IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


අගමැති සමඟ හැප්පෙන්නේ පරණ තරහකට නේද?

 

 

ආසියාවෙන් මෙතෙක් හමු වූ විශාලතම කුඩු තොගය සහිත කන්ටේනරය වරායෙන් නිදහස් කරන්නැයි අගමැති ලේකම්වරයකු විසින් යැවුණු බව කියන ලිපියක් නිසා මුලූ රටේම ආන්දෝලනයක් ඇති විය. ජාතික හෙළ උරුමයේ   ඕමල්පේ සෝභිත හිමියන් පසුගිය සතියේ පවසා තිබුණේ මේ සම්බන්ධයෙන් අගමැති එම තනතුරෙන් ඉවත් කර අත්අඩංගුවට ගත යුතු බවයි. තවත් පිරිසක් චෝදනා කළේ දේශපාලන වශයෙන් අගමැතිගෙන් පලිගැනීමටත්, නියම කුඩු ජාවාරම්කරුවන් යට ගැසීමටත් අගමැතිට චෝදනා කරන බවයි. කුඩු කන්ටේනරය සම්බන්ධයෙන් අගමැති එම තනතුරෙන් ඉවත් කළ යුත්තේ ඇයි දැයි හෙළ උරුමයේ  ඕමල්පේ සෝභිත හිමියන්ගෙන් විමසීමු.

 


ප‍්‍රශ්නය:- මොකක්ද මේ කුඩු කන්ටේනරේ කතාව? ඇයි ඊට අගමැති පටලවන්නේ?
පිළිතුර:-
කුඩු කන්ටේනරය නිදහස් කරන්න අගමැති සම්බන්ධයි  කියා චෝදනාවක් තියෙනවා. ඒ කියන්නේ එතුමාගේ ලේකම්වරයෙක් ලිපියකින් ඉල්ලීමක් කර තිබෙනවා මේක බදුවලින් නිදහස් කරන්න කියා. මේක ආසියාවේ ලොකුම කුඩු තොගේ. ලෝකයේම දැන් මහත් අපකීර්තියට පත්වීගෙන එනවා ලංකාව කුඩු මධ්‍යස්ථානයක් වෙලා කියලා. දේශපාලන ලොක්කෝ මේකේ ඉන්නවා කියා මතයක් තිබෙනවා. මේක පිටුපස කවුද ඉන්නේ කියා දැන් තේරෙනවා.
අගමැතිවරයා බුද්ධශාසන ඇමැතිවරයා විදියටත් මේක පිටුපසින් ඉන්නවා කියනවා. ලේකම්වරයා ලිපිය ඉදිරිපත් කළේ අගමැති වෙනුවෙන්. මුළු රටම මේක ගැන කෑ ගහද්දී අගමැති මේ ලේකම්ට මොනවත් නොකර ඉන්නවා.

 

 


ප‍්‍රශ්නය:- ඇයි අගමැති එම තනතුරින් ඉවත් කළ යුතුයි කියන්නේ?
පිළිතුර:-
මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ ලේකම්වරයා ලව්වා මේ වැඬේ කළ නිසා. තමාගේ දැනුම්වත්කමින් මේක නොවුනනම් ලේකම් ඉවත් කර පොලිසියට බාර දෙන්න  ඕනෑ. එහෙම නොකරනකොට බලන් ඉන්න කෙනකුට පේන්නේ අගමැතිත් සම්බන්ධයි කියලනේ. මගේ පන්සලේ කවුරුහරි මොකක් හරි වරදක් කළා නම් මා කරන්නේ එයාව පොලිසියට අල්ලලා දෙන එක. එහෙම නැත්නම් මම එයාව බේරනවා නම් මාත් ඒකට සම්බන්ධයිනේ.

 

 


ප‍්‍රශ්නය:- චෝදනා ලත් ලේකම් පසුගිය බදාදා ඉල්ලා අස්වුණා නේද? ඉතින් ඇයි අගමැතිට චෝදනා කරන්නේ?
පිළිතුර:-
ඒකෙන් ප‍්‍රශ්න විසඳෙන්නේ නැහැනේ. අස්වෙන්න කලින් අස් කරන්නනේ  ඕන. අස්වෙනකම් ඉන්නේ නැතුව පොලිසියට බාර දෙන්න  ඕන ප‍්‍රශ්න කරන්න. ප‍්‍රශ්න කරද්දි හෙළිවෙයිනේ මේක පිටුපසින් ඉන්නේ කවුද කියා. ඒ නිසා මම කියනවා අගමැති එම තනතුරින් ඉවත් කරන්න  ඕනෑ. මේ පුද්ගලයා වහා අත්අඩංගුවට ගත යුතුයි.

 

 


ප‍්‍රශ්නය:- අගමැතිවත් අත්අඩංගුවට ගත යුතුයි කියලද කියන්නේ?
පිළිතුර:-
ඔව්

 

 


ප‍්‍රශ්නය:- දේශපාලනයට වයස ප‍්‍රශ්නයක්ද?
පිළිතුර:-
ඒක මට කියන්න බැහැනේ.

 

 


ප‍්‍රශ්නය:- ඔබවහන්නේ කියා තිබුණේ අගමැතිට වැඩක් කරන්න බැහැ කියා?
පිළිතුර:-
අගමැති කියා තිබුණනේ මට ලියුම් කියවන්න වෙලාවක් නෑ. මට පැහැදිලි කරගන්න බෑ කියා. ඒකෙන් පේනේනේ එතුමාගේ දුර්වලකමනේ. එතුමාට තමන්ගේ දුර්වලකම පැහැදිලිනම්, හිතත් එකඟ නැතත්නම්, කයත් දුර්වල නම් මේකෙන් අයින්වෙන්න එපායැ. දුර්වල නිසානේ මෙහෙම වෙන්නේ. එහෙම නැතුව මට වයස එක්ක ප‍්‍රශ්නයක් නැහැනේ.

 

 


ප‍්‍රශ්නය:- අගමැති ඉන්න මධ්‍යම පළාතේ හෙළ උරුමේ ආසනයක් සම්බන්ධ ප‍්‍රශ්නයක් තිබුණා නේද?
පිළිතුර:-
මා මේ කියන්නේ හෙළ උරුමේ දේශපාලනේ නෙමේ. මා ඒ ගැන දන්නෙත් නෑ. ඒක මේකට අදාළත් නෑ.

 

 


ප‍්‍රශ්නය:- අගමැති  අයින් නොකළොත් ඉදිරියේ මොනවත් කරනවාද?
පිළිතුර:-
ඒක මාධ්‍ය බලා ගන්න  ඕනෑ. පොලිස්පතිට අනිත් බලධාරීන්ට ඒක කරන්න පුළුවන්? ඇයි නොකර ඉන්නේ. මේක බරපතල ප‍්‍රශ්නයක්.

 

 


ප‍්‍රශ්නය:- අගමැතිතුමාත් එක්ක පෞද්ගලික අමනාපයක් තියෙනවාද?
පිළිතුර:-
නෑ. එතුමා සමග කිසිම පෞද්ගලික අමනාපයක් නෑ. 

 

 

 



අදහස් (0)

අගමැති සමඟ හැප්පෙන්නේ පරණ තරහකට නේද?

කඩවත හේමසාර හිමි Sunday, 15 December 2013 07:59 PM

අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවරදියි.(නදී)

:       0       0

කමල් Sunday, 15 December 2013 09:36 PM

අත අරින්න එපා හාමුදුරුවනේ.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 17 December 2013 03:28 AM

කන්ටේනරයේ නියම අයිතිකාරයව ලේකම් අදුරනවා. ලේකම්ව 4 වෙනි තට්ටුවට අරගෙන ගියා නම් කන්ටේනරයේ සුල මුල එලි කරගන්න තිබුනා. ගංජා සුරුට්ටුවක් එක්ක අහුවෙන මිනිහත් උසාවි දාන පොලිසිය නිහඩ ඇයි? මමත් මුලදී කල්පනා කළේ ලේකම් අගමැති තුමා නොදැනුවත්ව ලියුමක් ලියල දීලා කියලා ?මේ හාමුදුරුවෝ අභියෝග කරනකොට අගමැති තුමා අඩුම තරමේ පාර්ලිමෙන්තුවෙවත් ප්‍රකාශයක් නොකර නිහඩව ඉන්නේ මොකද? (නදී)

:       0       0

සෙනරත් Sunday, 15 December 2013 02:04 PM

ස්වාමීන් වහන්සේ ගේ දැක්ම නිවැරදියි කියලා මට විශ්වාසයි.මේ වගේ අවස්ථාවක ක්‍රියා කල යුතු නිවැරදි පිළිවෙලට ක්‍රියා කරලා නැති නිසා තමයි මේ සැකයට මුල(දිල්)

:       0       0

අනුර සිරිවර්ධන Sunday, 15 December 2013 03:09 PM

මගේ උත්තමාචාරය රේගුවේ සේවය කරන්නන්ට.(නදී)

:       0       0

විමුක්ති- Monday, 16 December 2013 03:34 PM

ඔබතුමාලම සාදු සාදු කියල පත් කරගත්ත රජයනේ.(දිල්)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 16 December 2013 04:20 PM

මේ හාමුදුරුවන්ගේ කතාවේ සත්‍යයක් තිබෙනවා. අගමැති තුමා සම්බන්ධ නැත්නම් වහාම පරීක්ෂණ කර වගකිව යුත්තන් නිතිය ඉදිරියට රැගෙන එන්න කියා නියෝග කළ යුතුයි. දැන් සිදු වෙන්නේ පරීක්ෂණ යට ගැහීමක්.(නදී)

:       0       0

අකිල Sunday, 15 December 2013 05:45 PM

මේ එක සිද්ධියක් විතරනේ. (දිල්)

:       0       0

ගයන් Sunday, 15 December 2013 06:40 PM

‍සමහර දේශපාලඥයෝත් කුඩු ජාවාරම් කාරයෝ එක්ක සම්බන්දයි නේද? මේ ජාවාරම් වලින් අපේ රටේ තරුණ පරපුර විනාශ වෙන එක තමයි වෙන්නේ.(නදී)

:       0       0

දිල්හානි Monday, 16 December 2013 08:05 PM

ඒ කන්ටේනරය ආපු වෙලේ ඒක නිදහස් කරගන්න සල්ලි නෑ කියල පහසුවක් කරන්න කිව්වා කියලා මං දැක්ක පත්තරේක තියෙනවා. ඒ වෙනකනුත් ඒ කම්පැනි එකට වත් ඒ මනුස්සයට වත් විරුද්ධව මුකුත් කරලා තිබ්බේ නෑ. ඒ කම්පැනි එක ගෙන්වපු පලවෙනි කන්ටේනර් එක තමයි ඒක කියලත් පත්තරේක දාලා තිබ්බා. මෙච්චර දෙයක් වෙලත් මුකුත් උනේ නෑ වගේ බලාගෙන ඉන්න විදිහට නම් මේක ඇතුලේ මොකක් හරි හොරයක් තියෙනවා කියලා සාමාන්‍ය ජනතාව විදිහට මටත් ප්‍රශ්නයක් නැගෙනවා.(නදී)

:       0       0

ජයසේන Monday, 16 December 2013 09:12 PM

මේ සිද්දිය හරිම ව්‍යාකූලයි. දේශපාලන අතගැසීමක් තිබිය යුතුයි වගේ. අපේ ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දිගා සිරි.(නදී)

:       0       0

සඳුනි Monday, 16 December 2013 09:44 PM

හාමුදුරුවෝ හරියටම හරි. ඇයි ලේකම්ව අල්ලන්නේ නැත්තේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරුවා මත දෙකක්
2025 අප්‍රේල් මස 21 300 0

පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ


සත්‍යය යුක්තිය සංහිඳියාව වෙනුවෙන් තවමත් බලාසිටී
2025 අප්‍රේල් මස 21 47 0

පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම


නව ලොවට නව සංවර්ධන ආකෘතියක්
2025 අප්‍රේල් මස 21 111 0

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු‍ රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි


ජීවිත 114ක් බිලිගෙන 750 කට බරපතළ තුවාල කළ පිටකොටුව කාර්බෝම්බය
2025 අප්‍රේල් මස 21 227 0

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.


ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ කම්පනය
2025 අප්‍රේල් මස 18 231 0

ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය


දළදා වහන්සේ සියැසින් දැකගැනීමේ ආනිශංසය
2025 අප්‍රේල් මස 18 898 0

ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 516 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 293 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site