IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අනේ මාමේ තාත්තව පුච්චන්න එපා

  • සෑම පැය දෙකකට වරක්ම මළ සිරුරක් ආදාහනය වෙනවා
  • අනේ මාමේ තාත්තව පුච්චන්න එපා කියලා පුංචි දූලා දෙන්නෙක් කෑ ගැහුවා
  • ගුරුවරයකුගේ සිරුරක් ආදාහනාගාරයට ඇතුළු කරන විට ළමයි දෙන්නා ලතෝනි දෙන්න පටන් ගත්තා

 

කෝවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වූයේ ගම්පහ මිනුවන්ගොඩිනි. ඒ 2020 ඔක්තෝබර් මාසයේය. පසුගිය සතිය වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ මියගිය ගණන 1033 කි. ඔවුන් අතර පිරිමි 537 ක් හා ගැහැණු 447 ක් වෙති. මේ මියගිය පිරිසෙන් 90% ක්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ය. දෙවන රැල්ල ආරම්භයේ දී දිස්ත්‍රික්කයෙන්ම වාර්තා වූ දිනක ආසාදිතයන් ගණන 100 කටත් වඩා අඩු සංඛ්‍යාවක් වූ අතර මේ වන විට එම සංඛ්‍යාව දිනකට 1500 සීමාවට ළඟා වී තිබේ.  


රටේ වැඩිම ජනගහණයක් වෙසෙන ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් ගණන මෙන්ම මරණ ගණන ද එන්න එන්නම වැඩිවීම නිසා රෝහල්වල සිදු කෙරෙන ප්‍රතිකාර සේවා මෙන්ම මරණකරුවන් ආදාහනය කිරීම වැනි කාර්යයන්ට බලවත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව තිබේ. දිනපතා අඛණ්ඩව මළ සිරුරු පිළීස්සීම නිසා රස්නයට ඔරොත්තු නොදී දිස්ත්‍රික්කයේ පිහිටි ආදාහනාගාර බොහොමයක් අක්‍රිය තත්ත්වයට පත්ව තිබේ. එම නිසා තම ඥාතියාගේ සිරුර ආදාහනය කිරීමත් බොහෝ දෙනෙකුට ගැටලුවක්ව තිබෙනු දක්නට ලැබේ.  
එහෙත් පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා සේවකයන් එක්වී විශාල කාර්යභාරයක් ඉටුකරමින් ආදාහනාගාරවල සේවාව ජනතාව වෙත උපරිමයෙන් ලබා දීමට කටයුතු යොදා තිබේ. අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට අයත් මල්වත්ත හා උෟරාපොළ ආදාහනාගාර දෙකම මේ වෙනුවෙන් වෙන්වී තිබේ. ආදාහනාගාරයක සාමාන්‍යයෙන් සිරුරු පුළුස්සන්නේ දිනකට තුනක් වුව ද දැන් එම සංඛ්‍යාව දිනකට හතක් දක්වා ඉහළ ගොස් තිබේ. මල්වත්ත ආදාහනාගාරයේ මේ වන විට දහවල් 12 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා සෑම පැය දෙකකට වරක්ම මළ සිරුරක් ආදාහනය කෙරේ. කෝවිඩ් සිරුරු පිළිස්සීම නිසා සාමාන්‍ය මරණවල මෘතදේහ පිළීස්සීම ද අත්හිටුවා ඇති අතර ඒවා භූමදානය කර ගන්නා ලෙස දන්වා තිබේ. අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා පැවසුවේ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභියෙකු කෝවිඩ් රෝගයෙන් මිය ගියහොත් ආදාහනාගාර ගාස්තු මෙන්ම අවසන් කටයුතු සියල්ල දානපතින්ගේ ද උපකාරය ඇතිව නොමිලයේ සිදු කරන බවයි.  


ආදාහනාගාර සේවකයන් සිරුරු ආදාහනය කරද්දී ලබන අත්දැකීම් ද සිත සසල කරවන සුළුය. මේ මල්වත්ත ආදාහනාගාරයේ සේවකයෙකු අප හා කී කතාවයි.  


​මේ ළඟදී පාසල් ගුරුවරයෙකුගේ සිරුර ආදාහනය කරන්න ගෙනාවා. ඔහු තරුණ ගුරුවරයෙක්. ශිෂ්‍යත්ව විභාගයට ටියුෂන් කරන කෙනෙක්. එයාගේ දරුවන් දෙදෙනාත් පුංචියි. කෝවිඩ් මරණයක් නිසා සිරුර සීල් කරලයි ගේන්නේ. මේ ගුරුවරයාගේ දරුවන් දෙන්නත් තවත් දරුවන් පිරිසකුත් ආදහානාගාරය අසල ඉඳලා අඬනවා. විලාප තියනවා. ගුරුවරයාව බලන්න ඕනෙයි කියනවා. ඒ සිරුර ආදාහනාගාරයට ඇතුළු කරන විට ළමයි ලතෝනි දෙන්න පටන් ගත්තා. මම අවුරුදු ගාණක් මිනී පුච්චලා තියෙනවා. මගේ හිත මේ තරම් කම්පාවට පත්වෙලා නැහැ.  


උෟරාපොළ ආදාහනාගාරයේ සේවකයෙක් ද තමා ලද අත්දැකීමක් විස්තර කළේය.  


අවුරුදු 45 ක් විතර වයස මහත්තයකුගේ සිරුර ආදාහනාගාරයට ගෙනාවා. ඔහුව මාත් දන්නවා. ඔහුට හිටියේ කුඩා දියණිවරුන් දෙන්නෙක්. අවුරුදු 8 ක් හා 10 ක් විතර. මියගිය අයගේ බිරිඳ බිම දණගහගෙන මිනිය දෙසට හැරී වැඳගෙන අඬනවා. පුංචි ළමයි දෙන්නා කෑ ගහනවා. අනේ මාමේ තාත්තව පුච්චන්න එපා කියලා. ඔය අතරේ අම්මට සිහිය නැතිව වැටෙනවා. දරුවන් දෙන්නා වරෙක අම්මේ කියලත් තවත් වරෙක තාත්තේ කියලත් කෑ ගහමින් අඬනවා. විලාප දෙනවා. මේ වගේ ලතෝනි මැද තමයි මහත්තයෝ අපි මේ රස්සාව කරන්නේ.  


ගම්පහ දිස්ත්‍රික්කයේ කෝවිඩ් මරණ සැළකිය යුතු සංඛ්‍යාවක් සිදුවන ස්ථානයකි. ගම්පහ රෝහල එහි සිදුවන මරණවල ආදාහනය සිදු කරන්නේ මහ නගර සභාවට අයත් කසගහවත්ත ආදාහනාගාරයේය. මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය පරිපාලන මංගල අමරසිරි මහතා ප්‍රකාශ කළේ දිනකට සාමාන්‍යයෙන් සිරුරු තුනක් පමණක් පිළිස්සුව ද දැන් එම ගණන දිනකට 06 ක් හෝ 07 ක් වන බවයි.  


රෝහලේ දී තමන්ගේ ඥාතියෙකු කෝවිඩ් නිසා මියගිය පසුව පළමුවෙන්ම කළ යුත්තේ මහනගර සභාවට පැමිණ සිරුර ආදාහනය කිරීම සඳහා දිනයක් ලබා ගැනීමයි. පසුව මිනී පෙට්ටියක් රෝහල වෙත සැපයිය යුතු අතර මෘත ශරීරය ආදාහනය කරනු ලබන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ අධීක්ෂණය යටතේය. කෙසේ වෙතත් ග්‍රාම නිලධාරී වසම් 1177 කින් සමන්විත ගම්පහ දිස්ත්‍රික්කයටම සිටින්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 153 ක් වන අතර ඉන් 6 දෙනෙකුට ද මේ වන විට කෝවිඩ් ආසාදනය වී තිබේ.  


කෙසේ වෙතත් ගම්පහ මහ නගර සභාවේ නගරාධිපති එරංග සේනානායක මහතාගේ උපදෙස් මත ගම්පහ ආදාහනාගාරයේ සේවාව ද වඩාත් පුළුල් කර තිබේ. මේ එහි සේවකයෙකු හෙළි කළ ශෝචනීය අත්දැකීමකි.  
වයසින් මුහුකුරා ගිය අම්මා කෙනෙක් ආදාහනාගාරයට ඇවිත් හිටියා කෝවිඩ් වලින් මිය ගිහින් තිබුණේ ඇගේ සැමියා. ඔවුන්ට දරුවන් සිටියත් ඒ අය හිටියේ පිටරට. ඔවුන් කිසිවෙක් පැමිණ සිටියේ නැහැ. ඇවිත් සිටියේ ඒ වයසක අම්මා විතරයි. සිරුර පිළිස්සුවේ රෑ අටට විතර. බොහෝ වේලාවක ඉඳන් ඇය ආදාහනාගාරය ආසන්නයේ රැඳී සිටියා. ඇය අවසන් අවස්ථාවේ දී අපෙන් ඉල්ලීමක් කළා. අැය අත තිබුණු යමක් මළ සිරුර මතින් තියන්න කියලා. මා දැක්කා එහි තිබුණේ එම යුවළ සිටින ඡායාරූපයක්. එයාට තනියක් දැනෙන එකක් නෑ කියලා ඇය කිව්වා. ඒ සේවකයා කීවේ කනගාටුවෙන්.  


මීරිගම ආදාහනාගාරයේ ද එතරම්ම තදබදයක් නැතත් කොවිඩ් සිරුරු ආදාහනය කරයි. මේ එහි අත්දැකීමකි. මම හිතන්නේ එදා ඇවිත් හිටියේ මියගිය කෙනාගේ පෙම්වතිය. තවත් කිහිප දෙනෙකු පැමිණ සිටියා. ඒ කිසිවෙකු දින ගණනාවකින් මියගිය තරුණයා දැකලා තිබුණේ නැහැ. අවසන් මොහොතේවත් ඔහු දැක ගන්න අවස්ථාවක් නෑ. ඒ තරුණිය අත තිබුණු සුදු මල් පොකුරක් තරුණයාගේ සිල් කරන ලද සිරුර උඩින් තියන්න කියලා ඉල්ලුවා.​ මෙවැනි හද සසල කරවන අත්දැකීම් බොහොමයක් ආදාහනාගාරවල සේවකයන් ලබා තිබේ. එම පීඩනය ඉවසා ගනිමින් දැඩි අවදානමක් සහිතව ඔවුන් ඉටු කරන සේවය අගය කළ යුතුයි.  
කෙසේ වෙතත් කොරෝනා මරණ ගණන් දිනෙන් දින වැඩිවීම නිසා පළාත් පාලන ආයතන සතු ආදාහනාගාර රැසක්ම අඛණ්‍ඩව මුහුණ පාන දැඩි රශ්මිය හමුවේ අක්‍රීය තත්ත්වයට පත්ව ඇත. මීට පිළියමක් වශයෙන් ලී පෙට්ටි වෙනුවට කාඩ්බෝඩ් පෙට්ටි හඳුන්වා දීමේ ක්‍රමයක් ද ගම්පහ කෝවිඩ් මර්දන කමිටුවේ දී සාකච්ඡා විය. ලී පෙට්ටියට වඩා ඉක්මණින් දැවෙන මෙම කාඩ්බෝඩ් පෙට්ටිය භාවිතයෙන් ආදාහනාගාරවලට සිදුවන අධික රස්නය මගහරවා ගැනීම මෙහි අරමුණයි. රාගම රෝහලේ තැන්පත් කර තිබූ කල්ගිය සිරුරු රැසක් ද අධිකරණ නියෝග මත මේ වන විට ආදාහනය කර ඇති බව ගම්පහ කෝවිඩ් මර්දන කමිටු රැස්වීමේ දී අනාවරණය විය.  


අගෝස්තු පළමුවැනිදා සිට 09 වැනිදා දක්වා දින 09 ක් තුළ පමණක් ගම්පහ කෝවිඩ් රෝගීන් 12555 ක් වාර්තා වී ඇති අතර ඉන් ආසාධිතයන් 4046 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති අතර කොරෝනා ආසාධිතයන් බවට හඳුනාගෙන ඇති එහෙත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන 7003 දෙනෙකු නිවෙස්වල සිටින බවත් නිවාසවල සිටින ආසාධිතයන්ගෙන් දිනකට 60 ක් පමණ ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරෙන බව ද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසයි. පසුගිය 10 වැනිදාට අවසන් වු පැය 24 තුළ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 1231 ක් වූ අතර බියගම සෞඛ්‍ය සේවා කොට්ඨාසයෙන් පමණක් ආසාදිතයන් 202 ක් වාර්තා විය.  


පළාත් වශයෙන් හෝ දිස්ත්‍රික්ක වශයෙන් භේදයකින් තොරව මේ වන විට කෝවිඩ් වසංගතය රටපුරා පැතිර යන ආකාරයක් පෙනී යන අතර සෞඛ්‍ය අංශවල දත්ත අනුව දිනකට වාර්තාවන ආසාදිතයන්ගෙන් සියයට පනහකටවත් වඩා ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වීමම ප්‍රදේශයේ පවතින සෞඛ්‍ය අර්බුදයේ දිග පළල මැනවින් කියාපාන්නකි.  

 

 

සටහන සහ ඡායාරූප
දොම්පේ අජිත් මදුරප්පෙරුම



අදහස් (9)

අනේ මාමේ තාත්තව පුච්චන්න එපා

janahitha Saturday, 14 August 2021 03:23 PM

දේශපාලකයිනි, අනාගත බලලෝභීත්වයෙන් තීරණ ගන්න නුඹලාට මේවා පේනවද? වහා පියවර ගනු... නැතිනම් හැකි කෙනෙකුට බාරදී ගෙදරට වී සිටිනු...

:       40       55

NMSaturday, 14 August 2021 07:47 PM

ඔහුට හිටියේ කුඩා දියණිවරුන් දෙන්නෙක්. අවුරුදු 8 ක් හා 10 ක් විතර. මියගිය අයගේ බිරිඳ බිම දණගහගෙන මිනිය දෙසට හැරී වැඳගෙන අඬනවා. පුංචි ළමයි දෙන්නා කෑ ගහනවා. අනේ මාමේ තාත්තව පුච්චන්න එපා කියලා. ඔය අතරේ අම්මට සිහිය නැතිව වැටෙනවා. දරුවන් දෙන්නා වරෙක අම්මේ කියලත් තවත් වරෙක තාත්තේ කියලත් කෑ ගහමින් අඬනවා. විලාප දෙනවා. මේ වගේ ලතෝනි මගහැර ගැනීමට රජයට ඕනෑතරම් කාල වෙලාව තිබිණි. එන්නත් ලබාගැනීමට සහ නිසි වෙලාවට එන්නත් දෙකම ලබාදීමට අවස්ථාව තිබිණි. රජය සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් මත ක්‍රියා නොකිරීමේ සහ වසංගත රට තුල සීඝ්‍රයෙන් පැතිර යන්නා වූ අවස්ථාවක කිසිසේත්ම නොකළ යුතු අවස්ථාවකදී විපක්ෂයේ මානුෂිය ආකාරයෙන් රට පුරා පැවැත්වූ අමානුෂික උත්ඝෝෂණ කිරීමේ විපාක අද රටේ ජනතාවට වන්දි ගෙවීමට සිදුව ඇත. මේ වගේ විලාප, ලතෝනි ඇතිවීමට හේතුව පක්ෂ විපක්ෂ සහ උද්ඝෝෂණයන් සඳහා නායකත්වය ලබා දුන් වගකිවයුතු පිරිස රටේ ජනතාව වන අප විසින් පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරමු...

:       56       21

WeeraSunday, 15 August 2021 12:33 PM

අපි පරෙස්සම් වෙන්න ඕනෑ.. මේ වගේ බලය තියන අයට කහින ගෝලබාලයින්ගෙන්. ප්‍රශ්නය තියෙන්නේ මිනිස්සු මැරෙන එක ගැන අපේ නායකයින් ගාණක්වත් නැතිඑක. එන්.එම්.. ලා වගේ අදහස් සමාජගත වෙන තාක්කල්... බලයේ ඉන්න අය අපිට වැඩේ දෙනවා මදි නොකියන්න.

:       2       11

GAThursday, 19 August 2021 04:31 AM

ඔබ හිතනවද පාලන පක්ෂ වෙනස් වුනාම කොරෝනා වයිරස් එක බය වෙලා යයි කියලා.

:       0       0

iii Saturday, 14 August 2021 09:19 PM

ආණ්ඩුවට හෙනම ගහපිය...!!! 

:       5       9

SLMonday, 16 August 2021 09:04 AM

ඔබ තුමා රට වැහුවට පස්සේ බඩු මිල වැඩි වෙලා, ඩොලර් එක වැඩි වෙලා, එදිනෙදා කුලියක් මලියක් කරගෙන ඉන්න මිනිස්සුන්ට නොලැබෙන බත් පත ගැන එහෙම හිතනවාද දන්නේ නැහැ. වහන්න කියන්න ලේසියි. හැබැයි වැහුවාම එන ප්‍රශ්ණ ගැන ඔබ තුමා ගේ ඉවසීමක් තියෙයි ද. නැති නම් ආයෙත් ඩොලර් එක නගින එකට ,පෙට්‍රෝල් වැඩි වෙන එකට ..හෙනම ගහපිය කියයි ද දන්නේ නැහැ . ඉවසීමෙන් පරිස්සමෙන් ඉන්න....ඕනෙම නම් එලියට යන්න ,නැතිනම් ගෙදරම ඉන්න.

:       3       4

jayasekaraTuesday, 17 August 2021 11:05 AM

ඇත්ත .මෙයා ආණ්ඩුවට හෙන ඉල්ලනවා .ලෝක ඩවුන් කරනකොට ඇඟ සීතල වෙලා යන්නේ අසරණ දුප්පත් මිනිස්සුන්ට .මෙයාට හොඳට සල්ලි ඇති .ඒකයි හෙන ඉල්ලන්නේ .අපි පරිස්සම්න් උනේ නැහැ .ඒකට ආණ්ඩුවට දොස් කියන්න බැහැ .මතකද සිංහල අවුරුද්දට .මිනිස්සු නොගිය තැනක් නෑ .නොගිය රෙදි කඩයක් නෑ .මෙයත් යන්න ඇති .අපිම වැඩේ අනාගෙන දැන් ආණ්ඩුවට හෙන ඉල්ලනවා

:       0       2

Rakitha Monday, 16 August 2021 09:12 AM

උද්ඝෝෂණ කරනකොට හිතුවා නම් තමන් මෙන්ම අනිත් අයත් අනතුරේ කියලා රට මෙහෙම වෙන්නේ නැහැ..

:       3       4

Anoja Monday, 16 August 2021 11:40 PM

කරුණාකර මට මෙම තරුණ ටියුෂන් සර්ගේ පවුලට උදව් කිරීමට අවශ්‍යයි, මට ඔවුන්ගේ සම්බන්ධතා අංක අවශ්‍යයි. ඔබ සැමට ස්තූතියි

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 714 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 346 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 120 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4247 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12670 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 680 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site