IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


අඳබාල දේශපාලකයන් සමාජයෙන් පිටමං කරමු

වත්මන් සමාජය තුළ එදිනෙදා මතුවන ගැටලු විසඳීමේදී ඇතැමුන් විසින් ඥාන බලය වෙනුවට බාහු බලය යොදාගන්නා බව පෙනේ. පසුගියදා මස්කෙළිය ප්‍රාදේශීය සභාවෙන්ද එවැනි සිද්ධියක් වාර්තා විය. සභා මන්ත්‍රීවරයකුගේ වීදුරු පහරකින්  එහි උපසභාපතිවරයා රෝහල් ගත කිරීම එම අවාසනාවන්ත සිද්ධියයි. එය 14 වැනිදා අප පුවත්පතද වාර්තා කළේය. මස්කෙළිය නගරයේ අනවසර ඉදිකිරීම්වලට විරෝධය පළ කිරීම එම පහරදීමට හේතුව බව අදාළ පුවතේ සඳහන් විය. පොලිසිය පවසන පරිදි ඔහුට පහරදී ඇත්තේ පාලක පක්ෂයේම මන්ත්‍රීවරයෙකි.

පහරදුන් මන්ත්‍රීවරයාගේ පැත්තෙන් ඇසෙන්නේ වෙනත් කතාවකි. මත ගැටුමක් නිසා උපසභාපතිවරයා තවත් මන්ත්‍රීවරයකුට පහරදීමට  යාමේදී එය වළකා ගැනීමට වීදුරු ප්‍රහාරය  එල්ල කර  ඇත. එසේ වූයේ නම් එයද බරපතළ වරදකි. කිසිවකුටත් නීතිය අතට ගැනිමේ අයිතියක් නැත. ගැටුමකදී තුන්වන පාර්ශ්වයකින් සිදුවිය යුත්තේ ගැටුමට සම්බන්ධ එක්පාර්ශ්වයකට පහරදීම නොව ගැටුම සමථයකට පත්කිරීම සඳහා කටයුතු කිරීමයි. කෙසේ වෙතත් මෙවැනි කනගාටුදායක සිදුවීම් නැවත නැවතත් ඇති නොවීමට  වගබලා ගැනීම සියලු පක්ෂ නායකයන්ගේ යුතුකමකි. වගකීමකි. මෙවැනි ගැටුම් සිදුවන, සිදුවූ පළමු හෝ අවසන් අවස්ථාව මෙය නොවීම ඊට හේතුවයි.

දශක කිහිපයක පටන්, ප්‍රාදේශීය සභා පළාත් සභා පමණක් නොව උත්තරීතර පාර්ලිමේන්තුවේ පවා ප්‍රචණ්ඩකාරී සිදුවීම්  දක්නට ලැබීම සමස්ත ජාතියේම අභාග්‍යයකි.  ගතවූ වසර කිහිපයේදීද පාර්ලිමේන්තුවේ පිහි හරඹ, මිරිස්කුඩු හරඹ පමණක් නොව පුටු හරඹ ද දක්නට ලැබුණි. එවැනි සිදුවීම් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අඥානකමට හොඳම නිදසුන් වන්නේය. අනාගතයේ  රට කරවීමට රට භාර ගැනීමට සිටින නායකයන්ට මේවා නරක පූර්වාදර්ශ විය හැකිය. එසේ වුවහොත් එය ශීලාචාර සමාජයකට ඔරොත්තු නොදෙනු ඇත. පාර්ලිමේන්තුවේ තත්ත්වය එසේ නම් ප්‍රාදේශීය සභාවල සිටින ගෝලයන් ගැන කවර කතාද? දිනෙන් දින වර්ධනය වන ප්‍රචණ්ඩත්වය මහජන නියෝජිතායතනවලින් පමණක් නොව සමස්ත සමාජයෙන්ම අතුගා දැමිය යුත්තකි.

සභා ප්‍රචණ්ඩත්වයද වර්ධනය වුවහොත් මතු දිනෙක ජීවිත හානි පවා සිදුවීමට බැරිකමක් නැත. එවැනි තත්ත්වයක් ඇතිවීමට පෙර හෝ මෙය වර්ධනය නොවීමට කටයුතු කිරීම දේශපාලන පක්ෂවල වගකීමකි. එය පක්ෂ නායකයන් විසින් ඉටුකළ යුතු අනිවාර්ය කාර්යක් වන්නේය. එසේ නොවුවහොත්  රටක පිරිහීම හා ලෝකය හමුවේ  අපකීර්තියට පත්වීම කිසිවකුටවත් වැළකිය නොහැකිය.

වරෙක කපටි දේශපාලනඥයන් කිහිපදෙනකු විසින් ප්‍රකාශ කරන ලද්දේ හොරු හෝ චණ්ඩි ප්‍රාදේශීය සභාවට, පළාත් සභාවට හෝ පාර්ලිමේන්තුවට යැවීම නතර කළ යුත්තේ මහජනතාව බවයි. එය අර්ධ  සත්‍යයකි. විය යුත්තේ  එවැනි තක්කඩියන්ට අපේක්ෂකත්වය ලබා නොදීමට පක්ෂ නායකයන් කටයුතු කිරීමයි. ජනතාවගේ පැත්තට බෝලය පාස්කර ඇඟ බේරා ගැනීමට පක්ෂ නායකයන්ට කිසිසේත්ම ඉඩක් නැත. මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ද  ආදර්ශවත්වීම වඩාත් වැදගත් වන්නේය. දේශපාලන පක්ෂ තුළ කක්කුටු න්‍යාය ක්‍රියාත්මක වන්නේනම් ගෝලයන්ගේ විනය ගරුත්වය යථාර්ථයක් නොවනු ඇත. විනයක් නැත. රටක, සමාජයක කවමදාකවත් දියුණුවක් දැකිය නොහැකිය. විනයගරුක සමාජයක වටිනාකම බුදුන්වහන්සේද දේශනා කර ඇත්තේ ඒ නිසාය.

විනයගරුක තැනැත්තකුගේ මූලික ලක්ෂණවලින් එකක් වන්නේ ඉවසීම, හැදෑරීම හා විචාරයෙන් බුද්ධි වර්ධනය කර ගැනීමයි. තාර්කික  චින්තනය වර්ධනය කරගත හැක්කේ එවැනි අයකුට  පමණි. එවැනි තැනැත්තකු කිසි දිනක බාහු බලය පෙන්වන්නට පෙළඹෙන්නේ නැත. එවැනි මිනිසුන් සිටින තැනක කවදාවත්ම ගුටිබැට හුවමාරු, වීදුරු ප්‍රහාර හෝ වතුර බෝතල් පහරදීම් සිදුවන්නේද නැත. මස්කෙළිය  ප්‍රාදේශීය සභාවේ පහරදීම සිදුව ඇත්තේද අදාළ පාර්ශ්ව අතර හික්මිමක් ඉවසීමක් නොමැතිකම නිසා බව අපගේ වැටහීමයි.

ශ්‍රී ලංකාවද  නොමේරු දේශපාලන සංස්කෘතියකට උරුමකම් කියන රටකි. පක්ෂ නායකයන් දුරදක්නා නුවණින් බුද්ධිමත් තීරණ ගත යුත්තේද ඒ  නිසාය. මැතිවරණ සඳහා අපේක්ෂකයන් තේරීමේදී  මැරකම, සල්ලිකාරකම නොව උගත්කම හැදිච්චකම, නීතිගරුක බව යන  කරුණු පමණක් සැලකිල්ලට ගත යුතුය.  අනාගතයේදී වැදගත් ගෞරවනීය විනයගරුක, මහජන  නියෝජිතයකු පිළිබඳ ප්‍රාදේශීය සභා, පළාත් සභා පාර්ලිමේන්තුව බලාපොරොත්තු තබා ගත හැක්කේ එසේ වුවහොත් පමණි.

වත්මන් පාර්ලිමේන්තුවේ පවා සතුන්ගේ නම්, කුණුහරුප පමණක් නොව මන්ත්‍රීවරියන් මානසික හිංසනයට ලක්වන වචන හුවමාරු වන බව පෙනේ. එය පළාත් සභා හා ප්‍රාදේශීය සභාවලටද ඔඩු දුවා තිබීම ඛේදනීය තත්ත්වයකි.

එසේ වුවද දශක කිහිපයකට පෙර සිටි නායකයන්  ආදර්ශවත්ව සිටි බව හැන්සාඩ් වාර්තා කියවීමෙන් අවබෝධ කර ගත හැකිය. ඩඩ්ලි සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක වැනි නායක නායිකාවෝ ආදර්ශවත් වූහ. එම නායකයන් අතර ප්‍රචණ්ඩකාරි අදහස් හුවමාරුවක් හෝ ගැටුම් ඇති නොවිය.

ජේ.ආර්. ජයවර්ධන, ඇන්.ඇම්. පෙරේරා හෝ කොල්වින් ආර් ද සිල්වා වැනි නායකයන් මතවාදීව ගැටුණද එකිනෙකා අතර බාහු බලය පෙන්වන්නට පෙළඹුණේ නැත. එම නායකයන් හොඳ මිතුරන් බවට පත්වූයේද ඒ නිසාය. එවැනි නායකයන්ගෙන් ආදර්ශ ගත හැකිව තිබියදී අද සිටින ඇතැම් මන්ත්‍රීවරු කැහැපට ගණන්කාරයන් ලෙස හැසිරීම ලජ්ජා සහගතය. පිළිකුල් සහගතය. අන් මත ඉවසිය නොහැකි නම් ඔවුන් දේශපාලනයෙන් සමුගත යුතුය. ජනතාවගේ දහසකුත් එකක් ප්‍රශ්න  තිබියදී ඒවා විසඳීමට සංවාදයේ යෙදීම හෝ වැඩ පිළිවෙළ හඳුන්වාදීම වෙනුවට ගුටි  කෙළ ගැනීම නතර කළ යුතු බව අපගේ ප්‍රාර්ථනයයි.

(***)



අදහස් (4)

අඳබාල දේශපාලකයන් සමාජයෙන් පිටමං කරමු

vinivida Saturday, 18 December 2021 06:48 PM

උත්තරීතර පාර්ලිමේන්තුවේ පවා ප්‍රචණ්ඩකාරී සිදුවීම් දක්නට ලැබීම සමස්ත ජාතියේම අභාග්‍යයකි. ගතවූ වසර කිහිපයේදීද පාර්ලිමේන්තුවේ පිහිහරඹ, මිරිස්කුඩු හරඹ පමණක් නොව පුටු හරඹ ද දක්නට ලැබුණි. පාසල් සිසුන් සිය ගණනක් සහභාගි වන අවස්ථාවන්හිදී පවා පාර්ලිමේන්තුවක් තුළ වාද විවාද වූ පාර්ලිමේන්තුවට කිසිදු සම්බන්ධයක් නොමැති, පාර්ලිමේන්තුව තුළ සිදුනොවිය යුතු සහ නොකළයුතු දේශපාලකයන්ගේ පුද්ගලික ජීවිතයන් මන්ත්‍රීවරුන්ට දෙවැනි නොවන ආකාරයට සමහර කාන්තා මන්ත්‍රීවරියන්ගේ ද හැසිරීම කෙසේවත් අනුමත කළ නොහැකිය. අනාගතයේ රට කරවීමට රටභාර ගැනීමට සිටින කණ්ඩායම වර්තමාන පාර්ලිමේන්තුවේ දුෂිත ආකාරයට හැසිරෙන්නා වූ කිසිවකු පත්කර නොගැනීමට වගබලාගත යුතුවේ. රටේ ගෞරවය, මන්ත්‍රීවරුන්ගේ ගෞරවය පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අවබෝධයක් ගෞරවයක් දක්වන අලුත් පිරිසක් පාර්ලිමේන්තුවට පත්කර ගත යුතුවේ. ඉදිරි රජයක පාර්ලිමේන්තුවේ කැපිපෙනෙන වෙනසක් සඳහා කාන්තා නියෝජනය සැලකිය යුතු ආකාරයකට ඉහළ ගැනීමට කටයුතු කළයුතු වේ..

:       0       5

RaveendraSunday, 19 December 2021 11:02 AM

ඔබගේ අදහස් " 200%ක්" නිවැරැදිය. අවාසනාව නම් අපේ පක්ෂයේ නායකයා ඕනෑම වැඩක් කළත් හරියි කියන මුග්ධ න්‍යායෙන් පරිපූර්ණ වූ මෝඩ, තකතීරු පුරවැසියන්ගේ එම අදහස් වෙනස් නොවේ නම් අප රට සැමදාමත් අප රටේ තිබෙන සියලුම පක්ෂවල කාලකන්නි දේශපාලුවන්ගේ කෙළිබිමක් වීම සක්කරයාටවත් වැළැක්විය නොහැකිය.

:       1       2

ASELA Monday, 20 December 2021 02:41 AM

රට පුරා කුඩා දරුවන් හට බීමට කිරි පිටි නොමැති මොහොතක, කිරිපිටි පැකෙට්ටුව පවා දේශපාලනයට කරන විහිළු යූ එන් පී සභාපති

:       1       0

rocky Tuesday, 21 December 2021 02:31 PM

ඔබේ අදහස ක්‍රියාත්මක නොකළ හැක්කේ අසේල වැන්නන් නිසාය .අපට නම් යූ.එන්.පී වුනත් පොහොට්ටු වුනත් නරකයා නම් නරකයාමය

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 664 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1168 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 149 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 395 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 565 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 931 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 720 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2016 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site