IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


අනුන්ට ඊර්ෂ්‍යා කළ කුරු පුංචාට වුණු විපත

ජීවිතය නිසි මගට ගැනීමට නිවැරදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

3  

කුඩාබුත්ගමුව, අංගොඩ, එම්.ඒ. පියසිරි මහතා ලියා එවූ කතාවක් මෙසේය.


සල්ලාලකම නිසා අකාලයේ මරු වැළඳ ගනී!


ශාන්තිකර්ම ආදිය සඳහා ප්‍රසිද්ධියක් ඉසිලූ එක්තරා පරපුරකට අයත් කෙනෙකුවන ඔහු කඩවසම් තරුණයෙක් විය. දේවාරූඪයෙන් ශාස්ත්‍රකීම හා දොස් දුරුකොට දේවාශීර්වාද ලබාදීම වැනි කටයුතු පමණක් සිදු කිරීම එම පරපුරෙහි සිරිත වී තිබිණ. ඒ අනුව යමින් මෙම තරුණයාද එම ක්‍රියාව එලෙසම පවත්වාගෙන ගියේය. ඒ සිය නිවස අසල පිහිටි දේවාලයෙහිය.


පෙරකී අවශ්‍යතාවන් ඉටුකර ගැනීම පිණිස නොයෙක්දෙනා එහි ඇදී ඒම සාමාන්‍ය දසුනක්ව පැවති අතර, හෙතෙම ඉන් වඩාත් ප්‍රසිද්ධව සිටියේය. එහෙයින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින්ද එබඳු ශාන්තිකර්ම සඳහා ඔහු වෙත ඇරයුම් ගලා එන්නට වූයේය. ඒ අනුව ඇතැම්විට දින ගණනාවක්ම සිය නිවසින් බැහැරව සිටින්නටද ඔහුට සිදුවූ අතර බොහෝ දෙනා එමගින් දැන හැඳින ගැනීමට ද අවකාශ සැලසිනි.


විශේෂයෙන් සමහර කාන්තාවන් එම තරුණයා සමඟ හිතවත්කම් ඇතිකර ගැනීමට දැක්වූයේ බලවත් උනන්දුවකි. ඉන් බොහොමයක් අයථා සබඳතාවන් දක්වා වර්ධනය වීමට වැඩි කලක් ගත නොවීය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ එතෙත් රැකගෙන ආ පිවිතුරු ගති පැවතුම් ඔහු තුළින් ගිලිහී යන්නට වීමය. තමා විවාහකයකු මෙන්ම, එක් දරු පියෙකු බවද අමතක වූ අතර, එපමණ කාලයක් අත්කරගෙන තිබූ කීර්තිය පිළිබඳව ද කිසිදු තැකීමක් නොකළේය.

25_PAGE_13_T
එහෙයින් දේවාලයෙහි කටයුතු ද දිනෙන් දින පිරිහීමට පටන් ගත්තේය. එසේම කිසිදු හේතුවක් නොමැතිව තම අහිංසක බිරිඳට ද පහර දීමට ද පසුබට නොවීය. වැඩිකල් නොගොස්ම ඇය මෙලොව හැර ගියේ සිය එකම දරුවා හට මහත් දුක් වේදනාවක් උරුම කර දෙමිනි. පසුව එකී තරුණයා වෙනත් කාන්තාවක් කැඳවාගෙන ආ අතර, එයද ටික කාලයකට පමණක් සීමාවිය. ඒ එම තැනැත්තියද පන්නා දැමූ  බැවිනි.


එසේ වුවද, තම ක්‍රියාව අත් නොහළ හෙතෙම තවදුරටත් එලෙස කාන්තාවන් සොයා ගියේ, මුදල් පවා වැය කරමිනි. මේ හේතුව නිසා සතුරන් පවා ඇතිකරගත් අතර, සමාජයෙන් නොයෙක් අවමන් විඳින්නටද ඔහුට සිදුවිය.


සිය පරපුරේ ගෞරවය සුරකිනවා වෙනුවට, තමන් විසින් සිදු කරනු ලැබුවේ කිසිසේත් නොකළ යුතු ක්‍රියාවකැයි සිතමින් හෙතෙම ඒ සමඟම පසුතැවිලි වන්නට වූයේය. මේ තත්ත්වය හමුවේ මහත් කනස්සල්ලෙන් පසු වූ තරුණයා කිසිවෙකුටත් නොදන්වාම ප්‍රදේශයෙන් පිටව ගියේය. එම අවස්ථාවෙහි ඇඳිවත පමණක් ඉතිරිව තිබූ අතර, එම ගමනෙහි අරමුණක් ද නොවීය. එමෙන්ම තරමක සිහි මඳ ගතියකින් පෙළෙන බවක් ද දක්නට ලැබිණ.
දින ගණනාවක්ම මෙලෙස හෙතෙම සෙමින් සෙමින් ඉදිරියට ගමන් කළේය. ඒ වනවිට මුහුණ පුරා රැවුළ වැඩී තිබුණු අතර, දුක්ඛිත පෙනුමක් ඔහු තුළින් දිස්විය. මහත් ආයාසයකින් ඉදිරියට ඇදුන තරුණයා එක්තරා ස්ථානයක් අසළට පැමිණියේය. එය සුළු ව්‍යාපාරික ආයතනයකි. එහි හිමිකරු ඔහු හොඳින් දන්නා හඳුනන අයෙකු වූ අතර හෙතෙම පත්ව සිටින අසරණ තත්ත්වය පිළිබඳව අනුකම්පා කළ හිමිකරු එම තරුණයා එහි නවතා ගැනීමට එකඟතාව පළකර සිටියේය.


මෙලෙස දින කිහිපයක් ගෙවී ගියා පමණි. ඒ දිනයද හිමිදිරියේ සුපුරුදු ලෙස අවදි වූ එකී හිමිකරු සිය ආයතනය දෙසට ගමන් කළේය. එවිට දුටුවේ ඊට ටික වේලාවකට ප්‍රථම තරුණයා මියගොස් ඇති බවය පසුව ඥාතීන්ට දන්වා ඔහුගේ අවසන් කටයුතු චාම් අන්දමින් සිදු කරනු ලැබීය.


තම හොඳනම රැකගෙන විශාල සමාජ මෙහෙවරක් ඉටු කිරීමට හැකියාව තිබියදී හැඟීම්වලට වහල්ව පරදාර සේවනයෙහි යෙදීම තුළින් අත්කරගත් පාප කර්මවලට හෙතෙම මෙලොවදීම දුක් විපාක වින්දේ ඒ අයුරිනි.

 


මතුගම පියසේන දොඩංගොඩ මහතා ලියා එවූ කතාවක් මෙසේය.


හරක් හොරාට ගොනා අනී


දැනට  දශක කීපයකට පෙර දැනට මෙන් පස්පවේ ඇලී ගැලී රුපියල් සත මුල්තැන්හිලා සලකන සමාජයක් නොසිටියත් “කිරිකලයට ගොම බිඳුවක් දමන්නාක්” මෙන් පාපී අදමිටු කුහක වනචර කාමාචර නොසංඩාලයන්ද නොසිටියා නොවේ. ගමේ සිටි සිරිසේන නමින් උප්පැන්නයේ සඳහන්ව ඇතත් ගම්මුන් “සිරා නමින් හඳුන්වන ඔහුද එවැනි අසත් පුරුෂ සල්ලාලයෙකි. 


දෑතේ වැරවීරියෙන් කුලියක් මලියක් කර සල්ලිබාගෙ සෙවීමට වෙහෙසක් නොගන්නා “සිරා” මස්කඩ වලට හොරෙන් හරක් පටවාගෙන ඒමට දක්වන්නේ දැඩි උනන්දුවකි. තම සගයන් දෙදෙනාද සමඟ මස්කඬේ ලොරියෙන් වන්නිකරයේ මසකට වරක් දෙවරක්ගොස් හරක් හත්අට දෙනෙක් හොරෙන් පටවාගෙන ඒම සිරිතකි. වන්නියේ හරක් හොරුද මොවුන්ට සහය දුන් බව නොරහසකි. මහමග අයිනේ කණ්ඩියකට ගාල් කරන හරකා කණ්ඩියට ගසා ඇති ලොරිය තුළට දක්කන්නේ වලිගය කරකවා පොලු පාරවල් හත අටක් උගේ පිට හරහා ගැසීමෙනි මේ අතර අඩ අඳුරේ කණ්ඩිය මතට වටකරගෙන ආ ගොන්නාම්බා ලොරිය තුළට දැක්කීම ලෙහෙසි පහසු කාර්යක් නොවීය. දෙතුන් දෙනා කණ්ඩිය මත සිට ගොන්නාම්බාගේ වලිගය කරකවා පොලුපහර දී ලොරිය තුළට දැමීමට අධික ලෙස වෙහෙසක් ගන්නාවිට වේදනාවෙන් වියරු වැටුණු ගොන්නාම්බා ළඟ සිටි දෙතුන් දෙනාට ඇණ සිරාගේ කලවය සපා කෑවේ මරු විකලෙනි” බුදු අම්මෝ ! මං ඉවරයි! යනුවෙන් මරහඬ නැගූ සිරා කණ්ඩියෙන් පහළට ඇද වැටුණේ නොසිතූ අන්දමිනි. ගොන් නාම්බා හා අල්ලාගත් හරකා පැන දිවූ අතර, රෝගියා ලොරියට දමා ළඟම ඇති රෝහල කරා ගෙන ගියේය. මාස කීපයකට පසු සිරාට සුවය ලැබුණත් ඉන්පසු ඔහු හොරෙන් හරක් පැටවීමට ගියේ නැත.

 


බණ්ඩාරවෙල ලියන්ගහවෙල තිලකසේන රාජමන්ත්‍රී මහතා ලියා එවූ කතාවක් මෙසේය.


කුරු පුංචාගේ ඉරණම


යමෙක් බලගතු අකුසල කර්ම කරත් නම්, එහි විපාක එම ආත්මය තුළදීම විඳ දුගතිගාමීව ද දුකට පත්වන බව ලෝ වැසියාට පෙන්වාදෙන දිට්ඨ ධම්මවේදනීය පාපයක් ඔප්පු කෙරෙන කදිම නිදසුනක් ලෙස මෙහි සඳහන් කථා ප්‍රවෘත්තිය පෙන්වා දිය හැකිය.


මීට දශක හතරකට පමණ ඉහත දී ගමක  “කුරු පුංචා” නමින් අන්වර්ථ නාමයකින් යුත් පුද්ගලයෙක් සිට ඇත. මොහුට කුරු පුංචා යයි නමක් පට බැඳී ඇත්තේ ඔහු මිටි පුද්ගලයෙකු වූ හෙයිනි. කපටි ඇස් දෙකක් හා කපටි පෙනුමකින් යුත් මේ පුද්ගලයා සැබැවින්ම එවක සමාජයට පිළිලයක් වී ඇත. අනුන්ගේ සැපත වෙනුවෙන් තම හදවත ඊර්ෂ්‍යාවෙන් ගිනි අවුළුවා ගත් මෙලොව දී තැවුණු හෙතෙම ජීවිත කාලය තුළදීම අධ්‍යාපනයක් ලත් අයෙක් නොවීය. ආගම දහමකට ද නොනැමුණු හෙතෙම ජීවිත කාලය තුළදීම නිකමටවත් පංසලක මළුවකටවත් ගොඩ වූ අයකු නොවීය. පංසලක දන් ගෙන යන අයට ද බැණ වදී” නිකරුණේ එක එකාට කන්න දී උඹලාට ලැබෙන දේ මොනවාද? අපරාද සල්ලි” ඔහුගේ අවලාද අතර විය. ගොවිතැන් වැනි රැකියාවක් නොකළ ඔහු සැබැවින්ම නිකමෙක් විය.


එහෙත් ඔහුගේ පිය පරම්පරාවෙන් ආ මන්තර ගුරුකම් කොඩිවිණ හූනියම් වැනි අපායට කෙමනක් වන් දෑ ප්‍රගුණ කළ අයෙකි. ඇතැම් කාන්තාවන්ට තෙල් ටිකක් මතුරා දීමෙන් අත්තගහ මැතිරීමත් වැනි මන්තර ගුරුකමක් කර දී ලාබ සත්කාරයක් ලබාගෙන ඇත.


එහෙත් සංසාරික පුරුද්ද අත් නොහළ ඔහු  අනුන්ගේ සැපතට ඊර්ෂ්‍යා කළේය. අනුන් දියුණු වනවාට, ඒ සඳහා උත්සාහ කරනවාට ඔහු තුළ තිබී ඇත්තේ තදබල ඊර්ෂ්‍යාවකි. අනුන් යන එන තැන් කන බොන දෑ අඳින පළඳින දෑ ගැන නිරන්තරයෙන් සෙවිල්ලෙන් සිටියෙකි. මිදුලේ ගලක් උඩට වී කුඹුරුවල අවුවේ දහඩිය වගුරන උත්සාහ වන්තයනට සාප කළේය. නො ඉවසිල්ලෙන් ඒ දෙස බලා සිට ඇත. තමන්ට මෙන්ම තම දරුවන්ටද උගන්වා ගැනීමට නොහැකි වූ නිසා දෝ ඉගෙනීමට උත්සාහ කළ දරුවන්ට ඇනුම්පද කීවේය. “මහ ලොකුවට ඉස්කෝලවල ගණිතයට යනවා. හරියට කච්චේරියේ ලියන්න යන්න වගේ. අම්මලාට අප්පලාට ණය කාරයෝ. රස්සාවල් ගන්න නම් හිතන්න එපා ළමයෝ. උඹලට රස්සාවල් දෙන්න ආණ්ඩුවට කොහෙන් ද සල්ලි? අනුන්ගේ කුලී වැඩකටවත් යන්නේ නැතුව ණයකාරයෝ” මග තොටේ දී හමුවන පාසල් ළමුන්ට ඔහු නිතරම ගෝර නාඩු කළේය. ගොවිතැන් කළ අයගේ ඉඩම්වලට වැලි අලු වැනි දෑ මතුරා ඉසිමින් සිටින විට සමහරුන් දැක ඇත. ගෙයක් දොරක් හදා ගැනීමට ගෙපල් කපා ඇති තැන්වලට. අත්තිවාරම් දමා ඇති තැන්වලට, ඔහු අලු වැලි වැනි දෑ මතුරා දමා ඇත. ඔහු ප්‍රගුණ කර තිබූ කොඩිවිණ හූනියම් නිසා අනෙක් අය බියට පත්ව සිටියහ.


සමාන අදහස් දරන අය උනුනුන් හා පෑහෙන බැවින්, ඔහුගේ භාර්යාවද ඔහුට පිටිවහලක් විය. අසල් වැසියන් සමඟ මොකක් හෝ ආරවුලක් පටලවාගෙන බැණවදී. ඇහැට කනට පේන ගෑනු දරුවකු සිටියහොත් මේ දෙපළ ඔවුනට මොකක් හෝ ‘පදයක්’ හදා ගම තුළ පතුරුවති. ඒහේතුවෙන් දරුවන්ගේ මව්පියෝ හා ආරවුලකට පැටලෙති.


මෙසේ කාලය ගෙවෙද්දී එක්තරා අහිංසක දරුවෙක්, අනුන්ගේ දුක සැපට පිහිට වෙමින් සමාජයට කරදරයක් හොර බොරුවක් නොමැතිව ජීවත් විය. එහෙත් ඔහුට වෙනත් වත්කමක් නොවූ නිසා පොතපත ඉගෙනීමට ලැදි කමක් දක්වා ඉතා දුකසේ මහන්සිවී කටයුතු කර, සාමාන්‍ය පෙළ සමත් කර ගත්තේය.


ටික දිනක් යනවිට මේ දරුවාට උමතු ගතියක් ඇතිවී තැන තැන කල්පනා කරන්නට වී ඇත. දරුවාගේ මේ තත්ත්වය දිනෙන් දින උග්‍රවී තනියම කතා කරන්නත්, තනියම නිකරුණේ හිනා වන්නටත් පටන්ගෙන ඇත. මෙයින් කලබලයට පත් මව්පියෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ප්‍රතිඵලයක් නොවූයෙන් එක්තරා හාමුදුරුවන් වහන්සේ නමක් සමීපයට ගොස් නිමිත්තක් බලා ඇත. මෙහිදී සම්පූර්ණ විස්තර දැනගැනීමට හැකිවී ඇත. ඉගෙනීමට වෛර බැඳගත් අයෙක් කිසියම් දැවී ගිය තැනකින් ලබාගත් අළු ජීවන්කර තේවලට මුසුකර බොන්නට දී ඇති බවත්, ඒ හේතුවෙන් මේ දරුවා උමතු භාවයට පත්ව ඇති බවත්, මේ තත්ත්වය තවදුරටත් උග්‍රවන්නට හැකි බවත්, ඒවා වැළැක්වීමට තමන් වහන්සේට හැකි බවත් පවසා ඇත. ඒ අනුව කටයුතු කර දරුවා බේරාගෙන  ඇත. 


කාලය ගෙවී ගියේය. දිනක් “කුරු පුංචා” ගේ භාර්යාව තම දියණියගේ ගෙදර ගොස් සිටියාය. ඒ දුවගේ ප්‍රසූතියක් හේතුකොට ගෙන යයි පසුව හෙළිවිය. ඒ අවධියේ  අපගේ කතා නායකයා තම පුතාගේ භාර්යාව (ලේලි) සමඟ කිසියම් ආරවුලක් අති කරගෙන පුතා සමඟ ද අඬ දබරවී මහත් කළකෝලාහලයක් වී ඇත. මෙයින් කෝපයට පත් පුතාත් ලේලියත් ගෙදරින් පිටවගොස් පසුදා නිවසට පැමිණෙන විට “කුරු පුංචා” ඇඳ පා මුල බිම මිය ගොස් සිටියේය. හදිසියේ සිදුව ඇති මරණයක් හෙයින් හදිසි මරණ පරීක්ෂණ, පොලිස් පරීක්ෂණ, පැවැත්වීමෙහිදී අනාවරණය වී ඇත්තේ “ මීපාෂාණන්” නැමති විෂ වර්ගය ශරීර ගතවී මේ මරණය සිදුව ඇති බවයි. ඊට පෙර දින මහා කලබලයක් ඇසුණු බව පාරේ ගිය අයෙකුට ඇසී ඔහු ද පරීක්ෂණවලද සාක්ෂි දී ඇත.


මේ අර දරුවාගේ ඉගෙනීම වළක්වාලීමට අලු මතුරා දුන් අතින්ම තමන්ටද වහ කන්නට සිදුව ඇති දිට්ඨධම්මවේදනීය පාප කර්මයක් යැයි අනුමාන කළ හැකිය.


මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

m



අදහස් (0)

අනුන්ට ඊර්ෂ්‍යා කළ කුරු පුංචාට වුණු විපත

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 750 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 100 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 131 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 370 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 243 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 123 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 682 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 338 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 486 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site