ඔහු ශ්‍රී ලාංකේය සිනමාව ජාත්‍යන්තරයට ගෙනගිය එයින් ජාත්‍යන්තර සම්මාන දිනා ලංකාවට කීර්තිය අත්කර දුන් විශිෂ්ට ගණයේ සිනමා අධ්‍යක්ෂවරයෙකි. ලාංකේය සිනමාව මේ රටට පමණක් සීමා නොකොට ජාත්‍යන්තරයේද සහයෝගයෙන් තම නිර්මාණ ඉදිරිපත් කිරීමට වෙහෙසුණු, ඒ වෙනුවෙන් කැපවුණු නිර්මාණශීලී අදහස් ඇති දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසද ඔහු හැඳින්විය හැකිය.
ඔහු ඉන්දියාවත් සමඟ එක්වී ‘‘පැරඩයිස්’’ චිත්‍රපටය නිර්මාණය කළ අතර එය අද (28) සිට මෙරට මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක එක්වර තිරගත කෙරේ. එය සැබැවින්ම ශ්‍රී ලාංකේය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ලැබූ ඉහළම ජයග්‍රහණයකි. භාෂා 5කින් සමන්විත මේ චිත්‍රපටය පිළිබඳවත් මෙරට සිනමාවේ ප්‍රශ්න පිළිබඳවත් ඔහු සමඟ කතා බහ කෙළෙමු. ලාංකේය සිනමාව වෙනුවෙන් නිතරම විවෘතව කතා කරන ඒ වෙනුවෙන් කැපවෙන මේ නිර්මාණකරුවා නමින් ප්‍රසන්න විතානගේය. මේ ඔහුගේ හඬයි.
‘‘පැරඩයිස්’’ චිත්‍රපටය තවමත් ජාත්‍යන්තර සිනමා උළෙල රැසක ප්‍රදර්ශනය වෙනවා. ඒ අතරතුර තමයි සිනමාශාලා ප්‍රදර්ශනය ඇරඹෙන්නේ. ඇත්තටම එය ඉන්දියාව හා සමගාමී ප්‍රදර්ශනයක් නොව ලංකාව, කටාර්, සිංගප්පූරුව, සවුදි අරාබිය, ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවලත් ප්‍රදර්ශනය වෙනවා. එය අද (28) සිට ලොව පුරා තිරගතවීම සතුටක්. මෙහි ප්‍රධාන නළු නිළි යුවල ඉන්දීය මලයාලම් ජනප්‍රිය නළු නිළි යුවළක් වන රෝෂන් මැතිව් හා දර්ශනා රාජේන්ද්‍රන්. මෙහි කතාව පාදක වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදකාරී සමයක ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් දෙදෙනකු වටායි. මම දකින්නේ මෙය මලයාලම් කුසලතාව ආනයනයක් පමණක් නොවෙයි දේශීය කුසලතාවය අපනයනයක් හැටියටයි.
ඉන්දීය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මනිරත්නම් මහතා මේ චිත්‍රපටය ප්‍රදර්ශනයක් නරඹලා කැමැත්ත ප්‍රකාශ කළා ඔහුගේ නිෂ්පාදන සමාගමක් වන ‘‘මැඩ්රාස් ටෝකිස්’’ ධජය යටතේ ඉදිරිපත් කරන්න. එහෙත් ලොව පුරා බෙදා හරින්නේ ඊ.පී.අයි. සමාගමයි. මෙහි කිසිම වෙළෙඳ ගනුදෙනුවක් නෑ. මෙය මිත්‍රත්වයේ දෑත් දිගු කිරීමක් පමණයි. කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් ‘‘පැරඩයිස්’’ චිත්‍රපටයේ නෑ.
මෙහි මූලික සිදුවීමත් ශ්‍රී ලංකාවේ. රූගත කිරීම් සම්පූර්ණයෙන්ම සිදුවන්නෙත් ශ්‍රී ලංකාවේ. ඒ වගේම මෙය ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරයකුගේ ප්‍රකාශනයක්. එක අතකින් එය ලාංකීයයි. ඒ වගේම චිත්‍රපටයේ නිෂ්පාදනයට මූල්‍ය දායකත්වය ලැබුණේ කේරළයේ නිව්ටන් සමාගමයි. මෙය ඉතා හොඳ තත්ත්වයක්. තවදුරටත් අපි භාෂා හෝ දේශ සීමාවලින් හිරවෙන්නේ නැතුව ලෝකයත් සමඟ ගනුදෙනු කරනවිට මෙවැනි තත්ත්ව ඇතිවෙනවා. ඉතින් ඒ තත්වය මම විශ්වාස කරනවා. අපේ සිනමාවේ ජයග්‍රහණයක් කියලා.
මම කියන්නේ අපි සිරවී සිටීම ගැන වසර ගණනාවක් තිස්සේ ඔබ සමග සාකච්ඡා කරලා තිබෙනවා. පුවත්පත් කලාවේදියෙක් ලෙස රටේ තිබෙන සිනමාවේ ගැටලු සම්බන්ධයෙන් ඔබ ඒ සඳහා පුවත්පතෙන් විශාල දායකත්වයක් දී තිබෙනවා. මෙය පෞද්ගලික ජයග්‍රහණයක් බව ඇත්ත. මම විශ්වාස කරනවා. පුද්ගලික ජයග්‍රහණය තව කෙනකුට කිසියම් විදිහකට ‘‘මටත් මෙය කළ හැකියි කියා’’ උත්තේජනයක් ඇති කරාවි කියලා.
අපේ අතීතයේ උරුමය සුරකිමින් වර්තමාන සිනමාව ප්‍රවර්ධනය කරමින් අනාගතයේ සිනමාකරුවන් බිහිකිරීමට අවශ්‍ය, තැනින්ම එය පදනම් කරගත් ජාතික ප්‍රතිපත්තියක් විය යුතුයි කියලා. ඒ වගේම බිහිවෙන එවැනි සිනමාකරුවන්ට එවැනි ප්‍රතිපත්තියක් නොමැතිවීම නිසා ඔවුන්ට තනිවම මෙහි පිහිනන්න වෙනවා කියලත් මා ඔබට මීට පෙර කියා තිබුණා. එය ඇත්ත. මට කළ හැක්කේ මගේ ප්‍රකාශනය පවත්වාගෙන යන අතර ඒ ප්‍රකාශනය පුළුල් කරන අතරම මේ අරමුණුවලට පෙනී සිටීමයි. අපේ හඬගෑම දිගටම කළ යුතුයි, කර්මාන්තයක් වශයෙන් සිනමාව ඉදිරියට යන්න නම් ලංකාවේ.
අපි අප දෙසත් හැරී බැලිය යුතුයි. අපේ සැබෑ අරමුණු මොනවාද? අප කොතෙක් දුරට ඒ අරමුණු සඳහා පෙනී සිටිනවාද? ඒ සඳහා අපි මුළු ජීවිතයම කැප කරන්න සුදානම්ද? මම හිතන්නේ අපට එවැනි කැක්කුමක් සහිත ඒ සඳහාම ජීවිතය කැපකළ සිනමාකරුවන් පිරිසකුත් අවශ්‍යයි. ඒ අය කළ යුතුයි. මේ මොහොතේ චිත්‍රපටයක් වෙනුවෙන් සිනමාකරුවෙක් ලබන ජයග්‍රහණය වෙලාවක මේ හැමදා අඬන අඳෝනාවෙන් අවතක්සේරු කරන්න එපා. මොකද අපි කමිටු ගණනාවක වාඩිවෙලා තිබෙනවා. ඒ කමිටුවලින් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. සිනමාකරුවන්ට ප්‍රතිපත්ති යෝජනා කළ හැකියි. එහෙත් එය නිර්දේශ කළ හැක්කේ රජයකට පමණයි. මෑතකදී මේ සිනමාව සම්බන්ධයෙන් පැවති කමිටුවකදී මම අදහස් ඉදිරිපත් කරමින් ඒ යෝජනා නැවත ඉදිරිපත් කර තිබෙනවා. ඒ ගැන මම දකින ලොකුම අඩුව තමයි හැමෝම හිඟන්නාගේ තුවාලය විකුණන් කනවා මිසක ඇත්තම ප්‍රශ්නයට උත්තර දෙන්න ගියාම ඒ කිසිදු කෙනෙක් කැපකිරීමක් කරන්න සුදානම් නෑ.
බෙදාහැරීමේ සමාගම්, ජාතික චිත්‍රපට සංස්ථාව, සිනමා අධ්‍යක්ෂවරුන් යම් කැපකිරීමක් කරලා පොදු අරමුණක් වෙනුවෙන් එක තැනකට පැමිණිය යුතුයි. කකුලෙන් ඇදීම පක්ෂ දේශපාලනය, තව කෙනෙක්ට ගෞරවය යයි කියලා අකුල් හෙළීම යනාදිය නැවැත්විය යුතුයි. ලංකාවේ කරුමෙ තියෙන්නේ මේ අෙඬා්වැඩියාවයි. මගේ මුළු ජීවිතයම සිනමාව වෙනුවෙන් කැප කරලා තියෙනවා. ඒ කැපකිරීමේ ප්‍රතිඵලයක් තමයි ‘‘පැරඩයිස්’’. සිනමාව කෙරෙහිම යොමුවෙලා සතත්‍යාභ්‍යාසයන් ලබමින් තමයි මෙතැනට ඇවිත් ඉන්නේ. ‘‘එවැනි නිර්මාණකරුවෙක් නිර්මාණයක් කළාම දුර්මුඛ කරන්න එපා. කරුණාකරලා ඒක කරන්න එපා.’’
(*** සමන්ත යහම්පත්)
2025 අප්‍රේල් 2 වැනිදා, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් 90කින් පමණ එක්සත් ජනපදයට ආනයනය කරන සියලුම භාණ්ඩ සඳහා සියයට 10ක මූලික තීරුබදු ඇතුළුව ආන
කැනඩාවේ නව ලිබරල් පක්ෂ නායක මාර්ක් කාර්නි 2025 මාර්තු 14 වැනි දින කැනඩාවේ 24 වැනි අගමැති ලෙස වැඩ භාර ගත්තේය. 1965 මාර්තු 16 වැනි දින උපත ලැබූ කාර්නි, කැනඩා බැංකුවේ
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වැලිගම ප්‍රදේශයේ පැවැති පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී කරන ලදැයි කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් චම්
අනුර කුමාර දිසානායක මහතා, ජනාධිපති ධුරය බාර ගැනීමෙන් පසු, පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගත්තේ අසල්වැසි ඉන්දියාවය. ඒ අනුව, පසුගිය 2024 දෙසැම්බරයේ, නවදිල්ලි
ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාස
ශ්රී ලංකාවේ මෑත කාලයේ සහල් අර්බුදයක් පැන නැගී ඇති අතර, එයට විසඳුම් ලබා දීමට රජය අපොහොසත් වී ඇත. අපේ ප්‍රධාන ආහාරය සහල් වන අතර, තුන් වේල බත් කන ජාතියක් සි
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
අපේ කරුමේ අඬෝවැඩියාවයි
sam Sunday, 30 June 2024 11:17 PM
බෙදාහැරීමේ සමාගම්, ජාතික චිත්‍රපට සංස්ථාව, සිනමා අධ්‍යක්ෂවරුන් යම් කැපකිරීමක් කරලා පොදු අරමුණක් වෙනුවෙන් එක තැනකට පැමිණිය යුතුයි. සියලු පාර්ශවයන් එක්ව සැලසුමක් සකර කර පොදු අරමුණක් වෙත පැමිණිය යුතුවේ. ඒ සදහා ඔවුන් විසින් අරමුදලක් පිහිටුවා ගත යුතුවේ. එම අරමුදල සිනමා කර්මාන්තය වෙනුවෙන් යොදවා ගැනීම සිදුවිය යුතුවේ. සිනමා අධ්‍යක්ෂවරුන් සදහා මෙම අරමුදලින් මුදල් ලබාගැනීමට හැකියාව ලබාදී සිනමා කර්මාන්තයෙන් ලැබෙනා අදායමෙන් % ප්‍රමාණයක් මෙම අරමුදල වෙත බර කර එම අරමුදල පවත්වාගෙන යායුතුවේ. වර්තමානයේ සිදුවන්නේ මුදල් තිබෙනාවූ පුද්ගලයන් චිත්‍රපටයක් නිස්පාදනය සදහා මුදල් වියදම් කර සියලු ලාබයන් ඔවුන් සතු කර ගැනීම නිසා සිනමා කර්මාන්තය කඩාවැටී ඇත. කලවා පවත්වාගෙන යාමට නම් සියල්ලෝම කලාව වෙනුවෙන් සහ එය කලාත්මකව පවත්වාගෙන යාමට මැදිහත්විය යුතුවේ සහ ඔවුන්ගේ දායකත්වය ලබාදිය යුතුවේ.