IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අනගාරික ධර්මපාලතුමාගේ බුද්ධගයා සිහිනය සැබෑ කරගනිමු


අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

සෑම අවුරුද්දකම සැප්තැම්බර් 17 වැනිදා අනගාරික ධර්මපාල ජන්ම සංවත්සර සැමරුම් උත්සව අපේ රටේද ඉන්දියාව, තායිලන්තය, නේපාලය, ජපානය, ඇමරිකාව, එංගලන්තය සහ තවත් බෝහෝ රටවල පිහිටුවා ඇති, විශේෂයෙන් ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ වැඩ වෙසෙන බෞද්ධ සිද්ධස්ථානවලදී පැවැත්වෙයි. මෙවර පැවැත්වෙන්නේ එතුමන්ගේ 157 වැනි සංවත්සර උත්සවයයි.

එතෙක් මෙතෙක් ධර්මපාලතුමා වෙනුවෙන් කවර හේතු කාරණා සිදු වුවද නොවූවද අත්‍යවශ්‍යම, වැදගත්ම කාරණය මේ දක්වා ඉටු වී නැත.
දොන් හේවාවිතාරණ ධර්මපාලතුමා බුද්ධගයා මහා විහාර සංකීර්ණයට ප්‍රථමයෙන් සැපත් වූයේ 1891 ජනවාරි 22 වැනිදා ය. බෞද්ධ ලෝකයාගේ අතිමහත් ගෞරවයට පාත්‍ර වූ බුද්ධගයා මහා විහාරය ඒ වන විට හින්දු ආගමික නායකයකු සහ ගයාවෙහි ඉඩම් හිමි වැවිලිකරුවකු වූ ගිරි ගිරි මහන්තාගේ සන්තකය යටතේ පැවතිණි. මහා විහාරය තුළ සහ අවට බුද්ධ ප්‍රතිමා විකෘති කොට ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව අබියස ශිව ලිංගයක් තබා ඊට පූජා පවත්වනු දුටු ධර්මපාලතුමා අතිශය කම්පාවට පත්විය.

එතුමා වජ්‍රාසනය වෙත ගොස් කෙටි වේලාවක් භාවනාවේ නිරතව සිට තද නින්දකින් පසුව අවදි වූවාක් මෙන් නැගී සිට සිදුහත් කුමරු බුද්ධත්වයට පත් වූ සමස්ත බෞද්ධ ලෝකයාගේ ගෞරවයට පාත්‍ර වන මේ සිද්ධස්ථානය යළි ලෝක බෞද්ධ ප්‍රජාව වෙත අත්පත් කර දෙන තුරු ‘මම මෙහි සිට සටන් කරමි’ යි දොහොත් හිස මත තබා වැඳ නමස්කාර කොට ප්‍රතිඥා දුන්නේය. එතැන් සිට බුද්ධගයා බේරාගැනීමේ මහා සටන ආරම්භ කිරීම පිණිස එතුමා බුද්ධගයාවේ බුරුම පන්සලේ නවාතැන් ගත්තේය. බුද්ධගයාවේ සහ ශ්‍රී ලංකාවේ මහාබෝධි සංගම් පිහිටුවන ලද්දේ ද මෙම සටන පෙරට ගෙනයාමේ ක්‍රියාකාරී සංවිධාන ලෙස ප්‍රයෝජනයට ගැනීම උදෙසාය.
ධර්මපාලතුමා බුද්ධගයාවේ පවතින කනගාටු සහගත තත්ත්වය පැහැදිලි කරමින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, මියන්මාරය, චීනය, ටිබෙටය, තායිලන්තය සහ ජපානයේ ද ප්‍රභුන්ට ලිපි සිය ගණන් යවා බුද්ධගයාව බේරා ගැනීමේ ලෝක ජනමතයක් ඇති කළේය.

මේ අතර ජපානයට ගිය ධර්මපාලතුමා එහි දී බෞද්ධ නායකයන් හමු ව බුද්ධගයාවේ තත්ත්වය පැහැදිලි කළේය. බුද්ධගයාව බෞද්ධ ලෝකයා සතු කිරීම පිණිස අවශ්‍ය ආධාර උපකාර කරන බවට ජපන් බෞද්ධ නායකයෝ ප්‍රතිඥා දුන්හ.

ජපානයේ බෞද්ධ පන්සලකින් තෑගි දුන් දැවමය බුද්ධ ප්‍රතිමාවක් බුද්ධගයාවට රැගෙන ආ ධර්මපාලතුමා මහන්තාගේ විරෝධය මැද එය මහාවිහාරයේ තැන්පත් කළේය. මෙය තමාගේ බලයට කරන අභියෝගයක් යැයි සිතූ මහන්තා සිය ගෝලයන් යොදවා එම බුදු පිළිමය බලෙන් ඉවත් කොට අසල කුණු ගොඩකට විසිකර දැම්මේය. දුරදක්නා නුවණකින් යුතු අනගාරික ධර්මපාලතුමා එම සිද්ධිය නඩු නිමිත්තක් කර ගෙන ගයා උසාවියේ මහන්තාට සහ සෙසු අයට විරුද්ධව නඩුවක් පැවරුවේය.

මහන්තාට මෙම ස්ථානයේ කිසිදු අයිතියක් නොමැති බව පැහැදිලිවම ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා අදාළ බුදුපිළිමය බුද්ධගයාව විහාරයේ තැන්පත් කරන ලෙස නියෝග කළ ද එය ඉටු නොවීය. ධර්මපාලතුමා එම බුදු පිළිමය තමන් නැවතී සිටි බුරුම විහාරයේ තැන්පත් කළේය. (මේ දැවමය බුදු පිළිමය දැනට කල්කටාවේ ශ්‍රී ධර්මරාජික විහාරයේ තැන්පත් කොට ඇත).

මෙයින් වියරුවට පත් මහන්තා බුරුම පන්සලේ අයිතිය ඉල්ලා සහ බුදු පිළිමය ඉවත් කරන ලෙස ඉල්ලා එහි භාරකාර ගිහි පැවිදි අයට විරුද්ධව නඩුවක් පැවරුවේ ය. කෙසේ වුවද මේ අවස්ථාව වන විට ඉන්දියා ආණ්ඩුවට සම්බන්ධ හින්දු නායකයන්ගේ බලපෑම් නිසා එම නඩුව ධර්මපාලතුමාට අවාසි වන පරිදි තීන්දු විය. මෙම නඩු විභාගය ‘බුද්ධගයා මහ නඩුව’ නමින් පොතක් ලෙස පළවී තිබේ.
බුද්ධගයා අයිතිය ලබාගැනීමේ කටයුතු මේ අයුරින් නීතියෙන් බැහැර වී දේශපාලන තීන්දු ගැනීමේ තත්ත්වයට පත්විය. ඒ අනුව 1922 සිට 1933 දක්වා බිහාර් ප්‍රාන්තයේ රජය කොන්ග්‍රස් පක්ෂ සංවිධාන ආදියට ප්‍රශ්න යොමු විය. ඇදෙමින් පැවති ප්‍රශ්නය විසඳීම පිණිස ඉන්දීය මහ ආණ්ඩුව ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද්ගේ ප්‍රධානත්වයෙන් සහ ධර්මපාලතුමාගේ සහභාගීත්වයෙන් කමිටුවක් පත්කෙරිණි. මෙම කමිටුව ඉදිරියේ ශ්‍රී ලංකාවේ ප්‍රභූ පැලැන්තිය නියෝජනය කරමින් උඩරට නායකයෝ ඉන්දියාවට ගොස් සාක්කි දුන්හ. දොස්තර කැසියස් පෙරේරා මහතාගේ නම මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ධර්මපාලතුමා ජීවත්ව සිටියදී ම ප්‍රශ්නයට විසඳුමක් නොලැබී ඒ මේ අත ඇඳී ගියේය. මහත්මා ගාන්ධි තුමා බුද්ධගයා විහාරය බෞද්ධයන් සතු එකක් බව ප්‍රසිද්ධියේ පැවසුවත් එය බෞද්ධයින්ට හිමිකර දීමට කිසිදු යෝජනාවක් හෝ පියවරක් ගත්තේ නැත.

රාජේන්ද්‍ර ප්‍රසාද් කමිටුවේ නිර්දේශ වූයේ බුද්ධගයා මහාවිහාරය හින්දුන්ට මෙන්ම බෞද්ධයින්ට ද වැඳපුද ගැනීමට අවස්ථාව දිය යුතු බව සහ එහි පරිපාලනයට හින්දුන් 05 ක් සහ බෞද්ධයින් 05 ක් පත්කළ යුතු බවය.

සමස්ත ඉන්දීය කොන්ග්‍රස් කමිටුව මෙම යෝජනා පිළිගත්තේය. එහෙත් දේවප්‍රිය වලිසිංහ ඇතුළු තායිලන්තය, ටිබෙට්, චීන බෞද්ධයෝ ඊට අකමැති වූහ. ඊට ප්‍රධාන හේතුව වූයේ හින්දු, බෞද්ධ සාමාජිකයින් 05 දෙනා බැගින් පත්කෙරෙන කමිටුවේ සභාපති පදවියට ගයාවේ පරිපාලන නිලධාරියා පත්වීමය. ඔහු හින්දු ජාතිකයෙකි. එවිට සංඛ්‍යාව අනුව විහාර පරිපාලනයේ වැඩි බලය හින්දුන්ට හිමි වේ.

අනගාරික ධර්මපාලතුමා දේවමිත්ත ධම්මපාල නමින් පැවිදිව 1933 අභාවප්‍රාප්ත විය. ඒ වන විටත් එතුමා බුද්ධගයා පරිපාලන අයිතිය ගැන සතුටට පත්ව සිටියේ නැත. මෙසේ තිබිය දී කිසියම් හෝ විසඳුමකට එළඹිය යුතුය යන මතය අනුව 1953.05.23 වැනිදා පුන් පොහෝ දා බුද්ධගයා අයිතිය එම කමිටුවට පවරනු ලැබීය. මේ විශේෂත්වය නම් පැවරීම් අක්ත පත්‍රය ගිරි ගිරි මහන්තා විසින් ම ප්‍රසිද්ධියේ කියවා පාලනය භාර දීමයි. එදා පැවති උත්සවයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ධර්මපාලතුමාගේ මුණුබුරෙකු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය ගාමණි ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජිත පිරිසක් සහභාගී වූහ. ඊට 62 වසරකට පෙර ධර්මපාලතුමා බුද්ධගයා සටන ආරම්භ කළ අන්දම ජයසූරිය මහතා එදා විස්තර කර දුන්නේය.

ඉන් පසු බුද්ධගයා පරිපාලනයට පත් වූ සාමාජිකයින් ද ගිහි පැවිදි බෞද්ධ නායකයින් ද බුද්ධගයා මහා විහාරයේ අයිතිය සම්පූර්ණයෙන් ම බෞද්ධයින් සතු විය යුතු බවට නැගූ හඬ ක්‍රමයෙන් තුනී වී ගොස් අද එය හිස් වායුවට මුසු වී තිබේ.

ගත වූ කාලය ගැන කතා කිරීමෙන් දැන් කිසිදු පලක් නැත. දැන් සිදුවිය යුත්තේ ලංකා මහා බෝධි සමාගම, ඉන්දීය මහා බෝධි සමාගම සහ ධර්මපාල භාරය ද එකමුතුව, එකට එක් වී සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය ඇතුළු රටේ ප්‍රධාන බෞද්ධ සංවිධාන සහභාගී කරවා ගෙන මේ පිළිබඳ ලෝක ජනමතයක් ඇති කිරීමය.

එසේ කිරීමෙන් බුද්ධගයා මහා විහාරය සම්පූර්ණයෙන් ම බෞද්ධයන් සතු කිරීමේ වෑයම නරේන්ද්‍ර මෝදී වැන්නකු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස සිටිය දී පහසුවෙන් ඉටුකර ගත හැකිය.

නරේන්ද්‍ර මෝදී වැනි අගමැතිවරයෙකු බලයේ සිටින කාලය තුළ මේ කටයුත්ත ඉටු කිරීම බෝධිසත්ත්ව අනගාරික ධර්මපාලතුමාට දක්වන උපහාරයකි.

(*** උපාලි රූපසිංහ)



අදහස් (8)

අනගාරික ධර්මපාලතුමාගේ බුද්ධගයා සිහිනය සැබෑ කරගනිමු

rocky Friday, 18 September 2020 01:51 AM

ඔය හීනේ හැබෑ කරගත්තා කියලා කාටහරි තඹ සතේක ඵලක් වෙනවාද? රටේ ජනතාවගෙන් වැඩි හරියක්ම පාපයේ ඇලී ගැලී ඉන්න බව මාධ්‍ය තොරතුරුවලින් පේනවා. මේ අය බණ කතා කරනවා.

:       2195       210

ගල් බෝරSaturday, 19 September 2020 08:02 PM

තමුන්ගේ ආගමේ අය ජෙරුසෙලම බේරගන්න පලස්තීනෙත් එක්ක සටන් කරන්නේ ඊස්‍රායලේ පිනෙන් පිරිලා උතුරලා යන නිසාද?

:       0       3

SamanSunday, 20 September 2020 02:47 AM

මෙන්න මේ රොකී වගේ අයගෙන් තමයි පරිස්සම් වෙන්න කියලා ධර්මපාලතුමා එදා කිව්වේ... දැන් ඒක ඇත්ත වෙලා.

:       0       3

kamal Friday, 18 September 2020 07:45 AM

ලංකාවෙන් ගිය ධර්මපාලතුමා එදා ලංකාවට වැඩියොත් කොහොම තියෙයිද?

:       135       2

janaka Monday, 21 September 2020 05:25 AM

ඉන්දියාවේ ඇති බුද්ධගයාව පිලිබද ශ්‍රි ලාංකිකයන් වන අප කුමට කලබල වියයුතුද? එයට කලයුතු යමක් වීනම් එය සිදුකල යුත්තේ ඉන්දියානුවන්ය.

:       6       0

රවීන් Monday, 21 September 2020 09:49 AM

මේ කමෙන්ට් එකට ගොඩක් අන්ලයික් වැටෙයි. කියන්න තියෙන්නෙ මෙච්චරයි. ආතක් පාතක් නැති ඇමරිකන් කාරයො ටිකකුත් එක්ක තමයි ධර්මපාලතුමා වැඩකළේ... අමුතුවෙන් බෞද්ධ සිංහල සංස්කෘතිකයක් හදාගෙන මිනිස්සුන්ව තවත් පහතට ඇදලා දැම්මා.

:       12       2

සදේශ් Tuesday, 17 October 2023 04:33 PM

මම ඒකට එකඟයි...

:       0       0

ඩබ්ලිව් එම් තුෂාරි පුනාන්දු Thursday, 18 February 2021 09:46 AM

මම කැමතියි...

:       0       3

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 57 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1343 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 626 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 198 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4605 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12958 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site