IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


අන්සතු ධනයට තෘෂ්ණාව වැඩූ හොර තාපසයා

 07-pg8d--taks-pgs  

 

බණ පොතේ දක්නට ලැබෙන කුහක සූත්‍රයේ දී මිනිසා තුළ පවතින කුහක ගතිගුණ දක්වා තිබේ. කුහක බව යනු තමා තුළ නැති ගුණ තිබෙනවා සේ බාහිර සමාජයට පෙන්වීමයි. එය ද විවිධ ය. එනම්,

SLD_20160508_B008
01. තමා තුළ නොමැති යහපත් ගතිගුණ තමා ළඟ තිබෙනවා යයි කීම. නිදසුනක් ලෙස පංචශීලය නොරකින මිනිසා තමා පංචශීලය රකින්නේ යයි කීම.


02. තමා තුළ නොමැති යහපත් ගතිගුණ තමා ළඟ තිබෙනවා යයි අනුන් ලවා කියවීම. නිදසුනක් ලෙස පංචශීලය නොරකින මිනිසා තමා පංචශීලය රකින්නේ යයි අන්‍යයන් ලවා කියවා ගැනීම.


03. තමා තුළ නැති යහපත් ගතිගුණ තමා ළඟ තිබෙනවා යයි වචනයෙන් නොකියා වෙනත් ශරීර ඉරියව්වලින් ඇඟවීම නිදසුනක් ලෙස පංචශීලය නොරකින මිනිසා තමා පංචශීලය රකින කෙනෙක් ලෙස ඇඟවීම.


04. තමා තුළ නැති උතුම් ගුණ තමා තුළ තිබෙනවා යයි සමාජයේ අන්‍යයන් කියන විට ඒ ගැන සතුටක් ඇතිකර ගැනීම. නිදසුනක් ලෙස තමා පංචශීලය නොරකින විටත් තමා පංචශීලය රකින කෙනෙක් ලෙස අන්‍යයන් හඳුන්වාදෙන විට තමා පංචශීලය රකින කෙනෙකු ලෙස එයින් සතුටක් ඇතිකර ගැනීම කුහකකමයි.

 


අපේ සමාජයේ බොහෝදෙනා කුහක යන වචනයේ තේරුම හරිහැටි දන්නේ නැත. බොහෝ අය සිතාගෙන ඉන්නේ එම වචනය අනුන්ට බැණීම සඳහා භාවිත කරන නරක වචනයක් ය කියා ය. අනුන් සඳහා එම වචනය භාවිත කළ යුත්තේ ඉහත දැක්වූ සිවු ආකාරයේ අශුභ ලක්‍ෂණ හෝ ඉන් එකක් හෝ කෙනකු තුළ පවතින්නේ නම් පමණි. එම ලක්‍ෂණ ඔහු තුළ නැතිනම් කුහකයා යයි කිව් පමණින් ඔහුට එය වදින්නේ නැත. තමා එය පිළිගත යුතු ද නැත. මන්ද එබඳු ගතිගුණ ඔහු තුළ නොමැති බැවිනි. කුහක සූත්‍රයේ දී පෙන්වනු ලබන්නේ කුහකයා ද ගුණ යහපත් මිනිසා ද නිවැරැදිව හඳුනාගැනීමේ අපහසුකමයි. එය හරියට ලියවිල්ලක මුල් පිටපත හා ඡායා පිටපත වගේය. දෙකම එකම එක වගේය. දෙකම එක වගේ වුවද දෙකකි. එය දෙකක් ලෙස හඳුනාගැනීමට ඉතා සියුම්ව නිරීක්‍ෂණය කළයුතු වෙයි. එකම  වගේ වුවද දෙකක් ලෙස එය හඳුනාගැනීමට නොහැකි වුවහොත් එය තමාගේ දෝෂයකි. කුහකයා සහ කුහක නොවන්නා (සාමාන්‍ය මිනිසා) අතර වෙනස හඳුනාගැනීම ද ඉතා අපහසුය.

5
ඉර පායන තැනත් ඉර බැසයන තැනත් අතර පවතින දුර කොපමණදැයි මැන බලා කිවහැකිද? නොහැකි ය. එය කළ හැකි වුවද කුහකයා සහ සාමාන්‍ය මිනිසා අතර පවතින වෙනස කිව නොහැකිය.


සඳ පායන තැනත් සඳ බැසයන තැනත් අතර ඇති දුර කොපමණදැයි මැන බලා කිවහැකිද? නොහැකි ය. එය කළ හැකි වුවද කුහකයා සහ සාමාන්‍ය මිනිසා අතර පවතින වෙනස කිව නොහැකිය.


මේ මහ පොළවත් ඉහළ අහසත් අතර තිබෙන දුර මැන බලා කිවහැකිද? නොහැකිය. එය කළහැකි වුවද කුහකයා සහ සාමාන්‍ය මිනිසා අතර පවතින වෙනස කිව නොහැකිය.


මෙම නිදසුන්වලින් පෙනෙන්නේ කුහක ගති සහිත පුද්ගලයා කුහකයෙකු ලෙස නිවැරදිව හඳුනාගැනීමට නම් සූක්‍ෂමවත්, සියුම්වත් ඔහුගේ කල්ක්‍රියාව ඉතා මැනවින් අධ්‍යයනය කළයුතු බවයි. එසේ නිරීක්‍ෂණය නොකළ බොහෝ අයහට කූහකයා ගැන දැනෙන්නේ ඔහු තමාට උදව් උපකාර කරන්නේය කියාය. තමාට දැඩිසේ ආදරය කරන්නේය කියාය. තමාට සිටින එකම ගැලවුම්කාරයා කියාය. තමාගේ මවටත්, පියාටත් වඩා ඇතැම් විට තම බිරිඳටත්, තම සැමියාටත් වඩා හිතාදර පුද්ගලයා ඔහු කියාය. එසේ සිතා කටයුතු කරනු ලබන්නේ කුහකයා තුළ තිබෙන කුහක ගතිවල පවතින සියුම්භාවය නිසාම ය. එය හඳුනාගැනීම අපහසු නිසාය. කුහක සූත්‍රයේ දී කුහකයා එම ගති ලක්‍ෂණ පෙන්නුම් කරන අවස්ථා කිහිපයක් දක්වයි. එනම්, කුහනා ලපනා නේමිත්තිකකා නිජ්පේසිකතා ලාභෙන ලාභං නිජිගිංසනතා යනුවෙන් ය.


කුහක සූත්‍රයෙහි දක්වා ඇති කරුණු තහවුරු කිරීම සඳහා ජාතක අට්ඨකතාවේත් සිංහල ජාතක පොතෙහිත් කරුණු දක්වා තිබේ. කුහක ජාතකයේ පැහැදිලි කරනු ලබන්නේ කුහකකම හා සම්බන්ධ එක්තරා සංසිද්ධියකි. එම ජාතක කතාව දේශනා කිරීමට හේතු කාරණා වූයේ හොර තපස් රකින්නා වූ එක්තරා භික්‍ෂූන් වහන්සේ කෙනෙකුන්ගේ කුහක වත අරඹයා ය. ඒ කතාව මෙසේය.


යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුවන් රජකම් කරන කාලයේ එක්තරා කුඩා ගමක් ඇසුරු කරගෙන හොර තපස් රකින ජටාවක් දරන එක්තරා තාපසයෙක් වසන්නේය. එක්තරා ධනවත් තරුණයෙක් එම තාපසයා කෙරෙහි පැහැදීමක් ඇති කරගෙන එම තාපසතුමාට පන්සලක් කරවා පූජා කරවූයේය. හේ දන්පහන් ආදියෙන් අඩුවක් නොකරයි. නිතර නිතර ඇප උපස්ථාන කරනු ලබයි. තරුණ ධනවතාගේ ඇප උපස්ථාන ලබන තාපසයාණන් ද දවසින් දවස තමාගේ ශීල ගුණධර්මවලින් පිරෙන බව තරුණ ධනවතාට පෙනෙයි.


තරුණ ධනවතා අසීමිත ලෙස පහදියි. තාපසයා ද තමන්ට ලැබෙන දානමාන ආදියෙන් සැතපෙමින් තම උතුම් ගුණධර්ම සුරකින බව පෙන්වයි. ඔහු කෙරෙහි පැහැදී සිටි තරුණ ධනවතා මෙම තාපසයා ඉතා සිල්වත් කෙනෙකු යැයි සිතා සොර සතුරන්ට භයින් තමා තුළ තිබූ රත්‍රන් මැණික් සියයක් ඒ තාපසයාණන් වසන පන්සලට ගෙනගොස් එහි නිදන්කොට “ස්වාමීනී මෙතන මෙපමණ වස්තුව තිබේ. එය මැනවින් බලාගනු මැනවැ”යි තාපසයාණන්ට කීය.


“පින්වත, බඩු තැන්පත්කොට තබාගැනීම නම් තාපසවරුන් වන අපට සුදුසු දෙයක් නොවේ. අනුන්ට අයත් වස්තුව පිළිබඳව අපට ලෝභය වැනි හැඟීමක් උපදින්නේ නැත” යනුවෙන් තාපසයාණෝ කීහ. තාපසයාණන්ගේ වචන අසා ධනවත් තරුණයා තාපසයා කෙරෙහි ඇති කරගෙන තිබූ පැහැදීම තවත් වැඩිවී ගියේය. ඒ අනුව සිය වස්තුව සොර සතුරන්ගෙන් ආරක්‍ෂා කරගැනීම සඳහා තමාගේ මුදලින්ම සාදාගත් වෙහෙරෙහි වැඩවසන තමාගෙන් සිව්පසය ලබන තාපසයාට භාරකර යන්නට ගියේය. ඔහු ගියපසු තාපසයා මෙසේ කල්පනා කරයි. “මෙතන තිබෙන රත්‍රන්, මැණික්වල වටිනාකම ඉතා ඉහළයි, මහත් ධනයකි. මෙය අරගතහොත් ජීවිත කාලයටම ඇති. කිසිවෙකුටත් යටත් නොවී යහතින් ජීවත්විය හැකියි” කියා තණ්හා සිතිවිල්ලක් ඇතිකර ගත්හ. ඒ අනුව කිහිප දවසක් ගියපසු කිසිවෙකුටත් නොදැනෙන සේ තිබූ තැනින් එම වස්තුව හොර රහසින් අරගෙන ගොස් වෙන තැනක සඟවා තැබුවේය. වස්තුව වෙනත් තැනක සඟවා තබා පසුදා ඒ ධනවත් තරුණයාගේ නිවසට දානය පිණිස ගිය අවස්ථාවේ දානය  වළඳා මෙසේ කීය. “පින්වත, මම බොහෝ දවසක් ඔබගේ ඇප උපස්ථාන ලබා මෙහි වාසය කරමි. දැන් බොහෝ කාලයක් ගතවී ඇත. මෙසේ බොහෝ කාලයක් වාසය කරමින් ගිහි අය සමග මිත්‍රවීම තපස් දිවියේ සාර්ථකත්වයට බාධාවකි. එය තාපසයන්ට කිළුටක් හා සමානය. අපට වැදගත් වන්නේ මිල මුදල් හෝ ඇප උපස්ථාන නොව තපස් ධර්ම රැකීමයි. එම නිසා ඔබ තනාදුන් පන්සල හැර මම වෙනත් තැනකට යන්නට අධිෂ්ඨාන කළෙමි”.


එම ධනවත් තරුණයා තාපසයාගේ උතුම් ගුණධර්ම ගැන වඩාත් ප්‍රසාදයට පත්ව තමාගෙන් ඉටුවිය යුතු උපකාරයක් තිබේ නම් දන්වන්න යැයි කීය. ඔහු එම වෙහෙරේම නතර කර ගැනීමට උත්සාහ ගත්හ. ඒත් නොහැකි වූ පසු ගමේ කෙළවර දක්වා පසුපස ගමන්කොට තාපස දිවියට සුබපතා මග නතර වී ආපසු සිය නිවසට පැණියේ ය.


තාපසයාණෝ දිගටම යන්නට ගියහ. එසේ උපකාර කළ ඒ ධනවත් තරුණයාට තමාගේ නිවැරැදිභාවය තවදුරටත් පෙන්වීම යහපති යැයි සිතා ආපසු එම තරුණයාගේ නිවසට ගියේය.


“කිමෙක්ද ස්වාමීනි ආපසු වැඩියේ” යයි ඇසූවිට මගේ ජටාවේ රැඳී ඔබට අයිති තණකොළ පතක් තිබුණේය. අන්සතු දෙය ගැනීම අප වැනි උතුම් ගුණපිරි තාපසයන්ට සුදුසු නොවේ යයි කීය. 


“ස්වාමීනි, මෙබඳු දෙයකින් ඔබට කුමන දෝෂයක් වේද? එය හැරදමා වැඩිය මැනවියි” කීය.


“අනේ මගේ තාපසයාණෝ තමා අතින් සිදුවන පාපයන්ට ඉතාමත් ශෝකසන්තාපයට පත්වන කෙනෙකි. අනුනට අයත් වස්තුවෙන් තණකොළයක් තරම්වත් අරගැනීමට සිතන කෙනෙක් නොවේ” යයි තාපසයාණන් පිළිබඳ ඉතා පැහැද වැඩිය මැනවි ස්වාමීනි කීවේය.


එදා රාත්‍රියේ යාබද ගමට වෙළඳාමේ යන අමුත්තෙක් ධනපති තරුණයාගේ නිවසට පැමිණියේය. රාත්‍රියේ ඔහු එම නිවසේ නවාතැන් ගත්තේය. “රාත්‍රියේ නින්දට පළමුව දෙදෙනා අතර විවිධ දේ කතාබහ විය” තම තාපසයාගේ සීලවන්ත බව සහ සිදුවූ සියලු සිද්ධිදාමය ඒ අමුත්තාට කීවේය. ඒ අසා සිටි බුද්ධිමත් ආගන්තුකයා තාපසයාගේ කපටි බව දැන “සැබෑද ඒ තාපසයා ළඟ තැබූ යම්කිසි වස්තුවක් තිබේ දැයි” හේ විමසීය.


සැබෑය වස්තුව තැබීමි යි හේ කීය.


කොපමණ ධනයක්ද?


මැණික් සියයකි යැයි කීය. එසේ නම් පන්සලට ගොස් ඒ තැබූ වස්තුව එසේම තිබේ දැයි බලන ලෙස කීය. එසේ බැලූවිට ඒ වස්තුව නොමැති බව දැනගත්තේ ය. මේ හොර තාපසයා සියල්ල ගෙනගොස් තිබේ. ඔහු වහාම අල්ලාගෙන ප්‍රශ්න කරන්න යයි කී විට ධනපති තරුණයා එයට පසු බැස්සත්, පෙරළා කියන විට පසුපස ගොස් ඒ තාපසයා අල්ලාගෙන ගුටිබැට දී විමසන විට සත්‍ය සිද්ධිය කීවේය. “මේ තරම් වස්තුව රැගෙන හොරකම් කොට ජටාවේ බැඳුණු තණ පත්‍රය අනුන්ගේ දෙයක් යයි ආපසු ගෙනත් දුන්නා නොවේදැයි කියා මෙබඳු වැරදි නොකරන්න යැයි අවවාද කළේය. සඟවා තිබූ තැනින් සියලු වස්තුව සොයාගනු ලැබූ ආගන්තුක වෙළෙන්දා එදා රෑ නිවසේ නවාතැන් දුන් එම තරුණයාට මිනිසාගේ මනසේ ඇති කුහකවත හා එහි ස්වභාවය කියා දුන්නේය.

බොහෝ මිනිසුන් තුළ මෙබඳු ස්වභාව තිබේ. ඇසුරු කිරීමෙන්ම ඒවා අඳුනාගත යුත්තේ ය.

m



අදහස් (0)

අන්සතු ධනයට තෘෂ්ණාව වැඩූ හොර තාපසයා

මධුෂානි Tuesday, 10 May 2016 09:39 AM

බොහොම හොද කතාවක් වචනයේ පරිසමත්ත අර්ථයෙන්ම මම කෙනෙක් දැකල තියනවා.ඒ කෙනා පන්සිල් රකින්නේ නැති වුණත් පන්සිල් රකිනවා කියල කියනවා. (ම)

:       0       0

සොපි Friday, 13 May 2016 10:29 AM

හරිම ආදර්ශවත් කතාවක් . (ම)

:       0       0

දයාන් Saturday, 14 May 2016 03:10 PM

ඉතා වැදගත් සමාජයට හොඳ ආදර්ශයක් දෙන කතාවක් (නි)

:       0       0

අසෝකා Tuesday, 07 June 2016 02:50 PM

කෑමක් නරක් වී නම දුගදකි එන්නේ .බල්ලෙක් බිරුමෙන්ය ඌ නපුරුද දන්නේ , ඉපදුන දා පටන් එක බත් පත කන්නේ..එනමුදු මිනිස් සිත කොහොමද හදුනන්නේ.?(හේ)

:       0       0

නිරුපා Wednesday, 18 May 2016 07:24 AM

ඒ ගැන නම් කියලා වැඩක් නෑ. (ර)

:       0       0

ගයාන් Wednesday, 18 May 2016 07:27 AM

ධනයට තෘෂ්ණාව වැඩූ කල පරිහානිය උදා වේ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 604 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 82 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 101 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 330 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 225 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 117 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site