IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අඳුරේ අතගාමින් ජාතික ආරක්‍ෂාව සෙවු හැටි

අහිංසක කාන්තාවන්, පුරුෂයින් සහ දරුවන් 268 දෙනකු මරු තුරුලට යවමින්, ලොවක් කම්පනයට පත්කළ පාස්කු ඉරිදා සංහාරය සිදුව මාස 3ක් ගතව අවසන්ය.

ප‍්‍රහාරයට හසුවූ 500ක් පමණ දෙනා තුවාල ලැබූ අතර, ඔවුන්ගෙන් ඇතැමෙක් ලද තුවාල කැළැල්, අයි.එස්. සංවිධානයේ ඉගැන්වීම්වලින් උසි ගැන්වුනු මුස්ලිම් අන්තවාදීන් සිදුකළ පාස්කු ඉරිදා සංහාරයේ අමිහිරි මතකය ඔවුන්ගේ ජීවිතාන්තය දක්වාම සනිටුහන් කරවනු ඇත.

ශී‍්‍ර ලංකාවේ මෙවැනි ඛේදාන්තයක් සිදුවූයේ වසර 30ක කුරිරු යුද්දයකින් පසු එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදීන්ගෙන් මුදවාගෙන වසර 10 ක් සම්පූර්ණ වීමට ඔන්න මෙන්න කියා තිබියදී බව අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ. ශී‍්‍ර ලංකා මාතාව වසර 30 ක කුරිරු යුද්ධයෙන් මුදාගන්නා ලද්දේ බදු ගෙවන ජනතාවගේ මුදලින් පුහුණුව ලබන සහ කාලයට ගැලපෙන පරිදි අලූත් කැරෙන හමුදාව සහ පොලිසිය විසිනි. එවක ඉතා උසස් බුද්ධි අංශයක් පැවැති ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක අංශය ඒ නිසාවෙන්ම ලෝක පූජිත තත්ත්වයට පත්වූ අතර, අපගෙන් ඉගෙනීමට විදෙස් රටවලට පවා අවැසි විය.

එවැනි උසස් තත්ත්වයක් මෙරට ආරක්ෂක සහ බුද්ධි අංශයයන්ට දිනා දීම සදහා දිවිදුන් සහ තුවාළ ලැබූවෝ දහස් ගණනකි. වසරකට වරක් ජාතික නිදහස් දින සමරුවේ දී ඔවුන්ගෙන් ඇතැමෙක් අප නෙත් ඉදිරියට පැමිණෙන්නේ රෝද පුටුවල හිඳගෙන, නිදහස් දින සමරු පෙළපාලියේ ගමන් කරමින්ය.

ඕනෑම අභ්‍යන්තර උවදුරක් ඉතාම සාර්ථකව මැඩලීමට තරම් හැකියාවක් තිබූ මෙවැනි ආරක්ෂක යාන්ත‍්‍රණයක්, 2015 ජනවාරි මස යහපාලන රජය බලයට පැමිණි දිනයේ පටන් ක‍්‍රමයෙන් සෝදාපාලූවට ලක්වීමට ඉඩ හැරිණ. මෙම තීරුවලින් නැවත නැවතත් පෙන්වාදුන් ආකාරයට එයට ප‍්‍රධාන වශයෙන්ම හේතු වූයේ ආරක්ෂාව හෝ යුද කටයුතු සම්බන්ධයෙන් ඉතාම අවම හෝ කිසිදු දැනුමක් නොතිබූ පුද්ගලයින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරුන් ලෙස පත්කිරීමේ බරපතල වරදයි.

ව්‍යවස්ථාවට අනුව රටේ ආරක්ෂක අමාත්‍යවරයා ද වන ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා යටතේ එසේ පත්වූ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරුන් ගණන 4කි. බී.එම්.යූ.ඞී.බස්නායක (හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිර්දේශයකි), කරුණාසේන හෙට්ටිආරච්චි (ජනපති සිරිසේනගේ පාසල් සගයෙකි), කපිල විද්‍යාරත්න (නීතිපති දෙපාර්තමෙන්තුවේ සේවය කොට විශ‍්‍රාම ගිය), සහ හේමසිරි ප‍්‍රනාන්දු (ආරක්ෂක ලේකම් ධූරය ලබාගැනීමේ අරමුණින් කටයුතු කළ සහ එය දිනාගත්) ඔවුහුය. අවම වශයෙන් තවත් දෙදෙනෙක් ආරක්ෂක ලේකම් තනතුර භාරගැනීම ප‍්‍රතික්ෂේප කළ තැන, දැන් එම තනතුර හොබවන්නේ හිටපු හමුදාපති ශාන්ත කෝට්ටේගොඩ මහතාය.

පොලිසියේ තත්ත්වය ද මෙයට වෙනස් නැත.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසය දක්වා ඔවුන් සිටියේ නීතිය හා සාමය අමාත්‍යංශය යටතේය. සාගල රත්නායක අමාත්‍යවරයා එකී අමාත්‍යංශයේ පළමු අමාත්‍යවරයා වූ අතර, පසුව නීතිය හා සාමය අමාත්‍යංශය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සමග හුවමාරු කර ගැනිණ.

පොලිසියේ පැහැදිලි වෙනසක් දැකගත හැකිවූයේ නව පොලිස්පතිවරයා ලෙස පූජිත් ජයසුන්දර මහතා වැඩ භාරගැනීමෙන් පසුවය. එතැන් සිට ආන්දෝලනාත්මක සිදුවීම් බොහෝමයක ප‍්‍රධාන චරිතය බවට පත්වූ හෙතෙම, ඒ සියල්ලකින්ම පාහේ සිය තනතුර ආරක්ෂා කරගැනීමට සමත්විය. එවැනි එක් අවස්ථාවක් වන්නේ වංචාවකට හවුල්වීයැයි සාජන්වරයකු අත්අඩංගුවට පත්වීමේ වරදට, පොලිස්පති ජයසුන්දරගේ නියෝගය යටතේ කාත්තන්කුඩි පොලිස් ස්ථානයේ සියලූම නිලධාරීන්ට දණ ගසාගෙන සිටීමට සිදුවූ අවස්ථාවය.

එක්සත් ජාතික පෙරමුණේ බහුතරයක් දෙනා නව පොලිස්පතිවරයා ලෙස පූජිත් ජයසුන්දරව පිළිගත්තේය. එයට හේතුව වූයේ ඔහු සමග පොලිස්පති පුටුවට තරගවැද සිටි නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වික‍්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ ජනපති සමයේ ජනාධිපති ආරක්ෂක අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කර තිබීමයි.

කිසිවෙකුත් නොසිතූ පරිදි වික‍්‍රමසිංහව එම තනතුරේම තවදුරටත් තබා ගැනීමට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පියවර ගත්තේය. මෙය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පුදුමයට පත්කළ සිදුවීමක් වූ අතර, ජනපතිවරණයෙන් පසුව වරක් ඔහු ප‍්‍රංශ පුවත් සේවයේ අමල් ජයසිංහ සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී කියා සිටියේ සිය පිරිවර මධ්‍යයේ ඔත්තුකරුවකු ද සිටි බව තමා නොදැන සිටි බවයි.

පොලිස්පති ලෙස ජයසුන්දර පත්වීමෙන් පසුව ඔහුව පිළිගැනීමට කොළඹ පුරා බැනර සවිකර තිබූ අතර, 2015 මැයි මාසයේ දී බලාත්මක කැරුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද ඔහුගේ වාසියට සිටියේය. එම සංශෝධනය යටතේ පොලිස්පතිවරයා ඔහුගේ තනතුරින් ඉවත් කිරීමට නම්, පාර්ලිමේන්තුව හරහා විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ යුතුවීමේ දීර්ඝ කි‍්‍රයාවලියකට යොමුවීමට සිදුවීම එයට හේතුවයි.

ජනපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පන්නරය ලබා තිබූ වංචා - දූෂණ මර්දන ව්‍යාපාරයක් පැටවුනේ ජයසුන්දරගේ කර මතටය. එවැනි සිදුවීම් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය අරබයා බරපතල ලෙස දේශපාලනය ගැවී තිබූ අතර, එම චෝදනාවලට හවුල් පාර්ශවයන් ඔවුන්ගේ බලපෑම - ඔවුන් ලබා සිටින චෝදනා සම්බන්ධයෙන් පැවැත්වෙමින් තිබූ විමර්ශනයන් වෙත යොමු කළේ තම තමන්ගේ හිතවත් එක්සත් ජාතික පෙරමුණු දේශපාලඥයින් හරහාය. මේ පිළිබඳව පැමිණිලි කැබිනට් මණ්ඩලයේදී ද ඉදිරිපත් විය. විමර්ශන ගණනාවක් ඒවායේ අවසානය නොදුටූයේ මෙම හේතුව නිසාම බව කිව හැකිය.

නීතිය හා සාමය බලවත් ලෙස පිරිහෙමින් තිබූ තැන ඝාතන ඇතුලූ අපරාධ වෙනදා නොවූ තරම් ඉහළකට නැගුණු අතර, යතාර්ථය හා සැසදීමේ දී ඒවා පහළ ගොස් ඇතැයි සදහන් වූයේ පොලිසිය නිකුත් කළ මාධ්‍ය වාර්තාවල පමණකි.

පොලිස් ස්ථානයකට ඇතුල්වීමට ප‍්‍රථමයෙන් බොහෝ දෙනෙක්ට දේශපාලන සවියක් ලබාගත යුතු විය.

මතකයෙන් වියැකී යමින් තිබූ මහා පරිමාන දූෂණ - වංචා සහ වෙනත් සිදුවීම් සම්බන්ධයෙන් වන විමර්ශනයන් අඩුම තරමින් පසුගිය සති කිහිපයේ දී හෝ කරළියට පැමිණෙන අයුරු හදුනාගත හැකිවිය.

වැඩ තහනම් කළ පොලිස්පතිවරයා එක්සත් ජාතික පෙරමුණු නායකත්වය හා ඉතා සමීපව කටයුතු කිරීම ඔහු හා ජනපති සිරිසේන අතර සබඳතාවය ඉතා දරුණු ලෙසම පලූදු කළේය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීම්වලට පොලිස්පතිවරයා ලෙස ජයසුන්දරට ආරාධනා නොලැබිණ.

ජයසුන්දර එවැන්නක් පවසා ඇතැයි සැළවූ විට ජනපතිවරයා ප‍්‍රසිද්ධියේම එය බැහැර කළේ, එම රැස්වීම්වල දී ජයසුන්දර වඩා කාර්යබහුලව සිටියේ සාකච්ඡාවල යෙදෙමින් නොව ඔහුගේ ජංගම දුරකතනය සමඟ බවයි. එය එසේ වී නම් ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප‍්‍රධානියා ලෙස ජනපති සිරිසේනට ජයසුන්දරව එයින් වළක්වාගත හැකිව, ඔහුට අවවාද කළ හැකිව තිබිණ.

ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වීම්වලට ජයසුන්දරට ආරාධනා නොලැබීමෙන් වඩාත් ගම්‍ය වන්නේ නෛතික වශයෙන්ම නීතිය සා සාමය ආරක්ෂා කිරීමට පත්ව සිටින රටේ ඉහළම සාම නිලධාරියාගෙන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාකච්ඡාවට බදුන් වූ රහස් සැඟවීමට තිබූ වුවමනාවකි.

මෙනිසාම ගතවූ වසර හතර හමාරක කාලයේ ආරක්ෂක අංශ සහ පොලිසිය පැවැතියේ සහ පශ්චාත් පාස්කු ඉරිදා සංහාර සමයේ ඔවුන් කටයුතු කරමින් සිටින්නේ පැහැදිලි මඟපෙන්වීමකින් තොරව බව කිව හැකිය.

කෙසේ වෙතත් පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව හමුදාව, නාවික හමුදාව, සහ ගුවන් හමුදාවේ ක්ෂණික කි‍්‍රයාකාරීත්වය හමුවේ ජාතිවාදී ගැටුම් ඇවිලීමට තිබූ ඉඩකඩ වහවහා ඇහිරී ගිය බව සදහන් කළ යුතුමය. තවද, සිංහල ගම්මානවලින් වටව තිබූ මුස්ලිම් ප‍්‍රදේශවල, එම ජනතාවගේ උත්සව පැවැත්වීමටද හමුදාව සහාය දුන්නේ ජන කොට්ඨාස අතර එකිනෙකා කෙරෙහි බිය වර්ධනය වීමට තිබූ අවකාශය හැකිතාක් සීමා කරවමිනි.

දේශපාලඥයින් කළ යුතුව තිබූ කාර්යයට අවසානයේ උර දුන්නේ යුද හමුදාවය. ඔවුන් ඇතැම් විට එවැනි කටයුතුවලින් ඉවත්ව සිටියේ ඉදිරි මැතිවරණයක දී තම තමන්ට හිමිවන ඡුන්ද ගැන සිතා විය හැකිය.

දේශපාලඥයින් ගැන සඳහන් කළ නිසාම, ඔවුන්ගේ අකී‍්‍රය, නිද්‍රාශීලී පිළිවෙත නිසාම දිවයිනේ ඇතැම් තැන්වල ගැටුම් ඇවිලූනු බව ද කිව යුතුය. නමුත් මේ සියල්ල මධ්‍යයේම, වෙළද සහ ව්‍යාපාරික අංශ මුල්කරගත්, එම අංශයන්හි සේවයේ නියුතුව සිටින ඇතැමෙක් විනාශ කිරීමේ සහ එම අංශයන්වලින් ඉවත් කිරීමේ සෙවනැළි යුද්දයක් ද පාස්කු ඉරිදා සංහාරය මුල්කරගෙන දියත් කර තිබෙන බව ද කිව යුතුමය. මෙම අතිශය බරපතල තත්ත්වයට නිහැඩියාවෙන්ම ප‍්‍රතිචාර දක්වමින් සිටින දේශපාලඥයින්, ඇවිලෙන ගින්නට එක් කරමින් සිටින්නේ පිදුරුය.

ද සන්ඬේ ටයිම්ස් අනුග‍්‍රහයෙනි  

(පරිවර්තනය : කෝවිද ගුණසේකර)

 



අදහස් (1)

අඳුරේ අතගාමින් ජාතික ආරක්‍ෂාව සෙවු හැටි

max Tuesday, 23 July 2019 07:20 AM

වටිනා කාලීන ලිපියකි. කාදිනල්තුමාද පසුගිය දා කී ලෙසම, රටේ ආරක්ෂාව සත පහට දැමු වර්තමාන පාලකයන් ඉක්මනින් එලවා දැමිය යුතුය.

:       0       70

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 47 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 70 0

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


ළමයින්ට මුල් තැන දෙන්න
2024 ඔක්තෝබර් මස 01 106 0

ශ්‍රී ලංකාව මෙවර ළමා දිනය සමරන්නේ, රට තීරණාත්මක සන්ධිස්ථානයකට එළඹ සිටියදීයි. 9 වැනි විධායක ජනාධිපතිවරයා පත්කර ගත් ජනාධිපතිවරණය සහ පාර් ලිමේන්තුව තෝරා


ආණ්ඩුවේ අනාගත අභියෝග
2024 ඔක්තෝබර් මස 01 60 0

2024 ජනාධිපතිවරණය සැමගේම අවධානයට ලක්වීමට හේතු ගණනාවක් තිබුණි. රට බංකොලොත් වීමෙන් පසු පැවැත්වූ ප්‍රථම ජනාධිපතිවරණය වීම ඉන් එක් හේතුවකි. නව ජනාධිපතිවරයක


මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 1562 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 714 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38621 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 941 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site