බස්නාහිර පළාතේ පර්චස් 900කට අධික ඉඩම් ප්‍රමාණයක හිමිකරු වීමට නම් නිසැකවම ඒවායේ අයිතිකරු මහා ධනපතියකු විය යුතුය. නැතහොත් පාරම්පරිකව ඉඩකඩම් ඇතුළු දේපළ හිමි පවුලක සාමාජිකයෙක් විය යුතුය. එහෙත් පසුගිය දා ඉන්දියාවේ දී වසදී මරා දමනු ලැබූ බව පැවසෙන අංගොඩ ලොක්කා හෙවත් චමින්ද පෙරේරා එවැනි ධනවත් පවුලක සාමාජිකයෙක් නොවීය. එහෙත් ඔහු බස්නාහිර පළාතේ මුල්ලේරියාව, අතුරුගිරිය සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පර්චස් 950ක පමණ ඉඩකඩම්වල හිමිකරුවකු බව පොලිසිය මගින් සොයාගෙන තිබිණි. මෙරට සිටි නම් දැරූ සංවිධානාත්මක අපරාධකරුවකු, කුඩු ජාවාරමකු සහ මිනීමරුවකු වන අංගොඩ ලොක්කා එතරම් විශාල ඉඩකඩම් හිමිකරුවකු වූයේ කෙසේද? එය ඉතා විශාල ජාවාරමක ප්‍රතිඵලයක් මිස වෙනත් කිසිවක් නොවේ.
මේ වටිනා ඉඩකඩම් මේ අපරාධකරු විසින් මිලදී ගත්තා නොව ඒවා බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඒවායේ හිමිකරු බවට පත්ව සිටි අයෙකි. තම ඥාතීන්ගේ නම්වලින් ඒවා තබාගෙන සිටි බවද සොයාගෙන තිබේ. මේ ආකාරයට අනුන්ගේ ඉඩකඩම් සහ නිවාස ඇතුළු වටිනා දේපළ බලහත්කාරයෙන් අත්පත් කරගැනීම සංවිධානාත්මක අපරාධ කල්ලි මෙහෙයවීමෙන් සිදුකරන විශාල ජාවාරමකි.
කොළඹ නගරය තුළ සහ අවට හිමිකරුවන් රැඳී නොසිටින, මියගොස් සිටින සහ එතෙර ගොස් සිටින වටිනා නිවාස සහ ඉඩම් පිළිබඳව සෙවිල්ලෙන් සිට ඒවායේ බලෙන් පදිංචිවීම හෝ හොර රහසේම ඒවාට කූට ලෙස ව්‍යාජ ඔප්පු සාදා වෙනත් ධනවත් පුද්ගලයන්ට විකිණීමෙන් මේ අපරාධකාරයෝ විශාල මුදලක් උපයති. අපරාධවලට උඩගෙඩි දෙන දේශපාලනඥයන් ඇතුළු බලවත් පුද්ගලයන් පිරිසකගේ සහාය ද මේ අපරාධ කල්ලිවලට ලැබෙන බවට තොරතුරු අනාවරණය වී තිබේ. අංගොඩ ලොක්කා කොටිකාවත්තේ වගුරුබිමක් ගොඩකර ගෙවල් 60ක් හදා එකක් ලක්ෂ 43 ගණනේ විකුණාගෙන ඇත්තේ එවැනි හයියක් තිබූ බැවිනි. ඇතැම් අවස්ථාවල දී පොලිසියේ දූෂිත නිලධාරීහු ද තමන්ට ලැබෙන ‘‘ජරාව’’ට ලොල් වී මේ අපරාධකරුවන්ට සහාය වෙති. සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාත්මක වන්නේ එවැනි බලවත් පුද්ගලයන්ගේද සහාය ඇතිව බව ප්‍රකට රහසකි. මෙසේ රටේ පුරවැසියන්ගේ දේපළ කොල්ලකෑම වහාම නවතා දැමිය යුතු අපරාධයකි. ඒවාට සම්බන්ධ සියලු පුද්ගලයන් නීතියේ රැහැනට හසුකරගෙන ඔවුන් බැඳ දැමීමට නොපමාව ක්‍රියා කළ යුතුය.
අංගොඩ ලොක්කා මේ අපරාධ කල්ලිවල එක් පුරුකක් පමණි. ඔහු අත්පත් කරගෙන ඇත්තේ ධනවතුන්ගේ ඉඩකඩම් පමණක් නොවේ. නගරය අවට අහිංසක පුරවැසියන්ගේ දේපළවලට පවා බලහත්කාරයෙන් ඇතුළු වී ඒවායේ අයිතිකරුවන් බියගන්වා පළවා හැර ඒවා අත්පත් කරගෙන ඇති බව ද හෙළි වී තිබේ. අංගොඩ ලොක්කා දැන් නැත. එහෙත් ඔහුගේ කල්ලියේ සාහසිකයෝ තවමත් රට තුළ හොල්මන් කරති. එසේම ඔවුන්ගේ අනුගාමිකයන් වශයෙන් ක්‍රියාත්මක වන අලුත් කල්ලි ද බිහිවී සිටී. තමන්ගේ දේපළ ආරක්ෂා කර ගැනීමට නීතිය ක්‍රියාත්මක කරවන පොලිසිය ඇතුළු සියලු ආයතනවල සහාය රටේ මහජනතාවට ලැබිය යුතුය.
දැනට ටික කලකට ඉහත දී කොළඹ කොල්ලුපිටියේ පිහිටි වටිනා දේපළකට අදාළ ඔප්පු වෙනස් කොට කූඨ ලේඛන හදා එය විකුණා ගැනීමේ සිද්ධියක් ද වාර්තා කෙරිණි. එහිදී අදාළ දේපළට සම්බන්ධ පත්ඉරු ඉඩම් ලියාපදිංචි අංශයෙන් අතුරැදන්ව තිබූ බව ද සඳහන් විය. මේ ආකාරයේ දේපළ කොල්ලකෑම් සඳහා ක්‍රියාත්මකව පවතින සූක්ෂම ජාලයේ සංවිධානාත්මක බව තේරුම් ගැනීමට එම සිද්ධිය පමණක් ප්‍රමාණවත්ය. මෙකී සිද්ධිය කෙසේ හෝ අනාවරණය කර ගැනීමට පොලිසිය සමත්වීම නිසා සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට හැකියාව ලැබිණි. එහෙත් කිසිදා පොලිස් පොතේ නොලියැවෙන මේ ආකාරයේ කොල්ලකෑම් ද සිදුවන බවත් සඳහන් කළ යුතුය.
කාලයකට ඉහත දී කොළඹ පාතාලයේ ගෝඩ් ෆාදර් කෙනකු වශයෙන් කුප්‍රකටව සිටි නාවල නිහාල් නැමැත්තාගේ සහ ඔහුගේ හෙංචයියන්ගේ බලපෑම් හේතුවෙන් ඔහු සිටි නිවෙස අවට පදිංචිකරුවන්ට මහත් හිරිහැර පැමිණ තිබිණි. එය අවසන් වූයේ එම අපරාධකරුගේ අවසානයත් සමඟිනි. මේ අකාරයට හිරිහැරයට පත්වන ඇතැම් දේපළ හිමියන් ඒ සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කිරීමට පවා පසුබට වන්නේ අපරාධකාරී ජාවාරමුන්ගෙන් එල්ල විය හැකි තර්ජනවලට බියෙනි. කුඩු ජාවාරම් ඇතුළු පාතාල මර්දනයට වත්මන් රජය යටතේ ක්‍රියාත්මකව පවතින මෙහෙයවීම්වල දිගුවක් වශයෙන් වටිනා දේපළ කොල්ලකන ජාවාරමුන්ට එරෙහිවද වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ හැකිනම් එය රටේ ජනතාවගේ හිතසුව පිණිස වනු ඇත. මේ ජාවාරම් මැඩ පැවැත්වීමට දේශපාලන බලාධිකාරියේ සහාය අනිවාර්යයෙන්ම තිබිය යුතු වෙයි.
අප එසේ කියන්නේ පසුගිය දශක කිහිපය තුළ දී ඇතැම් මැති ඇමැතිවරුන්ගේ ඍජු අත පෙවීම් මත පවා මේ ආකාරයට දේපළ ලියා ගැනීම් සිදුවී තිබීම හේතුවෙනි. ඇතැම් ප්‍රබල ව්‍යාපාරිකයන් පවා කොළඹ දේපළවලට හතරවරම් ගේම් ගසා ඒවා අත්පත් කරගැනීමට ක්‍රියාකළ අවස්ථා ද තිබේ. මේ ජාවාරම නතර කිරීම පොලිසියට පමණක් කළ නොහැකි බවට වෙනත් උදාහරණ අවශ්‍ය නැත.
මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.
මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද
අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම
නීතියේ ආධිපත්‍යය යනු සියලුම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව
නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක
වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අනුන්ගේ දේපළ අල්ලන ජාවාරමුන් බැඳදමනු