IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අභියෝග තුනක් අභියස

මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ මේ මොහොතේ රට හමුවේ තිබෙන අභියෝග තුනක් පිළිබඳවය. වෙනත් ලෙසකින් ගතහොත් මේ අභියෝග තුන ආණ්ඩුවේ පැවැත්ම තීරණය කරන්නට හැකියාව තිබෙන මට්ටමේ බරපතළ ඒවාය. ඒ නිසාම මේ පිළිබඳව සාකච්ඡා කිරීම අතිශයින්ම කාලෝචිතය.

කෙටියෙන් පැවසුවහොත් මේ මොහොතේ ආණ්ඩුව හමුවේ තිබෙන එක් අභියෝගයක් වන්නේ නිල කාලය නිමාවෙමින් තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීමය. දෙවැනි අභියෝගය වන්නේ ජනාධිපතිතුමා ප්‍රකාශ කරන ආකාරයට ලබන වසරේ පෙබ. 04 දිනට පෙර උතුරේ ගැටලුව විසඳීමට මූලික පියවර කීපයක් ගැනීමය. තුන්වැනි අභියෝගය වන්නේ රටේ ආර්ථිකය යම් ආකාරයක ස්ථාවරවත්වයකට ගෙන ඒමට හැකියාවක් තිබේද? යන කාරණයය.

මේ අභියෝග තුන සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධානීන් අතරවත් එක සමාන කියවා ගැනීමක් නැත. ජනාධිපතිවරයාට තමන්ගේම යැයි මතයක් ඇති බවක් පෙනෙන නමුත් පොහොට්ටුවේ බොහෝ නායකයන් හැසිරෙන්නේ මේ පිළිබඳව කිසිම අයුරක් නැති ගානටය. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් යන දෙදෙනාම පාර්ලිමේන්තු බලයක් සහිත පක්ෂයට පිටින් පත්වූ විටක ඇති විය හැකි විසිරුණු තත්ත්වයක් ඇතිවී තිබෙන බව ඉතාමත් පැහැදිලිය.. ජනාධිපතිතුමාගේ එජාපය වෙනමම ගතහොත් පාර්ලිමේන්තු නියෝජනයක් නැති ගානය. අගමැතිතුමාගේ මහජන එක්සත් පෙරමුණ ගත්තත් ඒ පක්ෂයට ඍජුවම ඇත්තේ මන්ත්‍රී ආසන 03ක්ය.

මේ නායකයන් දෙදෙනාටම පිහිට පතන්නට සිදුවී තිබෙන්නේ පොහොට්ටුවේ දේශපාලන බහුතරය වෙතින්ය. ඒ නිසාම මේ නායකයන් දෙදෙනා තනි තනිව ගනු ලබන තීරණ එතරම් ශක්තිමත් ඒවා නොවන බව පැහැදිලිය. එක් වරක් ඉන්දියාවේ ද මෙවැනි තත්ත්වයක් උද්ගත වූ බව සමහරුන්ට මතක ඇත.

චන්ද්‍රසේකර්, දේව් ගවුඩා, ඉන්ද්‍ර කුමාර් ගුජරාට් වැනි නායකයන් ගණනාවක්ම ‘‘ආවෝ-ගියෝ’’ දේශපලනයක් ඉන්දියාවේ සිදුවුණේ ඒ කාලයේය. ලංකාවේත් දැන් තියෙන්නේ ඒ වගේ තත්ත්වයක්ය. මෙහි වෙනස ඇත්තේ ‘‘ආවෝ’’ සඳහා විවිධ ‘‘ඩීල්’’ ක්‍රියාත්මක වෙන බැවින් ‘‘ගියෝ’’ තවමත් සිදු නොවී තිබීමය.

මා සාකච්ඡා කරන්නට යන මේ අභියෝග තුන විසඳන ආකාරය අනුව ආණ්ඩුවේ පැවැත්මද තීරණය වන බව මගේ අදහසය.

පළාත් පාලන මැතිවරණය

පළාත් පාලන ආයතනවල නිල කාලය නිමා වූයේ මීට මාස 10කට පමණ පෙරය. පළාත් පාලන පනතට අනුව විෂය භාර අමාත්‍යවරයාට එහි නිල කාලය වසරක් දීර්ඝ කිරීමේ හැකියාවක් ඇත. ඒ අමතර වසරක කාලය ද ලබන මාර්තු 30 වැනිදා වන විට නිමාවට පත්වේ.

පනතට අනුව මැතිවරණ කටයුතු මාස 06 පෙර සිටම ආරම්භ විය යුතුය. මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ නිර්වචනයට අනුව මේ වන විටත් ඒ යාන්ත්‍රණය (Process) පනත හරහා ආරම්භ වී ඇත. එවැනි තත්ත්වයක පළාත් පාලන මැතිවරණය නිශ්චිතවම පැවැත්විය යුතුය. මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුත්තක්ද ගොනු වී ඇති නිසා මා ඒ ගැන වැඩි දුරට සාකච්ඡා කරන්නේ නැත. එහෙත් මේ මැතිවරණය සමග සම්බන්ධ දේශපාලනමය තත්ත්වයන් සාකච්ඡා කළ යුතුව ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ අපේ රටේ විශාල දේශපාලන කුණාටුවකට පසුව බව හැමෝම දන්නා කාරණයක්ය. ඒ නිසාම මේ මැතිවරණය යනු ‘‘කුණාටුවෙන් පසු කෑලි ඇහිලීමට’’ සිදුවන ආකාරයේ එකක් බව පැහැදිලිය.

2019 ජනාධිපතිවරණයේ ජනමතය මේ වන විට සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත. 2020 පාර්ලිමේන්තු ජනවරමත් ව්‍යුහාත්මකව පැවතුනත් ගුණාත්මකව එය ද සම්පූර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇති බව මගේ මතයයි. ඒ නිසාම මේ පළාත් පාලන මැතිවරණය රටේ පැවැත්වෙන ජනමත විචාරණයක් බවට පත්වීමේ විශාල ඉඩක් ඇත. ආණ්ඩුව ඒ සඳහා මැළිකමක් දක්වන්නේත් ඒ නිසාම විය යුතුය.

මේ වනවිට වෙනස් වී ඇත්තේ ජනතාව තුළ ආණ්ඩුව පිළිබඳව තිබූ පිළිගැනීම පමණක් නොවේ. මෙරට මධ්‍යස්ථ ජනතාව තුළ අරගලය යැයි කියූ දේශපාලන තර්කය සම්බන්ධයෙන් තිබූ පිළිගැනීම ද වෙනස් වී ඇත. අරගලකාර දේශපාලනය යනු හුදු මුග්ධත්වය හා ම්ලේච්ඡත්වය කැඳවන එකක් නම් එවැනි දෙයක් පිළිගැනීමට රටේ බහුතර ජනතාව සූදානම් යැයි මා සිතන්නේ නැත.

ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ පද්ධතිය මේ වන විට තිබෙන්නේ බරපතළ අර්බුදයකය. 2015 සිට මේ තත්ත්වය ආරම්භ විය. 2020 මහ මැතිවරණයේදී එහි එක් වර්ධනීය අවස්ථාවක් මතු විය. එනම් ප්‍රධාන පක්ෂ 02 ලෙසින් තිබූ ශ්‍රී.ල.නි.පය සහ එ.ජා.ප.ය යන පක්ෂ 02 කම සේදී යාමය. 2022 සිදු වූ බහුජන අරගල ක්‍රියාකාරීත්වය හේතුවෙන් අනෙකුත් සෑම පක්ෂයක්ම අර්බුදයට ගොස් ඇති බව ඉතාමත් පැහැදිලිය.

මගේ නිරීක්ෂණය වන්නේ පැරණි දේශපාලන පුද්ගල චරිතවලට සමාජයේ තිබෙන්නේ ඉතාමත් පුංචි පිළිගැනීමක් බවයි. නිශ්චිතවම කිවහොත්, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රී, ගෝඨාභය සහ රනිල් යනු අනාගතයේ මෙරට දේශපාලනයේ සන්නාමගත (Brand) නාම නොවන බව මගේ නිරීක්ෂණයයි. මේ ප්‍රකාශයෙන් කවුරුවත් කලබලයට පත් විය යුතු නැත. ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් ආරම්භ වන කාලය තුළ මේ උපන්‍යායයන් තහවුරු කෙරෙනු ඇති බව ඉතාමත් පැහැදිලිය.

මේ පළාත් පාලන මැතිවරණය දේශපාලන වශයෙන් විශාල වැදගත්කමක් ගන්නා හෙයින් ඒ පිළිබඳව ශක්තිමත් සාකච්ඡාවක් රට තුළ ඇති විය යුතුය. ඒ සාකච්ඡාව හුදු අලංකාරිකවලින් මිදී බුද්ධිමය පදනමක් වෙත තල්ලු කළ යුතුය. රට දේශපාලන වශයෙන් කැළති ගොස් තිබෙන මේ මොහොතේ හැඟීම්බරව පහර දෙන්නට ගොස් සියලු ජයග්‍රහණවලට එරෙහි (Anti establishments) නාස්තක බලවේග පෝෂණය කිරීමක් සිදු නොකළ යුතු බව මගේ යෝජනාවය. වතුර විසි කරන්නට ගොස් බබාවත්, බේසමත් දෙකම කැළයට විසි නොකරන්නට වග බලා ගත යුතු බව මගේ ප්‍රකාශයේ තේරුමය.

යටත් විජිත පාලනයෙන් පසු ඇති වූ මෙරට දේශපාලනයේ බොහෝ දේ වෙනස් විය යුතුව ඇති බව සැබෑවක්ය. එහෙත් මෙරට සමාජයේ පදනම් සාධක වශයෙන් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය සහ වෙළඳපොළ ආර්ථික ක්‍රමය (Democracy and Market Economy) ආරක්ෂා කර ගත යුතුය.

උතුරේ ප්‍රශ්නයට විසඳුම

මේ දිනවල මතුවී තිබෙන දෙවැනි බරපතළ දේශපාලන අභියෝගය වන්නේ උතුරේ ගැටලුවට විසඳුමක් සොයන්නට ජනාධිපතිතුමා විසින් ආරම්භ කරනු ලැබ තිබෙන සාකච්ඡාවය. එතුමා කුමන දේශපාලන අභිමර්ථයක් වෙනුවෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් සොයන්නට යනවාදැයි මා දන්නේ නැත. ඒ කුමන අර්ථයෙන් ගත්තත් මේ කාරණය සඳහා අත ගැසීම ඉතාමත් වැදගත්ය.

යටත් විජිත පාලනයෙන් පසුව අපි හදන රට කුමක්ද? යන ප්‍රශ්නය අපට තවමත් විසඳා ගන්නට හැකියාව ලැබී නැත. මේ තත්ත්වයට සිංහල නායකයන් සහ දෙමළ නායකයන් යන දෙගොල්ලෝම යම් දුරකට වග කිව යුතුය. මේ ප්‍රශ්නය විසඳා ගන්නේ නැතිව රටක් ලෙසින් ශක්තිමත් අනාගතයක් නිර්මාණය කර ගැනීමේ හැකියාවක් අපට නැත. ඒ නිසාම මේ ප්‍රශ්නය සාකච්ඡාවට ගැනීම ඉතාමත් වැදගත්ය. 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සීමාව තුළ මේ ගැටලුව විසඳා ගත හැකි නම් එය ඉතාමත් වැදගත් උත්සාහයක් බව මගේ යෝජනාවය.

පළාත් පාලන මැතිවරණ විකට්ටුව පැත්තෙන් ජනාධිපතිතුමා සිටින්නේ අවදානම් කලාපයක යැයි මම මීට පෙර සඳහන් කළෙමි. මගේ අදහස වන්නේ උතුරේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ඉදිරියට දමා ඇති පන්දුව ඉතාමත් බරපතළ හා ධනාත්මක එකක් බවය. මෙයට අනෙකුත් දේශපාලන නායකයන් හා පක්ෂ මුහුණ දෙන්නේ කෙසේද යන්න විමසිල්ලෙන් බැලිය යුතු වන්නේ ඉදිරි මැතිවරණ දේශපාලනයේ උතුරේ චිත්‍රය වෙනස් වන්නට මේ උත්සාහය හේතු විය හැකි නිසාය.

මැතිවරණ දේශපාලනය පැත්තකින් තැබුවත්, මේ රටේ ස්ථාවර හා සමෘද්ධිමත් අනාගතයක් වෙනුවෙන් රට තුළ ජනවර්ග අතර අර්බුද විසඳා ගැනීම අනිවාර්ය බව මගේ අදහසය. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපි සිටින්නේ කලාපයේ අනෙක් රටවලට වඩා පසු පසින්ය. භාෂා 35 සහ සංස්කෘතික අනන්‍යතා රාශියක් සහිත ඉන්දියාව එක් ශක්තිමත් රාජ්‍යයක් ලෙසින් ලෝක දේශපාලනයේ ‘‘හයිකාරයෙක්’’ වෙද්දී භාෂා 02ක් තිබෙන පුංචි රටක් වන අප තවමත් සිටින්නේ 1933 රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දේශපාලන ස්ථාවරයේවීම විහිළුවක් නොව ඛේදවාචකයක්ය.

1933 ව්‍යවස්ථාදායක මණ්ඩලයේ ජී.ජී. පොන්නම්බලම් මහතා සහ පිලිප් ගුණවර්ධන මහතා විවාද කළ කාරණය ඊට වසර 89 පසුව පොන්නම්බලම්ගේ සහ ගුණවර්ධනගේ මුණුපුරන් දෙදෙනාද පාර්ලිමේන්තුවේ වාද කරන්නට වෙන තත්ත්වයකට අප පත් වී තිබෙන බව සංකේතාත්මකව පෙන්වන්නේ මේ ඛේදවාචකයේ තරමය.

මේ අර්බුදයෙන් ගොඩ ඒමට දරන උත්සාහය ශක්තිමත්ව බාරගත යුතුවා පමණක් නොව ඒ සඳහා ධනාත්මකව සහභාගි විය යුතු බව මගේ යෝජනාවය.

ආර්ථිකයේ තත්ත්වය

මෙවර ලිපියේ ආර්ථික අභියෝගය අවසානයට පොදුවේ එහි ඇති බලපෑම හෝ අදාළත්වය පහළට වැටී ඇති නිසා නොවේ. ආර්ථිකමය වශයෙන් රට වැටී ඇති අගාධය තෙරක් නොපෙනෙන තරම්ය. එය ගොඩ ගැනීමේ කෙටිකාලීන වැඩසටහන් යොදමින් ‘‘එදා වේල පිරිමසා ගැනීමෙන්’’ එහාට යමක් කරන්නට මේ රජයට හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැත.

රටට නව බලාපොරොත්තුවක් සහිතව ජනවරමකින් පත්වන පාලනයක් නොමැතිව ආර්ථික ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සිදු කළ නොහැකිය. ඒ නිඅසා වත්මන් රජයට කිසිදු ආර්ථික ප්‍රතිසංස්කරණයක් හුදු යෝජනා කිරීමෙන් එහාට ගෙන යාමේ හැකියාව ඉතාමත් අල්පය.

අනෙක් අතට පොහොට්ටුවේ ප්‍රධානීන් සිටින්නේ මේ ආර්ථික අර්බුදය ගැන හරි හමන් තේරුම් ගැනීමකින් නොවන බව මගේ අදහසය. පරණ හණ මිටි අදහස් සහ මුග්ධභාවයේ ප්‍රකාශනවලින් එහාට ගිය නව දැක්මක් ආණ්ඩුවේ බොහෝ අයගේ ප්‍රකාශ තුළින් ඉදිරිපත් වන්නේ නැත.

ඒ නිසාම ආර්ථික අර්බුදය ජයගත හැක්කේ නව දැක්මක් හා නව ජනවරමක් හරහාය. එතෙක් සිදුකරන තාවකාලික, සිල්ලර විසඳුම් පිළිබඳව වැඩි යමක් මේ සටහන තුළ සාකච්ඡා කිරීමේ ඉඩක් නැත.

රට හමුවේ ඇති අභියෝග 03ක් ලෙසින් පළාත් පාලන මැතිවරණය, උතුරේ ප්‍රශ්නයට විසඳුම් සෙවීම සහ ආර්ථික අර්බුදය යන කාරණා හමුවේ ආණ්ඩුවේ උපාය මාර්ග දෙස සමාජය විමර්ශනශීලීව බැලිය යුතු බව මගේ මේ සතියේ කිවිදා දැක්මය.


මහාචාර්ය චරිත හේරත්



අදහස් (4)

අභියෝග තුනක් අභියස

mangala Friday, 16 December 2022 02:48 PM

නැති ප්‍රශ්නයකට උත්තර සහ ජාතිවාදී දෙමළ දේශපාලුවන්ට කප්පම් දෙන්න රනිල්ට ජනතා කැමැත්තක් දීලා නැහැ. ලැජ්ජා නැතුව මන්ත්‍රී වුණා... ජනාධිපති කම පික්පොකට් ගැහුවා දැන් එනවා බලය බෙදන්න... කරන්න ඕනෑ මේ රට ආර්ථික වශයෙන් සහ නීතිමය වශයෙන් හරි මඟට ගන්න එක. කරන්නේ නැත්තෙත් ඒකමයි. පළාත්සභා අහෝසි කර මොන සභාවක් වත් නැතුව සියලුම රජයේ ආයතනවලින් කෙරෙන කාර්යයන් ඔන්ලයින් කරන පහසුව ඇතිකර ජනතාව රස්තියාදු නොකරන පාලන ක්‍රමයක් ඇති කළාම ඇති.

:       5       4

Gamunu Friday, 16 December 2022 06:44 PM

කුණාටුවක් පැමිණීමට පෙර සොබාදහම විසින් පරිසරයට ලබාදී තිබෙන්නා වූ දැඩි නිසල බව නිහඬත්වය අවබෝධ කරගත යුතුවෙමු. ශ්‍රී ලංකාව රටක් වශයෙන් මේ පැමිණ තිබෙනුයේ එවැනි තත්වයකි. මෙහි පළකර තිබෙන්නා වූ ඡායාරූපය පිළිබඳව විමසිලිමත්ව අධ්‍යයනය කළහොත් දැඩි නිසල බව සහ නිහඬත්වයේ ප්‍රබලත්වය තේරුම් ගත හැකිවනු ඇත...

:       1       2

sirisena Sunday, 18 December 2022 05:44 AM

ලංකාවේ මෙතරම් ආර්ථික උපදේශකයන්, විශාරදයන් මාධ්‍ය මගින් අදහස් සහ තර්ක ඉදිරිපත් කරති. එසේ සිටියදී සහ තිබියදී රටේ ආර්ථිකය සහ සමාජීය අර්බුද පැනනැගීම සහ විසදුම් නොමැතිවීම කණගාටුවට කරුණකි. පාර්ලිමේන්තුවේ සිටිනා බොහෝ දෙනෙකු වෙනත් රැකියාවන් කර නොමතිනිසා ඔවුන්ට දේශපාලනය හැර වෙනත් රැකියාවක් කල නොහැක. එමනිසා කෙසේ හෝ ජනතව රවටමින් බලයේ රැදී සිටීමට දැඩි උත්සහයක නිරතව සිටි. රැකියාවන් කල පිරිස් දේශපාලනයට පැමිණ ඔවුන් සමග දේශපාලනය කල නායකයන්ට සියලු චෝදනා කරමින් මොවුන් චෝදනාවලින් නිදහස් වීමට මෙම පිරිස උත්සහ කරමින් සිටි. නායකයා අසමත්වීම නිසා mowun දේශපාලන මතය වෙනස් කර වෙනත් මත ඉදිරිපත් කරමින් ජනතව ඇන්දවීමේ හෝ රැවටීමේ දේශපාලනයක් රටතුල මේ වනවිට ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙතෙක් ලංකාවේ තිබු අවස්ත්වාදී සහ වරප්‍රසාද වෙනුවෙන් පවත්වාගෙන ගියාවූ දුෂිත දේශපාලනය නුදුරේදීම අවසන් කිරීමට ජනතව පෙළ ගැසෙමින් සිටි.

:       0       0

sirisena Sunday, 18 December 2022 05:46 AM

වර්තමාන පාර්ලිමේන්තුවේ සිටින දේශපාලකයන් හට ජනතවගේ ගැටළු විසදීමට ජනතව ලබාදී තිබු කාලය ( වසර ගණනාවක්) අවසන් වෙමින් තිබේ. මේවනවිට උතුරේත් දකුණේත් සිටින දේශපාලකයන් කෙරෙහි ජනතවගේ කිසිදු බලාපොරොත්තුවක් නොමතිවන ආකාරයට ඔවුන් ජනතව පිඩනයට ලක්කර තිබේ. රජය සමග එක්ව රජයට සම්බන්දව උතුරු නැගෙන හිර ජනතවගේ ජිවන තත්වය නගාසිටුවීමට එම දේශපාලකයන් හට නොහැකිනම්, රජය උතුරු නැගෙන හිර ජනතව වෙනුවෙන් ඍජු lifeline ( සම්බන්දත්වයක් ) ගොඩනගා ඔවුන්ගේ මුලික අවශ්‍ය තත්වයන් / ගැටළු සහ ඉල්ලීම් ඉටුකිරීමට කට යුතු කරනු ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 1337 1

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 7972 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 463 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


ශාස්ත්‍රීය දියුණුවට දිරිදුන් හාරඹ වලව්ව
2024 සැප්තැම්බර් මස 26 853 0

හාරඹ වලව්ව බලපිටියේ පිහිටි වලව් අතරින් පැරැණිතම වලව්වකි. සිංහල, පාළි, සංස්කෘත, ඉංග්‍රීසී හා ලතින් භාෂා මැනැවින් දැන සිටි ලු‍වී ද සොයිසා විජයසේකර ජයතිල


​ඡන්දයෙන් රටට දුන් පණිවිඩය
2024 සැප්තැම්බර් මස 26 872 1

මෙවර ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයෙහි පැවැති ඉතාම සාමකාමී මැතිවරණයකි. ඒ නිසාම එම සාමකාමී පරිසරය ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන්ගේ ප්‍රසාදයට ලක්


පැවිදි දිවියේ 36 වසර සපුරන තලල්ලේ චන්දකිත්ති හිමියෝ
2024 සැප්තැම්බර් මස 25 459 1

විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක වන තලල්ලේ චන්දකිත්ති හිමියන්ගේ පැවිදි දිවියට අදට (25) වසර 36ක් සම්පූර්ණ වේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37958 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25013 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 277 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site