිය.


මීළඟට අපගේ මිතුරු හවුලේ සිටින මැදිවියේ, එනම් වයස 45ක පමණ රජයේ උසස්  අංශයක ප‍්‍රධාන පුටුවක සිටින මහත්මයෙකුගේ සංවාදයක් ඇරඹිණි. ඔහු විසින් මුලින් මුලින් බොහෝ වර්ණනා කරන ලද පණිවුඩ එවූ අතර ඉතාමත් වැදගත් සංවාදයක් පවත්වාගෙන ගියේය. දින 3ක් පමණ ගත වන විට ඔහුගේ යටි අරමුණ ඉස්මතු වන්නට වූයේ බිරිඳගේ ප‍්‍රශ්නයක් පැන නැඟුණු කලය. තමා සමඟ සම්බන්ධතාවක් පවත්වාගෙන යන්නේ නම්  ඕනෑතරම් වියදම් කරන බවත් නිරූපණ ක්ෂේත‍්‍රයේ හෝ වෙළඳ දැන්වීම්වලට පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන බවටත් පැවසීය. අපද ඉතා චාටු බස් දොඩමින් ඔහුගේ පැරණි කියුම් කෙරුම් හා ඔහුගේ අශෝභන ජීවන රටාව පිළිබඳ විස්තර දැනගත්තෙමු. ඔහු නිරූපණ හා වෙළඳ දැන්වීම් ක්ෂේත‍්‍රයට මෙලෙස තරුණියන් කිහිපදෙනෙකු යොමු කර ඇති අතර, එහිදී සන්තෝසම් වශයෙන් එම තරුණියන්ගේ ශරීරය මොහු බිල්ලට ගෙන තිබුණි. ඉතාමත් පහත් ආශාවන් සංසිඳුවා 
ගැනීමට තම ධනය, බලය වැය කළ මොහුට මෙවර ශිෂ්‍යත්වය කරන දරුවෙකුද සිටින තිදරු පියෙකි. ඔහුගේ සමාජ ශාලා සහ සම්බාහන මධ්‍යස්ථානවල විශේෂ වරප‍්‍රසාද භුක්ති විඳීමත් නීතියට පටහැනි අනුමත කිරීම්වලින් ලැබෙන කළු සල්ලිත් ඔහුගේ සෙල්ලක්කාර ජීවිතයට උදව් වී තිබුණි.


පුරා දින 10ක් තුළ අප මෙම ෆේස්බුක් ගිණුමේ සැරිසරන අතර මේ වන විට සමස්ත මිතුරු සංඛ්‍යාව 3420ක් ව පැවතුණි. මින් 701කගේ පමණ ප‍්‍රධාන ඡුායාරූපය ඔවුන්ගේම බවත් ඔවුන්ගේ පැරණි දත්ත විමර්ශනය කිරීමේදී ඔවුන්ගේ කැමැත්ත ප‍්‍රකාශකර තිබුණු මුහුණු පොත් පිටු ලිංගිකත්වය පිළිබඳව තිබෙන ඒවා බවට අපට පැහැදිලි වුණි. මෙලෙස තවත් තරුණයන් කිහිපදෙනෙකුගෙන් දිගින් දිගටම සංවාදයකට යොමුකර ගැනීමට අප වෙත බොහෝ පණිවුඩ එවා තිබුණි. අපගේ ගිණුම සක‍්‍රීය (Online) වී තිබුණු කල සංවාද කිරීම් සඳහා විටෙක 250කට අධික ඉල්ලීම් (Inbox Chat) ආවේය. විටින් විට අප පළකළ මුහුණු නොපෙනෙන සාමාන්‍ය ඡුායාරූපවලට ඇසිල්ලකින් සියගණනකට එහා කැමැත්ත ප‍්‍රකාශ කිරීම් ලැබුණි. මෙම ලිංගික උන්මාදයට වගකිව යුත්තේ කුමන තාක්ෂණයදැයි අපට එක එල්ලේ කිව නොහැක. නමුත් ස්මාර්ට් දුරකථන තුළින් අන්තර්ජාලය තම දෑත මත පැය 24 පුරාම තිබීම නිසා සමාජ ඡුාල හා ෆේස්බුක් අඩවි තුළ සැරිසැරීමටත් අයුතු නිදහසක් සුවසේ විඳීමටත් හැකියාව වත්මන් තරුණයන්ට තිබෙන බව නොරහසකි.


අන්තර්ජාලය නම් තාක්‍ෂණය, ශ්‍රී ලංකාවේ බොහෝ තරුණ පිරිස යොදාගන්නේ නිල් චිත‍්‍රපට බැලීමට සහ ලිංගික අවශ්‍යතාවලට සහකාරියක් සොයා 
ගැනීමටයි. අප කළ මෙම කුඩා ගවේෂණයට ලද ප‍්‍රතිඵල ඉතා වැඩිය. විශේෂයෙන් තරුණියකගේ යන්තම් හෝ ආවරණය විය යුතු ස්ථාන නිරාවරණය වී ඡුායාරූප තිබේ නම් ඒ පසුපස රොද බැදගෙන එන තරුණයෝ බොහෝය. වයස 15-22 අතර නව යොවුන් තරුණයන් තුළ මෙම උන්මාදය ඉතා බහුල වන අතර ඔවුහු ‘‘අක්කා’’ කෙනෙකු සොයා ගැනීමට මහත් වෙහෙසක් දරති. අප සමඟ චැට් කිරීමට ආ සමහර තරුණයෝ කුරුණෑගල, ගම්පහ, කෑගල්ල, මහනුවර ආදී ප‍්‍රදේශවල ජීවත් වන 1993-96 අතර උපත ලද අයවෙති. ඒබව ඔවුන්ගේ මුහුණුපොත පීරා බැලූ කල සාක්‍ෂිත් සමඟ අපි සොයා ගත්තෙමු. මොවුහු යහපත් තරුණියන්ට පවා තම ඡුායාරූප අනාරාධිතවම පණිවුඩයකින් යවති. මෙවැනි දේවල්වලට හසුවුණු තරුණියන්ද බොහෝය.


බොහෝ තරුණියෝ මුහුණුපොතේ ආරක්‍ෂිත (Privacy) හා සැකසුම් (Setting) විධාන තුළ තිබෙන අධි ආරක්‍ෂිත ක‍්‍රම අනුගමනය කරති. එහිදී තම නාමය පිටස්තර පුද්ගලයන් විසින් මුහුණුපොතේ සොයනු ලැබුවත් හමු නොවන ලෙස හා මිතුරු ඉල්ලීම් එවිය නොහැකි ලෙසත් තම සියලූම ඡුායාරූප මිතුරන් අතරේ (Frineds only) පමණක් නැරඹීමට විධාන දමා තිබේ. කුරුණෑගලින් අප හා සංවාද කළ තාරකා පැවසූ පරිදි ඇය මෙවැනි මුහුණුපොත් මිතුරියන් තිදෙනෙකු තම ග‍්‍රහණයට ගෙන තිබේ. ඔවුන්ව මුහුණුපොතේ ආරක්‍ෂිත අංශවලට වාර්තා (Report) කළ හැක. ඔහු අපටද ආමන්ත‍්‍රණය කරමින් දිගින් දිගටම පණිවුඩ 80ක් පමණ දිනක් තුළ එවා බැරිම තැන අසභ්‍ය වදන් බැණ අසැබි ඡුායාරූප රාශියක් එවා තිබුණි. තම ගිණුමට කිසිදු නොදන්නා පුද්ගලයෙකු එකතු කරනොගන්න. වර්තමානයේ ප‍්‍රසිද්ධ නළු නිළියන්, කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හා ජනපි‍්‍රය පුද්ගලයන් ලෙස පෙනී සිටීමින් ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යයි. එසේම නොමිලේ ලූහුඬු දැන්වීම් පළ කරන වෙබ් අඩවි තුළ තවමත් නිරූපණ ශිල්පිණියන් උවමනාය ලෙස අන්ත ව්‍යාජ වැඩසටහන් කි‍්‍රයාත්මක වේ.


තම පවුලේ ඡුායාරූප එකතු කරමින් අනියම් කම්සැප සොයන ස්වාමිපුරුෂයන් හා පියවරුන් කරන මේ දුර්ජන කි‍්‍රයාව දිනක ඔවුනටම කැරකී එන බව වටහා ගත යුතුයි. තවත් කරුණක් නම් ලංකාවේ සමලිංගිකාවන් ලෙස හැසිරෙන තරුණියන්ගේ යම් ප‍්‍රවණතාවක් ඇති අතර මුහුණුපොත තුළ නිළියන්ගේ, කාටුන් කාන්තාවන්ගේ රූප එකතු කරගෙන කාන්තා නම්වලින් සිටින්නේ 80%ක් පමණ තරුණයෝ වෙති. එය අපි සාක්‍ෂි සහිතව දැන ගත්තෙමු. ‘ලංකාවේ ආදරය’ ‘ලංකා කෙටි පණිවුඩ’ ලෙස තිබෙන මිතුරු හවුල් යනු ලිංගික වෙළඳාම සිදු කරන මධ්‍යස්ථාන වේ. එම නිසා අන්තර්ජාලය භාවිතා කරන මව්පියන් තම දරුවන්, විශේෂයෙන් තම පුතුන් කරන දෑ පිළිබඳ දැඩි විමසිල්ලෙන් සිටිය යුතුය. සෑම පෙම්වතියක්ම තම පෙම්වතාගේ මුහුණු පොත ගිණුමේ යතුරුපදය (Pass word) දැන විටින් විට එය නිරීක්‍ෂණය කිරීමෙන් ඉදිරියේදී වියහැකි විනාශයන් වළක්වා ගත හැකිය. ඒ සඳහා තාරුණ්‍යය හරවත් ලෙස එකතු විය යුතුය.

 

m



අදහස් (0)

අක්කලා නංගිලාගෙන් ආදරය සොයන facebook කොල්ලෝ

චමිංක Friday, 09 October 2015 06:13 AM

නියම ලිපියක්. කාලෝචිතයි.(ම)

:       0       0

අමල් Friday, 09 October 2015 11:44 AM

හොද අර්ථකතනයක්. (ර)

:       0       0

චින්තක Friday, 09 October 2015 11:44 AM

ලිපිය කාලෝචිත එකක්. පාසල් මට්ටමින් කතා කරන්න ඕන දෙයක්. (ර)

:       0       0

පියුමි Tuesday, 06 October 2015 06:53 AM

කාලෝචිතයි මෙවන් ලිපි තවත් ඉදිරිපත් කරන්න තරුණ තරුණියන්ට ලොක්ය දකින්න (ම)

:       0       0

පියුමි තරංගනී Tuesday, 06 October 2015 06:52 AM

ඉතාම වැදගත් හා කාලෝචිත ලිපියක් (ම)

:       1       0

ජයනාත් Sunday, 04 October 2015 03:29 PM

මෙය හොඳ කාලෝචිත ලිපියක් .නමුත් වැරැද්ද ෆේස් බුක් ජාලයෙවත් ,සකබර්ග් ගේ වත් නොවෙයි,බොහෝ නව යෞවනයන්ගේ අවභාවිතයයි....! මේවා තහංචි දාලා හදන්නට ලංකාවේ තබා ලෝකයේවත් බැහැ. විද්‍යුත් මාධ්‍යයන් ,සන්නිවේදනයන් වාරණය දැන් ලෝකයේ ප්‍රයෝගික නැහැ .සංවර්ධිත රටවල පවා මෙවැනි දෑ සිදුවෙනවා. (බ)

:       0       0

දිමුත් Wednesday, 07 October 2015 08:44 AM

දැන් මේ ලිපිය ලියපු කෙනා හැම අතින්ම සුපිරිසිදු පුද්ගලයෙක්ද කියන්න මම දන්නැහැ. හැබැයි කතුවරයා යම්කිසි භීතිකාවකින් පෙලෙන බව නම් පේනවා. එලෙස අන්තවාදී වීම හොඳ නැහැ. (ස)

:       0       0

සම්පත් Monday, 29 February 2016 03:32 PM

මමත් බැඳලා දරු දෙන්නෙක් ඉන්න කෙනෙක්. ඒත් මගෙත් පොඩි පොඩි ප්‍රශ්න තිබෙනවා (නි)

:       0       0

තාරක Monday, 05 October 2015 05:07 AM

ඔය ගොල්ලොත් කරල තියෙන්නෙ වැරැද්දක්..ව්‍යාජ ගිණුම් හදල..බොරුවට සුදනො වෙන්න එපා (බ)

:       0       1

සුමිත් Sunday, 04 October 2015 09:29 AM

නියම ලිපියක් (ම)

:       0       0

සමන්මලී Monday, 05 October 2015 01:01 PM

තාරක, ඔයත් මේ වගේ අහුවෙච්ච කෙනෙක් වගෙයි පෙනෙන්නේ. (නි)

:       0       0

විජිත Saturday, 03 October 2015 04:51 AM

හොඳ ලිපියක් (නි)

:       0       0

කරුණාරත්න Saturday, 03 October 2015 05:59 PM

දැන් ෆේස්බුක් වසංගතයක් තරමට වැඩිවෙලා (නි)

:       1       0

සාලිය Monday, 05 October 2015 07:00 AM

සම ලිංගික ක්‍රියා වලටත් ඉතාම පහත ලෙස භාවිත වෙනවා ... හනේ අපේ තරුණ ළමයි විනාශ වෙන හැටි . (අ)

:       0       0

ඉසුරු Tuesday, 06 October 2015 05:39 AM

අත්තටම මේලිපිය ගොඩාක් හොඳ ලිපියක් මම නොදන්න දේවල් ගොඩාක් දැනගත්තා. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3391 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 383 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1026 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 92 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 180 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site