IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අපේ ගුණේ

ජ්‍යෙෂ්‍ඨ මාධ්‍යවේදී ඩබ්ලිව්.ජී. ගුණරත්නයන්ගේ අභාවය නිමිත්තෙන් පළවන ලිපියකි. මේ ලෝකය රඟමඩලකි. අපි එහි රඟන නළු නිළියෝ වෙමු. මේ සිද්ධාන්තය අනුව යමින් ඩබ්ලිව්.ජී. ගුණරත්න නම් වූ විශිෂ්ට ගණයේ මාධ්‍යවේදියා සිය ජීවිත රඟ මඬල නිමා කරමින් පසුගිය 17 වැනිදා අලුයම සිය චරිතාපදානය නිමා කළේය.

ඩබ්ලිව්.ජී. ගුණරත්නයන් ජීවිතයේ දුක සැප සමබරව විඳ වින්දනීය ජීවිතයක් ගත කර හේ සිය දිවි සැරිය නිමා කළේය.

ඔහු ජීවිතය සැහැල්ලුවෙන් විඳගත් පුද්ගලයෙකි. ඔහු සිංහල සහ ඉංග්‍රීසි භාෂාවේ විශිෂ්ට නිපුණතාවක් පෙන්නුම් කළ පුද්ගලයෙකි. සිංහල භාෂාව සමග මොන තරම් වචන හරඹයක් කළ හැකි ද යන්න මැනවින් පෙන්වා දුන් ලිපිය වූයේ පසුගිය යුද සමයේ සෑම සඳුඳාවකම ඔහු විසින් පරිවර්තනය කළ ආරක්ෂක ලිපියයි.

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදී ඉක්බාල් අතාස් මහතා විසින් ලියනු ලබන ආරක්ෂක තත්ත්වය පිළිබඳ ලිපිය දිනපතා ලංකාදීප පත්‍රයට පරිවර්තනය කළේ ඩබ්ලිව්.ජී. ගුණරත්නය. සන්ඩේ ටයිම්ස් ලිපියට ලැබෙන පාඨක ප්‍රතිචාරයම සිංහලෙන් පළ කළ ලංකාදීප ලිපියට ද ලැබුණේ ඔහුගේ වචන හරඹය නිසාය. ඔහු එතරම් ප්‍රාමාණික උගතකු බව පෙන්වා දුන්නේ එවැනි ලිපි පාඨකයන්ට ඉදිරිපත් කරමිනි.

ඔහු මට මුලින්ම හමුවන්නේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ රැස්වීම් ආවරණය කිරීමේ අවස්ථාවකදීය. ඔහු එයට සහභාගි වූයේ ජනාධිපති මාධ්‍ය අංශය වෙනුවෙනි. ඔහු ඊට කලින් දිනමිණ පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස සේවය කළ බව දැන සිටියෙමි. ඒ දැනහැඳිනුම තව වැඩි දියුණු වූයේ ලංකාදීප පුවත්පතට සම්බන්ධ වීමෙන් පසුවය.

ලංකාදීප පුවත්පත වෙනුවෙන් අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාග ආවරණය කිරීම සඳහා ඔහු මුලින්ම සහභාගි විය. ඒ, ඉතාම කෙටි කලක් වෙනුවෙනි. පසුව ඔහු ලංකාදීප ප්‍රාදේශීය ප්‍රවෘත්ති කර්තෘ ලෙස සේවය ආරම්භ කළේය. ඔහු එහි රාජකාරි කරමින් සිටියදී ඔහු යටතේම ලංකාදීප එසැණ වෙබ් අඩවිය ආරම්භ විය. සමාරම්භක කර්තෘවරයා ලෙස එසැණ පුවත් වෙබ් අඩවිය වටා ශ්‍රාවකයන් දහස් ගණනක් කැඳවාගෙන ඒමට ඔහු සමත් විය. එකල ලංකාදීප එසැණ පුවත් අතිශය ජනප්‍රිය වෙබ් අඩවියක් බවට පත්විය.

ඔහු ඒ තරම් දක්ෂයෙක් විය. සැබෑවටම දක්ෂයෙක් විය.
ඔහු කාර්යාලයේ සෑම සේවකයකු සමගම සුහදව සිටියේය. ඔහුට සතුරන් සිටි බවක් මා දැන සිටියේ නැත.

ඩබ්ලිව්.ජී. ගුණරත්න යනු නවකයකුට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති පුද්ගලයකු බව කිව යුතුය. ඔහු වෙලාවට වැඩ කටයුතු අරඹන, අවධානයෙන් වැඩ කරන මාධ්‍යවේදියෙකි. ඔහුගේ ඇස් උකුස්සකුගේ ඇසකට වඩා තියුණුය. ප්‍රවෘත්තියක ඇති සංවේදී බව හොඳින් වටහාගෙන උකහාගෙන පාඨකයන්ට ඉදිරිපත් කිරීමට ඔහු තුළ තිබූ හැකියාව ඉස්තරම්ය.

ඩබ්ලිව්.ජී. ගුණරත්න තම වෘත්තීමය රාමුව තුළ සැරිසරමින් රට වෙනුවෙන් කළ යුතු උපරිම සේවය ඉටු කළ බව කිව යුතුය. දහසකුත් එකක් දුක් කම්කටොලු සහ සැප විඳ ගනිමින් මේ ජීවත කතරින් නික්ම ගියේ ජීවිතය පිළිබඳ අනිත්‍ය දහම ද පසක් කරමිනි.

ඩබ්ලිව්.ජී. ගුණරත්න මහතා පැතූ උතුම් බෝධියෙන් සැනසී නිවාලන්නට හේතු වාසනා වේවායි පතමි.

(***)
රත්නපාල ගමගේ



අදහස් (0)

අපේ ගුණේ

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 420 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 201 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 67 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4104 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12558 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 661 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38212 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25166 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 839 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 294 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site